Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
30
මාස එකහමාරකදී ළමුන්ව අවභාවිත කරමින්, අන්තර්ජාලයට වීඩියෝ පට එක් කළ අයට වැඩ වරදින හැටි මෙන්න

- මාස එකහමාරකදී ළමුන්ව අවභාවිත කරමින්, අන්තර්ජාලයට වීඩියෝ පට එක් කළ අයට වැඩ වරදින හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,483 Views
ගතවූ මාස එකහමාරක කාලසීමාවේ කුඩා දරුවන් යොදාගෙන සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීම් 17,629 ක් සිදුකර ඇති බව අනාවරණය කරගෙන ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යංශය එම මුදාහැරීම් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ඊයේ (29 දා) සිට ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ ඉකුත් ජුනි මස 17 වැනිදා සිට ජූලි මස 28 වැනිදා අතර කාලසීමාවේදී පමණක් විවිධ පුද්ගලයන් විසින් මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාල වෙත මුදාහැරීම් 17,629 ක් සිදුකර ඇති බවය. එම මුදාහැරීම් සිදුකළ පුද්ගලයන්ගෙන් වැඩි පරිසක් මේ වනවිට හඳුනාගෙන සිටින බවයි.
 
කුඩා දරුවන් යොදාගෙන සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහරින සැනින් ඒවා මුදාහරින පුද්ගලයන් හඳුනාගැනීමට හැකි ක්‍රමවේදයක් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව පැවසූ අජිත් රෝහණ මහතා මෙම අපරාධයන් සිදුකරන පුද්ගලයන් ඒ මොහොතේම සොයා ගැනීමට හැකියාව ඇති බව ද කියා සිටියේය.
 
පරිගණක යන්ත්‍ර ටැබ්, ජංගම දුරකථන, ලැප්ටොප් යොදාගෙන කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලය වෙත මොවුන් මුදාහරින බවද මේ වනවිට පොලිසිය හෙළිකර ගෙන ඇත.
 
අන්තර්ජාලයට මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන මුදාහරින පුද්ගලයන් හඳුනාගැනීමේ විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් ජුනි මස 17 වැනිදාය.
 
මෙම අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන කුඩා දරුවන් අසභ්‍ය දර්ශනවලට යොදාගෙන එම වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැර ප්‍රසිද්ධ කිරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
 
මේ අතර කුඩා දරුවන්ගේ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගන්නා පුද්ගලයන්ට එරෙහිව ද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
හේමන්ත රන්දුණු
දිවයින 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top