Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
“විද්‍යා බාලන්ගේ මහත්තයා ඩොලර් බිලියන 30ක සල්ලිකාරයෙක්” - තරුණියන් යොදාගෙන නිල් චිත්‍රපට හැදූ සැමියාගේ කෙරුවාව නිසා ශිල්පා ෂෙට්ටි වැටුනු අමාරුවක තරම, කෝටිපතියන් කරකාර බැන්ඳ, බොලිවුඩ් තරුවල තොරතුරුත් එළියට එනවලූ - Photos

- “විද්‍යා බාලන්ගේ මහත්තයා ඩොලර් බිලියන 30ක සල්ලිකාරයෙක්” - තරුණියන් යොදාගෙන නිල් චිත්‍රපට හැදූ සැමියාගේ කෙරුවාව නිසා ශිල්පා ෂෙට්ටි වැටුනු අමාරුවක තරම, කෝටිපතියන් කරකාර බැන්ඳ, බොලිවුඩ් තරුවල තොරතුරුත් එළියට එනවලූ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,164 Views
යාෂ් රාජ් අයිතිකාරයාට ආදරේ කරපු රාණි මුඛර්ජි....
ජුහි චාව්ලාගේ මහත්තයට හැමතැනම බිස්නස්ලූ...

බොලිවුඩ් කර්මාන්තයේ ඇති විස්මිත බව නිසාම එයට ආකර්ෂණය නොවන කිසිවෙක් නැහැ. සිනමා ලෝකයේ දිදුලන තරු ගැන දැනගන්න හැමෝම වගේ උනන්දු වෙනවා.

මේ වනවිට බොලිවුඩයේ ඉහළ නමක් දිනාගෙන සිටින සුරූපී ශිල්පා ෂෙට්ටිගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා ලොව බොහෝ රටවල මාධ්‍යවල ප්‍රධාන සිරස්තලය බවට පත්ව සිටින බව අමුතුවෙන් ඔබට කිවයුතු වන්නේ නැහැ.

රාජ් කුන්ද්‍රා කියන්නේ ධන කුවේරයෙක් බව හින්දි සිනමාව ගැන දන්න හැමෝම නොදැන ඉන්න විදියක් නැහැ. අපි අද අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ එවැනි ධන කුවේරයන් හා විවාහ වී සිටින බොලිවුඩ් තාරකාවියන් ගැනයි.
රාජ් කුන්ද්‍රා මේ වනවිටත් අසැබි සිනමාපට සකසා එය ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටි බවට චෝදනා ලබා ඉන්දියාවේ ආරක්ෂක අංශයන්හි අත්අඩංගුවේ පසුවෙන බව ඔබ නොදැන ඉන්න විදියක් නැහැ.

අසැබි චිත්‍රපට හදලා අත්අඩංගුවේ
01. ශිල්පා ෂෙට්ටි
බොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙසින් නමක් දිනා සිටින ශිල්පා ෂෙට්ටි කියන්නේ තමන්ටම ආවේණික පෞරුෂත්වයකට හිමිකම් කියන්නියක්. ඇය ධනයෙන් බලයෙන් සහ වත්කම්වලින් අඩුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම ශිල්පාගේ සැමියා ව්‍යාපාරික රාජ් කුන්ද්‍රාගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100ක් පමණ වන බව කියනවා. රාජ් සහ ශිල්පා අයි.පී.එල්. ඉන්දියානු පීමියර් ලීග්හි කණ්ඩායමක් වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කොට තියෙනවා. ශිල්පා වෘත්තිය ජීවිතයේ ඉතාම ඉහළ අඩියක සිටින විට රාජ් කුන්ද්‍රා සමඟින් විවාහ වුණා. මේ වනවිට අසැබි සිනමාපට නිපැදවූ නඩුවට අදාළව ප්‍රධාන විත්තිකරු වී රාජ් කුන්ද්‍රා පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.

