Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
28
“...ඔන්න පොලිසියෙන් පැනලා දුවන්න දුවන්න...” - බම්බලපිටිය තට්ටු තුනේ ගොඩනැගිල්ලෙන් පැන්න පාසල් සිසුවා නිසා එළියට ආ රහස.. දවසට ලක්ෂ එකහමාරක් හොයන, ඔන්ලයින් ගණිකා ජාවාරමේ මහමොළකරුගේ පැටිකිරිය මෙන්න

- “...ඔන්න පොලිසියෙන් පැනලා දුවන්න දුවන්න...” - බම්බලපිටිය තට්ටු තුනේ ගොඩනැගිල්ලෙන් පැන්න පාසල් සිසුවා නිසා එළියට ආ රහස.. දවසට ලක්ෂ එකහමාරක් හොයන, ඔන්ලයින් ගණිකා ජාවාරමේ මහමොළකරුගේ පැටිකිරිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100 Views
වෙබ් අඩවිය හෙළි වූ සැණින්, ගණිකා ජාවාරම
අම්බපාලී ජාතකයට හැරෙයි...!

අන්තර්ජාලය පරිහරණය කරන ඕනෑම කෙනෙකුට සුළු මොහොතකින් මෙරට ඕනෑම ස්ථානයක සිටින ගණිකාවක් හා සම්බන්ධ වීමට පුළුවන.

එවැනි දුරකතන ඇප් සිය දහස් ගණනනක් නිර්මාණය වී ඇත්තේ අන්තර්ජාල ගණිකා ජාවාරම ඒ තරමට වාසිදායක වන නිසයි.

රටේ ඕනෑම වෙලාවකට විවිධ මිල ගණන්වලට සේවය ලබා ගත හැකි ගණිකාවන්ගේ තොරතුරු, ඡායාරූප හා අංක ලබාගත හැකි පුද්ගලයින්ගේ මඩිය තර කර ගැනීමට තවත් එක් හේතුවක් වී තිබෙනවා.

මෙරට විශාලම අන්තර්ජාල ගණිකා ජාවාරම සිදුකරගෙන යමින් මහා ධනස්කන්ධයකට හිමිකම් කියූ පුද්ගලයෙකුගේ තොරතුරු හෙළි වීමත් සමඟ එම ජාවාරම්කරු ඊට තිත තබා තිබෙනවා.

මෙතරම් මුදල් කන්දරාවක් ඉවත් කර හැරීමට තරම් හේතුව සොයා බලද්දී තවත් පුදුමාකාර කතාවක් කරළියට පැමිණියා.

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ගැටවර වියේ පසුවන පාසල් සිසුවකු බම්බලපිටියේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකින් බිම ඇද වැටී බරපතල තුවාල ලබන්නේ පසුගිය දිනකයි.

අදාළ සිසුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මෙම උභතෝකෝටියකට පිළිතුරු සොයනු පිණිස පියා සහ මව මේ ගැන බම්බලපිටිය පොලිසියට පැමිණිලි කරන්නෙ ඉන් අනතුරුවයි.

විමර්ශනයේදී හෙළි වූයේ අදාළ සිසුවා එදින පැමිණ ඇත්තේ ගණිකාවකගේ සේවය ලබා ගැනීම සඳහා බවයි. සිසුවා ඇය ගැන තොරතුරු සොයාගෙන තිබුණේ අන්තර්ජාලය හරහායි. අදාළ ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ නිවසට යන ලාබාල සිසුවා දුටු ගණිකාව සිතන්නේ මොහු ලෙහෙසියෙන් රැවටිය හැකි බවයි.

සිසුවා කාමරයට රැගෙන ගොස් මොහොතක් කතා බහේ නිරත වන ගණිකාව ඔහු සතුව තිබූ රුපියල් දහසෙ නෝට්ටු දුටුවා.

එම මුදල් රැගෙන සිසුවා පලවා හැරිය හැකි විදියක් ඇය කල්පනා කළා.

මේ ලාබාල සිසුවා කිසිම දිනෙක ගණිකාවකගේ සේවය ලබාගෙන තිබුණේ නැහැ. ඒ ගැන කිසිම අත්දැකීමක්ද නැති අහිංසකයෙකු බව ගණිකාව ඒ වන විටත් ඔහුගේ හැසිරීමෙන් වටහාගෙන සිටියා. ඇතැම් විට ඇයට ද එම වයසේ දරුවන් ද සිටින්නට ඇති.

