සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 132ක්.
එහිදී නායක ශිකර් ධවාන් ලකුණු 40 ක් රැස්කරගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් දවාගත්තා.
ලක-ුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04ක් තුළ කඩුලු 06ක් පමණක් දැවි සිය ජයග්‍රහණය වාර්තා කළා.
එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවි ලක-ණු 40 ක් සහ මිනෝද් භානුක ලක-ුණු 36ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් දවාගත් කඩුලු සංඛ්‍යාව 2ක්.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග ත-ුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට - එකක් ලෙස සම කිරීමටයි ශ්‍රී ලංකා පිළ සමත් වුණේ.
තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාගංණයේදීයි.
තෙවන විස්සයි විස්ස තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.