ජූලි මස 17 වන දා සිට ජූලි 28 වනදා දක්වා ශ්‍රී ලංකා පොලිස් පරිගණක ඒකකය මඟින් කරන ලද මෙහෙයුමකදී අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17629 ක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙසේ දරුවන්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරන ලද පුද්ගලයින් පිළිබඳව මේ වන විට තොරතුරු ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන අද සිට ආරම්භ කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම දර්ශන අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් සෙවීම සඳහා අද (29) සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.