Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
වැටුණදාට වචනයකින් හරි හැමදාම උදව් කරපු, ක්‍රිකට් අසල්වැසියා නියෝජනය කරන ශිකර් ධවාන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදෙස මෙන්න

- වැටුණදාට වචනයකින් හරි හැමදාම උදව් කරපු, ක්‍රිකට් අසල්වැසියා නියෝජනය කරන ශිකර් ධවාන් ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදෙස මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,479 Views
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතයක් සමග දුෂ්කර ජෛව බුබුළකට මැදිව ශ්‍රී ලංකාවට ක්‍රිකට් වසන්තය ගෙන ආ ඉන්දීය තරග සංචාරය ඊයේ රාත්‍රියේ තරගයක් සමග නිමාවට පත් වුණා.
 
නමුත් මෙම තරග සංචාරය පුරාම බොහෝ සාධනීය දේවල් දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම කණ්ඩායම් දෙක අතර පැවති සුහදතාව ඒ අතරින් කැපී පෙනෙන කාරණයක් වුණා.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මෙම සංචාරය පුරා මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළට රිංගා ගන්නට සමත් වූ අතර ඔහු දැක්වූ සුහදශීලී භාවය මෙරට ක්‍රීඩා ලෝලීන්ට හට කලකට අමතක නොවන කාරණයක් වනු නොඅනුමානයි.
 
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාතික ගීය ගයද්දී ඔවුන් සමග එක්ව මෙරට ජාතික ගීය ගැයූ හර්දික් ඉන් නොනැවතී මෙරට නැගී එන තුන්ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නට ක්‍රිකට් පිත්තක් තෑගි කරන්නටත් අමතක කලේ නැහැ.
 
මීට අමතරව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පැමිණි රාහුල් ඩ්‍රාවිඩ් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගුරුහරුකම් දෙන ආකාරයත් දක්නට ලැබුනා. 
 
එක් අවස්ථාවකදී ඉන්දීය පුහුණුකරු ශ්‍රී ලංකා කන්ඩායමේ නායක දසුන් ශානක සමඟ කෙටි සංවාදයක යෙදී සිටින ආකාරයත් දක්නට ලැබුණා.
 
අවසාන වශයෙන්, තෙවැනි විස්සයි 20 තරගයට පෙර ඉන්දීය නායක ශිකර් ධවාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් පිරිවරාගෙන ඔවුන් සමග සිය අත්දැකීම් බෙදා ගන්නා ආකාරයක් ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයංගනයේදී දක්නට ලැබුණා.
 
ඔහු සමග සංවාදයට එක්වූ නායක දසුන් ශානක කියා සිටියේ ශිඛර් ධවාන් සමඟ පැවැති එම පිළිසඳර අතිශයින් වැදගත් වූ බවයි.
 
වසර දහයකට අධික කාලයක් ක්‍රීඩා කරන පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන ඔහුගෙන් ලබා ගත යුතු ගුරුහරුකම් බොහෝමයක් ඇති බවයි දසුන්ගේ හැඟීම වූයේ.
  
තරගයක් සැලසුම් කිරීම් සහ තරගයක් තුළ දී ඇතිවන තත්ත්වයන් හසුරුවා ගැනීම පිළිබඳව ඔහු සතුව ඇති අත්දැකීම් හා දැනුම මට නායකයකු ලෙස මගේ කණ්ඩායම    මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත් වෙනවා දසුන් වැඩිදුරටත් කියා සිටියා.
 
අපේ හිටපු ක්‍රීඩකයින්ගෙනුත් අපට උපදෙස් ලැබෙනවා, නමුත් මෙය අත්දැකීම් බහුල වත්මන් ක්‍රීඩකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ලැබෙන අවස්ථාවක්.
 
මට සහ කන්ඩායමට ඒ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මම ඔහුට අතිශයින් කෘතඥ වනවා.   
 
විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම තරග මාලාවේදී කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගයි.
 
වනිඳු ඔහුගේ පන්දුවාර 12 තුළ කඩුලූ 7 ක් දවා ගත්තේ 5.58 ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින්.
තරගාවලියේ ජයග්‍රහණය සඳහා වනිඳුගේ දායකත්වය අගය කළ දසුන් ශානක කියා සිටියේ ඔහු ඉතා ඉක්මනින් මුහුකුරා ගිය ක්‍රීඩකයෙකු බවයි.
 
එමෙන්ම මේ වන විට 20-20 පන්දු යවන්නන්ගේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන වනිදු ඉතා කෙටි කලකින් එහි පළමු ස්ථානයට පැමිනෙනු ඇති බවටත් දසුන් විශ්වාසය පළ කළා.
 
 "මම හිතන්නේ ඔහුට අංක 2 ප්‍රමාණවත් නැහැ, ඔහු අංක 1 විය යුතු කෙනෙක්. මම හිතන්නේ ඔහු ඉක්මනින් එතැනට යයි."
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top