Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
“මම ගොඩාක් බයයි දරුවො වඩාගන්න, ඒ කාලවල ගැබිණි මවක් දැක්කත් මට බය හිතුණු අවස්ථා තිබුණා. දැන් ඉතින් දරු නැළවිලි ගී තමයි කියන්නෙ..”- උතුම් මව්පදවියට හිමිකම් කියූ පුංචි තිරයේ අහිංසකාවිය මුතු තරංගා - Photos

- “මම ගොඩාක් බයයි දරුවො වඩාගන්න, ඒ කාලවල ගැබිණි මවක් දැක්කත් මට බය හිතුණු අවස්ථා තිබුණා. දැන් ඉතින් දරු නැළවිලි ගී තමයි කියන්නෙ..”- උතුම් මව්පදවියට හිමිකම් කියූ පුංචි තිරයේ අහිංසකාවිය මුතු තරංගා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,661 Views
“මම හිතන්නේ ටික කාලයක් දරුවා සමග මට ඉන්න වෙයි...”
“පුංචි පුතාට තාමත් නමක් තියලා නැහැ..”

මුතු වරුසාවක් මැද මුතුගේ නිවෙසට පසුගියදා පුංචි තරුවක් එළිය දුටුවා.

ඉතින් මුතුගේ මේ සතුට කිරි සුවඳින් නිවෙස පුරාම පැතිර යන සොඳුරු මොහොත ඒ සතුට ඔබත් සමග බෙදා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පිනී මුතු තරංගාට අපි කතා කළා.

මුතු ඉතින් කොහොමද?
ගොඩාක් සතුටින් තමයි ඉන්නේ.

ඒ සතුට තවත් උතුරා යන්නට හේතුවක් බලපෑවා නේද?
ඔව්… අනේ මගේ පුංචි සමනල් පැටියා පසුගියදා අපේ කැදැල්ලට එකතු වුණා. ඒක තමයි මේ සතුටට විශේෂම හේතුව. මගේ පුංචි පුතාට මගේ මුළු ජීවිතයම දැන් කැප කරලා තමයි තියෙන්නේ.

ඔබේ පුංචි පුතුට ලස්සන නමක් එහෙම දැම්මද?
තවම නමක් හැදුවේ නැහැ. හඳහනට ගැලපෙන විදියට නමක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.

ඔබ දැන් මවක් කියලා හැමදෙනාම කියන කොට ඔබට මොනවගේ හැඟීමක්ද දැනෙන්නේ?
ඒ උත්තරීතර ‘මව්’ පදවි නාමය මට වචනවලින් කියලා නිම කරන්න බැහැ. මේ ලෝකේ අම්මලා වුණු සියලුම දෙනාට දැනුණු හැඟීම මටත් දැනෙනවා. ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මුතුව කාලෙක ඉඳලා නිර්මාණවල දැක්කේ නැහැ. දැන් පුතුගේ වැඩ කටයුතුත් එක්ක නිර්මාණවලින් ඈත්වෙලා යාවිද?
දැන්නම් ඉතින් මොන කාල වකවානුවක මම රඟපාන්න එයිද කියලා මට දැන්ම කියන්න බැහැ. මම හිතන්නේ ටික කාලයක් දරුවා සමග මට ඉන්න වෙයි. හැබැයි මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. කාලයත් එක්ක මට සුදුසු කාලයක් උදාවෙයි නැවැත නිර්මාණවලට සම්බන්ධ වීමට.

ඒ දවස්වල මුතු දරුවන් වඩාගෙන රඟපෑමට බියක් තිබුණා නේද?
ඇත්තටම ඔව්… සමහර නිර්මාණවල මට එවැනි චරිත තිබුණා නිරූපණය කිරීමට. මම බැහැ කියලා කිව්වා. මොකද මම ගොඩාක් බයයි අතදරුවෙක් වඩාගෙන රඟපාන්න. ඒ කාලවල ගැබිනි මවක් දැක්කත් මට බය හිතුණු අවස්ථා තිබුණා. දැන් ඉතින් මගේම කියලා දරුවෙක් ඉන්න නිසා ඒ හැම දෙයටම මම හුරු වෙනවා. එතකොට ඉදිරියේදී එවැනි චරිතයක් වුණත් රඟපාන්න මම බය නැහැ.

දරුවා ලැබීමෙන් පසු මුතු තවත් ලස්සන වෙලා වගේ?
මම එහෙම රූපය ගැන හිතලා වැඩ කරන කෙනෙක් නෙවේ. සරලව ජීවත් වුණු කෙනෙක් මම. පුතා ලැබුණා කියලා මගේ බාහිර ස්වරූපය වෙනසක් වෙලා නැහැ. හිටියා වගේම ඒ විදියටම මම ඉන්නවා.

‘කොවිඩ්’ ප්‍රශ්නත් එක්ක පුංචි බයක් තියෙන්න ඇති නේද?
ඇත්තටම ඔව්… ඒ බය අදටත් තියෙනවා. පුතාව බලන්න ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් ආශාවෙන් බලන් ඉන්නවා. ඉතින් මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නත් එක්ක දැන්ම කවුරුත් ගෙදරට එන්නේ නැහැ. තව මාස කිහිපයකින් විතර මගේ නිවෙස තරුවලින් පිරී ඉතිරී යාවි.

රඟපෑම මඳකට නතර කරපු එකේ ඔබේ ගායන හැකියාවෙන් යමක් කළොත් නරකද?
දැන් ඉතින් දරු නැලවිලි ගී තමයි මම කියන්නේ.

පුතාගේ වැඩකටයුතු මුතුගේ අතින්මද කරන්නේ?
මගේ උදව්වට අම්මාත්, නංගිත් ලොකු සහායක් දෙනවා. ගෙදර උයන, පිහින වැඩකටයුතු නම් කරන්නේ මගේ සැමියා තමයි මේ දවස්වල.

–වසන්ත විතාරණගේ
මෙම උපුටා ගැනීම "මව්රට" පුවත්පතෙන්..

No description available.No description available.No description available.No description available.No description available.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top