Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
28
“18 වැනිදා උදේ පාන්දර එයාව පුදුම කරවන්න හිටියේ.. අම්මා සේරම කෑවා...” - සිය දියණිය, පෙම්වතාගේ උපන්දිනෙට ගෙනා තෑග්ග යාචකයෙකුට දීලා, අම්මා කෙනෙක් කරපු හරියක්, අන්තිමට තරුණියට සිද්ධ වෙච්ච දේ මෙන්න

- “18 වැනිදා උදේ පාන්දර එයාව පුදුම කරවන්න හිටියේ.. අම්මා සේරම කෑවා...” - සිය දියණිය, පෙම්වතාගේ උපන්දිනෙට ගෙනා තෑග්ග යාචකයෙකුට දීලා, අම්මා කෙනෙක් කරපු හරියක්, අන්තිමට තරුණියට සිද්ධ වෙච්ච දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,627 Views
“දැන් ඔයා අද එන්න එපා..
ආයෙම වෙන දවසක එන්න...!”

සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක් නිවෙසට ගෙනත් තිබූ කමිසය මව විසින් කෑගල්ල නගරයේ යාචකයකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 24 හැවිරිදි තරුණියක් කෑගල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය. ඇය වසර දෙකක පමණ කාලයක් සිට එකී ඇඟලුම් ආයතනයේ රියැදුරු රැකියාවක් කරන 27 හැවිරිදි තරුණයෙක් සමඟ සම්බන්ධකමක්ද පවත්වා ගෙන යයි.

මෙම සම්බන්ධතාව පිළිබඳ තරුණියගේ මවුපියන් මීට මාස හතකට පමණ ඉහතදී දැනගෙන මවුපියන් දිනක් දියණියගෙන් පෙම්වතා පිළිබඳ විමසා සිටියේය.

තමන්ට පෙම්වතෙක් නොමැති බවත් අසත්‍ය තොරතුරු දුන්නේ කවුරුන්දැයි තරුණිය මවුපියන්ගෙන් විමසුවාය.
පසුව තරුණයාගේ තොරතුරු ටිකක් කිහිපදෙනකුගේ මාර්ගයෙන් තරුණියගේ මවුපියන් සොයා බලාගෙන තිබිණි.
එම තරුණයා කලින් තරුණියක් නිවෙසට රැගෙන ගොස් මාස කිහිපයකට පසුව තරුණියට පහරදී එළවා ඇය පසුව කඩුගන්නාව ප්‍රදේශයේ වෙනත් තරුණයකු සමඟ පැන ගොස් මේ වන විට පවුල් ජීවිත ගතකරන බවත් ආරංචි වී තිබිණි.

පසුව මේ පිළිබඳ කරුණු කාරණා සිය දියණියට පහදා දුන්නද තරුණිය මවුපියන්ගේ අවවාද නොසලකා සම්බන්ධතාව දිගින් දිගටම රැගෙන යන්නට වූවාය. ඉකුත් දිනක තරුණයාගේ උපන් දිනය යෙදී තිබිණි.

මෙම උපන් දිනයට සිය පෙම්වතාට දීමට තරුණිය රුපියල් 1750ක් වටිනා කමිසයක් සහ උපන් දින සුබ පැතුම් කාඩ් පතක් වැඩ නිමකර නිවෙසට පැමිණෙන අවස්ථාවේදී ගෙනත් මවුපියන්ට හොර රහසේ සිය අල්මාරියට දමා සඟවා තිබිණි.

පසුදා තරුණිය ඇඟලුම් ආයතනයේ රැකියාවට ගිය අවස්ථාවේ දී මව විසින් අල්මාරිය විවෘත කර බලන අවස්ථාවේදී කමිසයක් හා උපන් දින සුබ පැතුම් කාඩ් පතක් දැක පුදුමයට පත්ව තිබුණාය.

පසුව මව කමිසය හා උපන් දින සුබ පැතුම් කාඩ් පත ගෙන තමන්ගේ අල්මාරියේ පසෙක සඟවා තැබුවාය. තරුණියගේ පෙම්වතාගේ උපන් දිනය ඉකුත් 18දාට යෙදී තිබිණි.

තරුණිය 17 දා වැඩ නිමකර නිවෙසට පැමිණෙන අවස්ථාවේදී තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන හෙට අලුයම තමා මුණගැසීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන ලෙසද දන්වා සිටියාය.

තරුණිය 18 දා පාන්දර නැඟිට කමිසයයි උපන් දින සුබ පැතුම් කාඩ් පතයි සොයා තිබිණි. පසුව කමිසය නොමැති අවස්ථාවේදී ඒ පිළිබඳ තරුණිය මවගෙන් විමසීමක් කළාය. තමන් අල්මාරිය විවෘත නොකළ බවත් කිසිම දෙයක් නොගත් බවත් පැවැසුවාය.

පසුව තරුණිය පාන්දරම දුරකථනයෙන් සිය පෙම්වතාට කතා කොට අලුයම තමන් මුණගැසීමට නොපැමිණෙන ලෙසත් වෙනත් දිනක පැමිණෙන ලෙසත් දැන්වූවාය.

පසුව තරුණිය හිත් වේදනාවෙන් රැකියාවට පිටත්ව ගියාය.

රැකියාවට පිටත්ව ගිය අවස්ථාවේ දී තරුණියගේ මව උපන් දින සුබ පැතුම් කාඩ් පත ඉරා ළිපට දමා පුලුස්සා කමිසය ගෙන කෑගල්ල නගරයට ගොස් යාචකයකුට දී ඇති බව වාර්තා වෙයි.

දමුණුපොළ - චමින්ද ජයලත්
Mawbima
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top