යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් අද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
මේ අතර, ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 17 වන දිනටත් ක්‍රියාත්මකයි.
එම වෘත්තීය සමිති සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව මගින් සිය ගැටලු වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.