සිසුවාගෙන් රුපියල් දහසේ නෝට්ටුව උපක්‍රමශීලීව ලබාගත් ගණිකාව එක්වරම "පොලිසියෙන් පොලිසියෙන්.. ඔන්න පොලිසියෙන් පැනලා දුවන්න දුවන්න..." යැයි කෑ මොර දුන්නා.

මේ කෑ ගැසීම නිසා භීතියට පත් සිසුවා එතනින් පලා යන්නේ පොලිසියට හසුවේ යැයි බියෙනුයි. තෙවැනි මහලට පැමිණ පියගැටපෙළ දිගේ පහළට නොගිය සිසුවා තෙවැනි මහලේ පිටින් යකඩ තරප්පුවක් දිගේ පහළට යෑමට තැත් කරද්දි බිම ඇද වැටුණා.

මේ තොරතුරු අනාවරණය කරගත් පොලිසිය සිසුවා ගැන තොරතුරු හොයද්දී සිසුවාගේ මව්පියෝ ඔහුට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දුරකතනය ලබා දී ඇති බව දැනගත්තා.

මේ වෙබ් අඩවිය ගැන කාගෙත් අවධානය යොමු වූයේ ඉන් අනතුරුවයි. රූමත් කාන්තාවන්ගේ පින්තූර සිය දහස් ගණනක් පළකර තිබෙන අතර ඔවුන්ගේ සියලු වතගොත දුරකතන අංක ඊමේල් මිල ගණන් ද මෙහි පළ කර ඇති බව පොලිසිය සොයා ගන්නේ ඉන් අනතුරුවයි.

පරිගණක භාවිතය, අන්තර්ජාලය පරිශීලනය එතරම් නොදන්න අයෙකුට පවා මේ වෙබ් අඩවියට ඉතා පහසුවෙන් පිවිසීමට හැකියාව තිබුණා.

අදාළ වෙබ් පිටුවේ හිමිකරු පානදුරේ ප්‍රදේශයේ අයෙකු බවත් දිනකට ඔහු මෙහි දැන්වීම් 1500කට වැඩි ප්‍රමාණයක් අලෙවි කරන බවත් පසුව අනාවරණය වුණා. මේ වෙබ් අඩවියෙන් පහස ලබාගන්නා අය නිසා දිනකට ඔහුගේ බැංකු ගිණුමට එකතු වන මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා.

මෙම වෙබ් පිටුව සොයා බලා අවහිර කිරීමට පියවර ගැනෙන්නෙ ඉන් අනතුරුවයි. ඒ බම්බලපිටිය පොලිසිය, විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කළ ඉල්ලීමක් අනුවයි.

පොලිසිය මේ ගණිකා වෙබ් පිටුව ගැන තොරතුරු එලෙස සොයද්දි අනාවරණය වූ තවත් සුවිශේෂී කරුණක් වූයේ මෙහි අයිතිකරු පිරිත් දේශනා සහිත වෙබ් අඩවියක්ද පවත්වාගෙන යන බවයි.

තමන් ගැන සියලු තොරතුරු අනාවරණය වූ බව දැනගත් හිමිකරු සිය ජාවාරමට තිත තබන්නේ කතුන්ගේ ඡායාරූප හා සියල්ල ඉවත් කරගනිමිනුයි. ඔහු ඒ මොහොතේ සිදු කළ අපූරු දේ වූයේ අදාළ ගණිකා වෙබ් අඩවියේ අම්බපාලී ජාතකය ප්‍රදර්ශනය කිරීමයි. ඊට අමතරව ඔහු එහි සටහනක් ද තබා තිබුණේ "ඕනෑම ලස්සන දවසක් අවසන් වන දිනයක් ඇත" යනුවෙනුයි.

එය එසේ අවසන් වුවත් ඒ හා සමාන තවත් වෙබ් අඩවි කිහිපයක්ම කරළියට පැමිණිම තවත් විශේෂත්වයක් වුණා.

අමල් රණබාහු විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top