තරුණියන් යොදාගෙන අසභ්‍ය විඩියෝ රූපගත කර ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමේ ජාවාරමක් පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
සිනමාවට සම්බන්ධ වීමේ සිහිනය සිත දරාගෙන මුම්බායි නුවරට එන අහිංසක තරුණියන්වයි ඔහු ඇතුළු කණ්ඩායමක් මේ ආකාරයෙන් සිය ජාවාරම සඳහා යොදාගෙන තිබුණේ.
මෙම තරුණියන්ට සිනමාවේ අවස්ථා විවර කර දෙන පවසා ඔවුන් රවටා මෙවැනි විඩියෝපට නිෂ්පාදනය කර ඇති බව පැවසෙනවා.
රාජ් කුන්ද්රාට අමතරව තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.
ඒ අතර කාන්තාවන් ද සිටි බවයි පැවසුණේ. අත්අඩංගුවට ගත් සමහරුන් කැමරා ශිල්පිනියන්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියන්, විදුලි ආලෝක ශිල්පීන් ලෙස කටයුතු කළ අය යි.
කෙසේ වෙතත්, ශිල්පා
"මගේ සැමියා අහිංසකයි, නිර්දