Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
“මම බැන්නා, ඇයි ගියේ කියලා... බයවෙන්න එපා නවය දහය වෙද්දි එනවා කියලා කිව්වා..” - දිවි රඟමඬලට සමුදුන් පුංචි තිරයේ ආදරණීය අම්මා, හයසින්ත් විජේරත්නගේ අවසන් ඇමතුම ගැන මතකය අවදි කළ ඇගේ සොයුරිය - Video

- “මම බැන්නා, ඇයි ගියේ කියලා... බයවෙන්න එපා නවය දහය වෙද්දි එනවා කියලා කිව්වා..” - දිවි රඟමඬලට සමුදුන් පුංචි තිරයේ ආදරණීය අම්මා, හයසින්ත් විජේරත්නගේ අවසන් ඇමතුම ගැන මතකය අවදි කළ ඇගේ සොයුරිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,502 Views
“මම කිව්වා ඔව් අක්කේ පොඩ්ඩක් රිදෙනවා කියලා...”

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්නගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

ඇය අභාවප්‍රාප්ත වුණේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින්.

පොලිසිය පැවසුවේ ඇය ගමන් කළ වෑන් රථයේ රියදුරට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න, ඊයේ නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරිමක් සඳහා එක්ව තිබුණා.

එම කටයුතුවලින් අනතුරුව ඇය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොත්මලා ඔය දෙසට වූ අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු සහ ඇය පමණයි.

සිද්ධියෙන් ඇයට බරපතළ තුවාල සිදුව තිබූ අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඇය ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ඇය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් වෑන් රථයේ රියදුරුට කිසිඳු හානියක් සිදුව නැති අතර, විමර්ශන සඳහා ලිඳුල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පස්වරුවේ සිදුකෙරුණේ නුවරඑළිය රෝහලේදීයි.

මියයන විට 75 වන වියේ පසුවූ හයසින්ත් විජේරත්න එක්දරු මවක්.

70 දශකයේ කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය සිනමාවත්, පුංචි තිරයත් වේදිකාවත් ජයගත් නිර්මාණශීලි රංගන ශිල්පිනියක් ලෙස හැදින්විය හැකියි.

මෝදර, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය කුඩා කල බලාපොරොත්තු වී තිබුණේ හෙදියක් ලෙස රෝගීන් සුවපත් කිරීමටයි.

කෙසේ වෙතත්, පෙම්බර මධු චිත්‍රපටයෙන් සිනමා තිරය ජය ගන්නා ඇය, සිංහබාහු, ඉන්දුට මල් මිටක්, ක්‍රිස්තු චරිතය මෙන්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ හෝගානා පොකුණ ආදී සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම පුංචි තිරය ඔස්සේ විවිධ චරිත රැසකින් ප්‍රේක්ෂක සිත්තුළ සදා අමරණීය රංගන ශිල්පිණියක් වන්නට ඇය වාසනාවන්ත වුණා.

බොහෝ ටෙලිවෘතාන්ත වල ඇය අම්මාගේ චරිතය මෙන්ම, වලව්වේ හාමිනේගේ චරිතයත්, ආච්චිඅම්මාගේ චරිතයත් රඟපෑ අතර, ආගම දහමට බොහෝ ලැදි ඇය රගපෑ ඇතැම් චරිතවලින් සපුරාම වෙනස් මිනිස්කමෙන් පිරි රංගන ශිල්පිනියක් බව සැවොම දන්නා කරුණක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්නගේ දේහය කොළඹට රැගෙන ඒමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top