ඊයේ දින ළමා හා කොළඹ කාන්තා කාර්යංශ විසින් කොළඹ කොම්පඤ්ඤවීදිය පදිංචි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 7 ක කප්පමක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් දැනට එංගලන්තයේ පදිංචි පුද්ගලයෙකු සමඟ වට්සැප් මඟින් සබන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේනවා.
පසුව මෙම දෙදෙනා අතර සිදුවූ අමනාපයක් හේතුවෙන් එම කාන්තාවගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරින බව පවසා රුපියල් ලක්ෂ 17ක කප්පමක් ඉල්ලා තිබෙන බවටයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව එම කප්පමින් ලක්ෂ හතක් ලබාදීම සඳහා ඊයේ යූනියන් පෙදෙස ස්ථානයකට පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් එවන ලද ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔවුන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.