Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
“ගෙදර කවුරුත්ම නෑ.. ඔයා එනවා නම් දැන් තමයි වෙලාව..” - පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ආපු පෙම්වතා පැය හතක් ඇඳක් යට - අවුරුදු 22ක් වයස පෙම්වතාට අවසානයේ අත්වුණු ඉරණම මෙන්න

- “ගෙදර කවුරුත්ම නෑ.. ඔයා එනවා නම් දැන් තමයි වෙලාව..” - පෙම්වතිය එක්ක පෙම්සුව විඳින්න ආපු පෙම්වතා පැය හතක් ඇඳක් යට - අවුරුදු 22ක් වයස පෙම්වතාට අවසානයේ අත්වුණු ඉරණම මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,272 Views
“අපි දෙන්නට කර කියාගන්න දෙයක් නැතිවුණා..”
100 චොකලට් එකකුත් අරන් ආපු පෙම්වතාට වෙච්ච දේ..

පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

ඔහු 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මාස කිහිපයක සිට 19 හැවිරිදි තරුණියක සමග දෙපැත්තේම මව්පියන්ට හොර රහසේ ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යයි.

මෙම 19 හැවිරිදි තරුණියගේ එකම සහෝදරයා යුද හමුදාවේ රැකියාවක් කරයි. මව ඇඟලුම් සේවිකාවකි. පියා කුලී වැඩ කරන්නෙකි.

තරුණිය මීට මාස හතකට පමණ පෙර බස් රථයකට ගොඩ වී ඇත්තේ නිවස බලා පැමිණිමටය. බස් රථයේ අසුනක හිඳගෙන නිවස බලා පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවේ දී තරමක් කඩවසම් තරුණයෙක් ද බස් රථයට පැමිණ තරුණිය අසල වූ අසුනේ හිඳ ගත්තේය.

බස් රථය ගමන් ආරම්භ කරමින් ධාවනයට එක් කළ අවස්ථාවේ දී තරුණයා තරුණිය සමග ආ ගිය තොරතුරු කතා බහ කොට දෙදෙනා අතර යම්තාක් දුරට හිතවත්කමක් ගොඩ නගා ගත්තේය.

තරුණයා බසයෙන් බැස ගැනීමට පෙර සිය දුරකථන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියගේ අතට දුන්නේය. පසුව තරුණිය දුරකථන අංකය ගෙන කතා බහ කොට දැන හැඳිනගෙන දැනට මාස හතක පෙම් සුව විඳින තරුණ පෙම් යුවළක්ය. මෙම පෙම් යුවළ පවත්වාගෙන යන ආදර සම්බන්ධතාව පිළිබඳ දෙපැත්තේම මව්පියෝ කිසිවක් දැන නොසිටියහ.

ඉකුත් සඳුදා තරුණියගේ මව ඇඟලුම් ආයතනයේ රැකියාවට පාන්දරින්ම පිටත්ව ගියාය. පියා ද එදින නගරයේ බැංකුවකට යන බව කල්තියා තරුණිය දැන ගත්තාය.

සිය මවත් පියාත් පෙරවරුවේ නිවෙසේ නොමැති බවත් වේලාවක් කලාවක් තියෙනවා තමා සමග කතා බහ කර සිටීමට සිය නිවෙසට පැමිණෙන ලෙසත් තරුණිය තරුණයාට ඉරිදා දුරකතනයෙන් ආරාධනාවක් කළාය.

ආරාධනාව පිළිගත් තරුණයා පෙරවරු 10 ට පමණ තරුණියගේ නිවෙසට ප්‍රථම වතාවට ගියේ රුපියල් 100 ක් වටිනා චොකලට් එකකුත් රැගෙනය. දෙදෙනා තරුණියගේ කාමරයේ පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවේ දී තරුණියගේ පියා බැංකු රාජකාරි කටයුතු හනික අවසන් කොට පෙරවරු 11.10 ට පමණ නිවෙසට පැමිණියේ දියණියට කතා ක⁣රමින්ය.

තරුණයාටත් තරුණියටත් කර කියා ගත හැකි දෙයක් නොවීය. සිය පෙම්වතා ආරක්ෂා කර ආපසු නිවෙසින් පිට කළ යුතු බව දැන ගත් තරුණ පෙම්වතිය පියා යළි නිවෙසින් මොනයම් හෝ කාරණාවකට එළියට බැස යන තෙක් සිය පෙම්වතා හනික ඇඳ යටට තල්ලු‍ කළාය.

ඇඳ යට තිබූ දූවිලි මකුළු දැල් තරුණයාගේ ඇඳුම් පැලඳුම්වලත් මුහුණ අත පයෙත් තැවරුණේය. හදිසියේ කිවිසුමක් කිහිපයක් පිට කරන්නට සිදු වුවත් තරුණයා එයත් ඉතාමත් අපහසුවෙන් තදකර නතර කරගෙන ඇඳ යට සිටින්නට විය.

දහවල් 12 ට පමණ තේ කෝප්පයක් සාදා තරුණියට කෑමට පියා ගෙනත් දී තිබු වඩේ ගෙඩියක් සමග ඇඳ යටට තල්ලු‍ කළාය. තරුණයා වඩේ ගෙඩියත් තේ කෝප්පයත් ඇඳ යට දී භුක්ති වින්දේ දැඩි අපහසුතා මධ්‍යයේය. පෙම්වතාට දහවල් කෑම පිළියෙල කර තිබුණද ඇද යට සිට කෑම ගැනීමට අපහසු නිසා තරුණිය තරුණයාට කෑම පිඟානක් නොදුන්නාය.

තරුණියගේ පියා සවස 5 ට පමණ මීටර් 300 පමණ ඈතින් පිහිටි ඔයට දිය නෑමට ගියේය. පසුව තරුණිය ඇඳ යට සිටින තරුණයාට කතා කොට පියා නාන්න ඔයට ගිය බව පැවසුවාය.

හනික ඇඳ යටින් එළියට ආ තරුණයා ඇඳ සිටි ඇඳුම් පැලඳුම්වල දූවිලි මෙන්ම මකුළු දැල් පිස දැමූ තරුණිය මිදුලට ගොස් නිවසේ දෙපස බලා තරුණයා නිවසින් පිටත් කර හැරියේ දවල්ට උයා තිබූ කෑමවලින් කොටසක් ඔතා දෙමිනි.

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
ලංකාදීප
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top