Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
28
“මා මෙය ලියන්නෙ මා ඉපදුණු කුමාරයා ලෙස නෙවෙයි, මා බවට පත්වූ මිනිසා ලෙසයි...” - බ්‍රිතාන්‍ය රැජිණගේ මරණයෙන් පස්සෙ එළියට එන්න සුදානම් වෙන, හැරී කුමරුගේ ආන්දෝලනාත්මක පොත මොකද්ද? රජ පවුල ඇවිලූ අලුත්ම කතාව මෙන්න

- “මා මෙය ලියන්නෙ මා ඉපදුණු කුමාරයා ලෙස නෙවෙයි, මා බවට පත්වූ මිනිසා ලෙසයි...” - බ්‍රිතාන්‍ය රැජිණගේ මරණයෙන් පස්සෙ එළියට එන්න සුදානම් වෙන, හැරී කුමරුගේ ආන්දෝලනාත්මක පොත මොකද්ද? රජ පවුල ඇවිලූ අලුත්ම කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,005 Views
“මම වසර ගණනාවක් තොප්පි පැළඳ සිටිමි...”

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය කියලා කියන්නේ මුළු ලෝකයම දැන අඳුනන දෙදෙනෙක්. විශේෂයෙන්ම මේ දෙන්නා රජපවුලෙන් නික්ම යාමත් එක්ක බොහෝ පිරිසකගේ අවධානය ඒ වෙතට යොමු වුණා.

"රජපවුලෙන් වන කෙනෙහිළිකම්" නිසා මේ විදිහට ඔවුන් යන්න ගියා කියලයි මාධ්‍ය වාර්තා කරන්න ගත්තේ.

කොහොම වුණත් ඒ කතාව "සම්පූර්ණ ඇත්තක්" බව මේගන් මෑතක මාධ්‍ය හමුවේ අනාවරණය කරනවා.

ඇගේ "සංවේදී අනාවරණය" ලොව වැඩිම පිරිසක් නැරඹූ මාධ්‍ය සාකච්ඡාව බවට පත්වුණු අතර, එමඟින් ඇය රජපවුලේ පිරිස් තමන් වෙතට කළ තාඩන පීඩන ගැන ද සඳහන් කළා.

ඉපදෙන්න යන පුත් කුමරා "කළු පැහැ වේවී" කියන භයානක සිතුවිල්ල ඇයට පැවති බවත් ඇය කඳුළු සලමින් මේ මාධ්‍ය හමුවේදී ලෝකයට කිව්වා. (මෙහෙම කිව්වේ කවුද කියන එක ඇය සාකච්ඡාවේදී කියන්නේ නෑ.)

හැබැයි, මේ සියලු චෝදනා රජ මාළිඟය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙන්න මෙවන් තත්ත්වයක් තුළ මෑතකදී ලොවක් වසඟයට ගත් ඩයනා කුමරියගේ (හැරී කුමරුගේ මව.) මරණය ගැනත් කසුකුසුවක් ඇති වෙනවා.

පොලිස් නිලධාරියෙකු විසින් මේ සම්බන්ධයෙන් චාල්ස් කුමරුගෙන් ප්‍රශ්න කළ බවත් ඒ අනුව අනාවරණය වුණා.

කෙසේ වෙතත්, ඩයනාගේ මරණය ඝාතනයක් බවට වන චෝදනාව මෙතෙක් බැහැර වී නැහැ.

රජපවුලට විරුද්ධ වීම සහ ඇය ගැබ්ගෙන සිටියා යන කාරණා මුල් කරගෙන මේ ඝාතනය සිදු කළා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

මේ සියල්ල එසේ සිදුවෙද්දි හැරී කුමරු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකිරීමට සුදානමින් සිටින බවට ඩේලිමේල් හදිසියේම වාර්තා කර තිබෙනවා.

එනම් හැරී කුමරු රහසිගත පොතක් සඳහා වැඩ කර ඇති අතර ඔහු එය අනාවරණය නොකළ මිලකට පෙන්ගුයින් රැන්ඩම් හවුස් වෙත විකුණා ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ.

හැරීගේ පොතේ ඇත්තටම තියෙන්නෙ මොනවාද ? යන්න ගැන දැනටමත් කතාබහක් ඇති වී ඇති අතර එහි යම් "කම්පන සහගත දේ අඩංගු ඇති" බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මේ අනාවරණය කිරීම් හමුවේ රජපවුල කම්පනයට පත්ව ඇති බවත් ඩේලිමේල් පවසනවා.

මේ වන විටත් ඔවුන් රජපවුලට පහර ගසමින් (විවිධ සම්මුඛ සාකච්ඡා මඟින්) සිටින නිසාම බොහෝ පිරිසක් මේ ගැන අවධානයෙන් පසු වනවා.

මෙම පොතේ යම් කිසි හෙයකින් රජපවුල විසින් හැරී සහ මේගන් කුමරියට කළ කී දේ අඩංගු වන්නට ද පුළුවන් බවට තව පිරිසක් සැක පහළ කරනවා.

ඉතින් මේ සියල්ලටම වඩා ආන්දෝලනාත්මක කතාවක් දැන් කරළියට ඇවිත් තිබෙනවා.

හැරී කුමරු විසින් ලියන්නට යන දෙවැනි පොත එළිදැක්වීම රැජිනගේ මරණයෙන් පසු සිදුවන බවයි එම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තීය...

විශේෂයෙන්ම ඔහුගේ ළමා කාලය ගැන මේ කෘතියේ අඩංගු වන බවට තොරතුරු පළ වනවා.

සිය මිත්තණිය මිය ගිය පසු එළියට එන මේ මතභේදාත්මක පොත ගැන නොයෙකුත් මතවාද අන්තර්ජාලය තුළින් අපිට සොයා බැලීමට පුළුවන්.

"මිනිස්සු අහන්න පටන් ගන්නවා, ඔහු ඉලක්ක කරන්නෙ කවුදැයි යන්න.."

කෙසේ වෙතත් රජ පවුල මෙම "පොත්" නිසාම දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ මොහොතේ හැරී කුමරු හිත් පිත් නැතිව රජපවුල පාලනයට නතු කරමින්, ආත්මාර්ථකාමී ක්‍රියාවක නියැලෙන බවට රජපවුලට හිතවත් පාර්ශව සඳහන් කරනවා.

රැජිණ "ගියපසු එන පොත", ඇගේ සිංහාසනයටත් බලපෑම් කළ හැකි එකක් වනු ඇති බවටත් පිරිසක් අදහස් දක්වමින් කියනවා.

"මා මෙය ලියන්නෙ මා ඉපදුණු කුමාරයා ලෙස නෙවෙයි, මා බවට පත්වූ මිනිසා ලෙසයි. මම වසර ගණනාවක් තොප්පි පැළඳ සිටිමී.. මගේ බලාපොරොත්තුව කතාව ඇතුළදී මම කියමි.." යැයි හැරී ඒ ගැන සඳහන් කර තිබෙනවා.

Dailymail ඇසුරිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top