ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමගින්.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
UPDATE:
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට ටික වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කර ගැනීම පිණිසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු කැඳවා ඇත්තේ.