Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
31
“...ගොඩාක් ආදරය කරන මට පොඩිකාලේ ඉඳන් ළඟින්ම හිටපු ඔයා... ඔයා කොච්චර නම් ආදරණීය කෙනෙක්ද ? සුබ ගමන් හයසින්ත් ආන්ටි..!” - පුංචි තිරයේ ආදරණීය මව, හයසින්ත් විජේරත්නගේ වියෝව ගැන ජනප්‍රිය තරු තැබූ සංවේදී සටහන් - Photos

- “...ගොඩාක් ආදරය කරන මට පොඩිකාලේ ඉඳන් ළඟින්ම හිටපු ඔයා... ඔයා කොච්චර නම් ආදරණීය කෙනෙක්ද ? සුබ ගමන් හයසින්ත් ආන්ටි..!” - පුංචි තිරයේ ආදරණීය මව, හයසින්ත් විජේරත්නගේ වියෝව ගැන ජනප්‍රිය තරු තැබූ සංවේදී සටහන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,287 Views
“ඔයාගෙන් ඇතිවුන හිස්තැන නම් කවදාවත් නොමැකේවි...!”

“ඒත් ඔය හිනාව, ආදරය හැමදාමත් අපේ හිත්තුළ ඉතිරිවේවි...!”

නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න කලා ලොවේ තරු හඬවමින් ඊයේ දිනයේ සඳහටම නික්ම ගියා.

ඇය ගමන්ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලී යාමෙන් සිදුවූ අනතුරු හේතුවෙනුයි ඇයට දිවි අහිමි වී ඇත්තේ.

මියයන විට 75 වන වියේ පසුවූ ඇය ජාත්‍යන්තර කීර්තියට පත් “හෝ ගානා පොකුණ” ඇතුළු සිනමා නිර්මාණ රැසක රංගනයෙන් දස්කම් පෑ අතර, පෙම්බර මධූ, කරුමක්කාරයෝ, කිරිමධුවැල්, කන්‍යාවි සහ තාරකා මල් වැනි සිනමා නිර්මාණ ඒ අතර වනවා.

මේ අතර, කලා ලොවේ ආදරණීය අම්මා වුනු හයසින්ත් විජේරත්න කලා ශිල්පිනියගේ වියෝවත් සමඟ ජනප්‍රිය තරු බොහෝ දෙනෙක් සංවේදී සටහන් බුකියට එකතු කර තිබුණා.

ඒ අතරින් කිහිපයක් පහතින්...

හසකැලුම් සඟවා තබා හයිසින්ත් අක්කා නික්ම යන්නීය .................................
ප්‍රවීණ චිත්‍රපට, වේදිකා සහ ටෙලි නාට්‍යරංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න අද දින ටෙලිනාට්‍ය රූගත කිරීමක් අවසන් කර නැවත කොළඹ පැමිණෙමින් සිටියදී නුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ සිදුවූ හදිසි රිය අනතුරකින් සිය ජීවන ගමන නිමා කළාය.
සුගතපාල සෙනෙරත් යාපාගේ හඳුන්වා දීමෙන් "පෙම්බර මධු" චිත්‍රපටයේ මේනකා නම්වූ උප ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට එක්වූ ඇය "කරුමක්කාරයෝ", "කිරි මදු වැල්", "ගෙදර බුදුන් අම්මා", සළඹක් හඬයි", "වන බඹරා", "විජය ගීතා", "ක්‍රිස්තු චරිතය", "ඉන්දුට මල් මිටක්", "තුන්වැනි යාමය", "සුරබිදෙන", "බිතු සිතුවම්" වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.
මෑතකදී ඇය කළ චරිත අතර "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ ගුරුගෙදර හාමිනේ, "අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ" චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ මව සහ "අප්පට සිරි" චිත්‍රපටයේ ප්‍රහසනාත්මක චරිතය වැනි චරිතයන් මතකයේ රැඳේ.
හයිසින්ත් අක්කාගෙ ආදරණීය සැමියා අයිවන් විජේරත්න ගැන මගේ මතකය අතීතයට දිව යයි. ඒ, මගේ පියාගේ බාල සොයුරෙකු වන අර්වින් බාප්පා සහ ඔහු එකට සේවය කර ඇති අතර, එකල අර්වින් බාප්පා හයිසින්ත් අක්කා සහ ඇගේ සැමියා ගැන විස්තර පවසනවා මතකය.
වෛද්‍ය සංජය හෙයියන්තුඩුවගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සමස්ථ ලංකා වකුගඩු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකාවක් වන හයිසින්ත් අක්කා, පොහොය දිනයන්හි කැළණිය පන්සලේත්, අනුරාධපුර ශ්‍රීමා බෝධිය සහ රුවන්වැලිසෑය අසලද, ඒ සම්බන්ධව නිකුත් කරන පුවත්පත් විකුණමින් එම අරමුදල තර කිරීමට ලබාදෙන අනූපමේය සහයෝගය ද ඉතා අගය කළ යුතුව ඇත.
මට ඇයව අවසන් වරට හමුවූයේ ද ලෝක වකුගඩු දින සැමරුමේ වන අතර එදින ගත් ඇගේ නවතම ඡායාරූප ඇයට තිළිණ කිරීමට නොහැකි වීම දරාගත නොහැකි ශෝකයකි. මියයන විට ඇය සිය 75 වැනි වියෙහි පසුවූවාය.
මේ ජීවන ගමන් මගේ සංසාර සුජීවනයේ දී යළිඳු මෙවන් අකල් මරණයක් ඇයට හිමි නොවේවායි පතන අතරම නිවන් සුව වැඩි ඈතක නොවේවායි පතමි !!!

==============================

අනේ දෙයියනේ මොකක්ද මේ අහන්න ලැබුනේ...හිතාගන්නවත් බෑ හයිසින්ත් ඇන්ටි..ඔයා කොච්චර නම් ආදරනීය කෙනෙක්ද කවදාවත් කාටවත් හිත රිදෙන්න වචනයක් කියන්න නැති කෙනෙක්..ගොඩාක් ආදරය කරන මට පොඩිකාලේ ඉදන් ලගින්ම හිටපු ඔයා. ඇත්තටම මේක තාමත් හිතාගන්න බෑ...
නිවන් සුවය ලැබේවා හයිසින්ත් ඇන්ටි!!!

==============================

සුබ ගමන් හයසින්ත් ආන්ටි....
ඔයාගෙ හිතේ පිරිලා තිබුන ආදරය, ඒ ලෙංගතුකම විස්තර කරන්න වචන මදි ආන්ටි. ඔයා ගෙන් ඇතිවුන හිස්තැන නම් කවදාවත් නොමැකේවි. ඒත් ඔය හිනාව, ආදරය හැමදාමත් අපේ හිත්තුළ ඉතිරිවේවි. සුබ ගමන් ආන්ටි

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top