ඩොලර් බිලියන 30ක සල්ලිකාරයෙක්
02. විද්‍යා බාලන්
විද්‍යා බාලන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ නිබඳවම ප්‍රශංසාවට පත්වෙන නිළියක් කිව්වොත් එය වඩාත්ම නිවැරදි වෙනවා. ඇයගේ අති දක්ෂ රංගනය ගැන චරිතවලට පණ පොවන අයුරු ගැන ලියන්න සහ කියන්න වචන නොමැති බව ඔබම දන්නවා. කහානී, ද ඩාර්ටි පික්චර්, වැනි සිනමාපටවල චරිතනයන්ට පණ පොවා ඇය තම රසික රසිකාවියන් උමතුභාවයට පත්කළ ආකාරය ඔබට අමතක වෙන්න විදියක් නැහැ. ඒ සිනමාපට නරඹා ඇත්නම්, විද්‍යා බාලන් විවාහවුණේ ප්‍රසිද්ධ සිනමාපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයී කපූර් එක්ක. ඒ වගේම විද්‍යා කියන්නේ සිද්ධාර්ත්ගේ තෙවැනි බිරිඳ බව සමහර විට ඔබ නොදැන සිටින දෙයක් වන්නට පුළුවන්. සිද්ධාර්ත් වෝල්ට් ඩිස්නි සමාගමෙහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කොට තියෙනවා. සිද්ධාර්ත් රෝයි කපූර් කියන්නේ ඩොලර් බිලියන 30ක් වටිනා දේපළක හිමිකරුවෙක්.

රට-පිටරට හැමතැනම බිස්නස්
03. ජුහී චාව්ලා
ඉතාම ජනප්‍රිය ගණයේ හින්දි සිනමාපටවල් මෙන්ම දමිළ සිනමාපටයන්හිද විවිධ චරිතනයන්ට පණ පොවමින් රසිකයින්ගේ ආකර්ෂණය දිනාගත් ජුහී චාව්ලා මේ වනවිට සිනමා රංගනයෙන් මඳක් ඈත්ව සිටියද ඇය තවමත් ධනය කියන සාධකයේදී ඉතා ඉහළ මට්ටමක සිටින කෙනෙක්. ජුහී චාව්ලාගේ සුන්දරත්වයට මිලියන ගණනාවක් රසිකයින් සිටියද ඇයගේ හදවත නැවතුණේ මෙහ්තා ව්‍යාපාර සමූහයේ හිමිකරු ජේ. මෙහ්තා ළඟයි. ජේ. මෙහ්තාගේ ව්‍යාපාර ඉන්දියාවේ පමණක් නොව විදේශීය රටවලද ව්‍යාප්තව තිබෙන බව තමයි කියන්නේ. ඔහු කෝටි ප්‍රකෝටි ගණනක දේපළක හිමිකරුවෙක් බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තාවල විටින් විට පළවී තියෙනවා.

යාෂ් රාජ් අයිතිකාරයාට ආදරේ කරේ
04. රාණි මුකර්ජි
බොලිවුඩ් සිනමා කර්මාන්තයේ නියැලෙන ඉහළම නිළියන්ගේ ලැයිස්තුවට අදටත් රාණි මුකර්ජී තම නම ඇතුළත් කරගෙන ඉන්නවා. කුච් කුච් හෝතා හෛ සිනමාපටයේ ටීනාගේ චරිතයට පණ පොවමින් රාණි බොලිවුඩයේ රන් අකුරින් තම නම සටහන් කරගන්න සමත්වුණා. රාණි තම සහකරු විදියට තෝරා ගත්තේ ප්‍රකෝටිපතියෙක් වන ආදිත්‍ය චොප්රාවයි. හින්දි සිනමා කර්මාන්තයේ සාර්ථකම සන්නාම නාමය වන යාශ් රාජ්හි හිමිකරු ආදිත්‍ය චොප්රා බව හින්දි සිනමාවට ප්‍රියකරන ඔබ නොදැන ඉන්න විදියක් නැහැ. ඔහුට අයත් සමාගම් වාර්ෂිකව බිලියන ගණන් උපයනවා.

චන්දන වරාවිටගේ
"දේශය" පුවත්පතේ "හදසර" අතිරේකයෙන්..

Shilpa Shetty 'fought' her husband during police raid over his 'porn  racket' | Daily Mail OnlineBollywood star Shilpa Shetty's husband Raj Kundra arrest in pornography  case: Celebrities including Kangana Ranaut react | Bollywood – Gulf NewsArjun Mehta Biography, Wiki, Height, Age, Juhi Chawla SonJay Mehta (Businessman) Age, Family, Wife, Biography & More » StarsUnfoldedVidya Balan Says Her Family Took Her To A Doctor After She Started Doing  Crazy Things To Lose WeightSiddharth Roy Kapur and Vidya Balan
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top