Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
29
"මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්..." - ඔලිම්පික් ගිය කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තම තරගය ගැන තැබු සටහන

- "මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්..." - ඔලිම්පික් ගිය කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තම තරගය ගැන තැබු සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් මීටර් 100 ධාවන ඉසව්වට සහභාගී වන යුපුන් අබේකෝන් ගේ තරගය ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
ඒ් ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසින්...

ජූලි 31 තමයි දවස. 
 
මේ  වෙලාවේ මට දැනෙන දේ ඒ විදිහටම කියන්න ඕනි උනත් මේ අවසාන දවස් කිහිපයේ මගේ අවධානය තරගයේ තියාගන්න ඕනි නිසා සහ මාව දිරිමත් කරන හැම කෙනාටම ස්තූති කරන්න ඕනි නිසාත් පොඩි දෙයක් කෙටියෙන් කියන්න වෙලාවක් හදා ගත්තා.
 
මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ  හීනයක්. මොකද මෙතනට සුදුසුකම් ලබලා එන්න පුලුවන් දක්ශයන්ගෙනුත් දක්ශයන්ට විතරයි. wild card වලින් එන්නෙත් ඒ ඒ රටවල ඒ ඒ ඉසව් වලට ඉන්න හොදම කෙනා. ඉතින් ඒකෙන්ම ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන් බිලියන කීයකින් කීදෙනාට අවුරුදු හතරකට සැරයක් එන මේ  අවස්ථාවට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ කියලා. ඒකට ක්‍රීඩකයෙක් අවම වශයෙන් අවුරුදු 4 ක් සූදානම් වෙනවා මේ  අවස්ථාව උදා කරගන්න. ‍
 
සුදුසුකම් සපුරලා එන ක්‍රීඩකයෙක් විදිහට මට ගොඩක් සතුටුයි මම අර කියපු අය අතුරින් කෙනෙක් උන එක ගැන. ඒ ආපු ගමන ගැන හැම කෙනාම දන්නවා. මීට කලින් මගේ ජයග්‍රහණය වලදී ගොඩක් අය සුභ පැතුවත් මේ අවස්ථාවේ හැමෝම  එකට එකතු වෙලා රටක් විදිහට සුභ පතනකොට දැනෙන හැගීම ගොඩක් වැඩී. ඉතින් ගොඩක් ස්තූතියි ඒ හැම කෙනාටම. කමෙන්ට් මැසේජ් හැම එකම කියවන්න ඇත්තටම බෑ , ඒ තරම් සුභ පැතුම්. 
 
මේ  අවස්ථාවේ  මගේ  අරමුණ මානසිකත්වය හොදින් තියාගෙන පදක්කමක් ලබා ගැනීමටත් වඩා පීඩනය අවම කරගෙන හොද කාලයක් වාර්තා කරලා ඉදිරි වටයට සුදුසුකම් ලබන එක. පදක්කමක් කියන එක තරග කරන ඕනිම කෙනෙක්ගේ  එකම අරමුණ. මමත් තරග කරන්න සූදානම් වෙන්නෙත් ඒ අරමුණෙන්ම තමයි. නමුත් පදක්කමක් කියන අනවශ්‍ය පීඩනය මං මේ  අවස්ථාවේ  ඇති කරගන්නේ  නෑ. 
 
මට වඩා හොද කාලයන් වාර්තා කරපු අය ගොඩක් ඉන්නවා මේ තරගේ ඒ නිසා මේක ලේසි වෙන්නේ  නෑ , ඒත් ඒකෙන් කියවෙන්නේ  නෑ මං පරාජය වෙන මානසිකත්වයකින් තරග කරන්න යනවා කියලා. මොකද වඩා හොද කාලයන් වාර්තා කරපු අයව තරග අවස්ථා ගොඩකදී මට පරාජය කරන්න හැකියාව ලැබුනා. අන්තිමට සහභාගි උන ඩයමන්ඩ් ලීග් එක හැමෝටම මතක ඇති. තත්.9 , 10 අතර ඉවර වෙන රේස් එකක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්. නමුත් මේක ඔලිම්පික්. ඒත් මං මගේ හැකියාවන් සහ පුහුණුවීම් විස්වාසය කරනවා. හැමකෙනෙක්ගෙම ලැබෙන ආශිර්වාද ශක්තියක් වෙයි කියලා විස්වාස කරනවා. ඉතින් අවසානයේ හොඳ ප්‍රතිපලයක් ලැබෙන්න මං හොඳින් තරග කරනවා.
අවසාන වශයෙන් මම ගොඩක් සතුට වෙනවා සහ ආඩම්බර වෙනවා ලෝක මළල ක්‍රීඩාව හැසිරෙන විදිහ ගැන  සහ නූතන ක්‍රීඩා තාක්ශනය ගැන අවබෝධයක් තියන විශාල පිරිසක් ලංකාවේ ඉන්න එක ගැන. ඒ අය නිතරම
ලංකාවේ ක්‍රීඩාවට නිවැරදි අවබෝධයක් ලබා දෙනවා. ඉතින් මං ඒකට ඒ අයට ගොඩක් ස්තූති කරනවා. මොකද ඒ දේ තමයි ලංකාවේ  ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහ ලංකාවේ නම ඉදිරියේ ලෝක මට්ටමේ පදක්කම් සටහන් කරන්න ක්‍රීඩකයෙක්ට ආත්ම විශ්වාසයක් ලබාදෙන්නේ.
 
මේක මං යන ගමනේ තවත් එක කඩයිමක්.  මේ  තරගයත් හොද කාලයන් වාර්තා කරලා ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ  තව පිටුවක් ලියන බලාපොරොත්තු ඇතුව  මං ජූලි 31 ඔලිම්පික් ස්ටේඩියම් එකට යනවා. 
 
එදාට හම්බවෙමු. හැමෝටම ජය... 
 
#yupunabeykoon #southasianfastestman #teamyupun #yupun #OlympicTokyo2020 #NOC #naturaefitness #srilankanathletics
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top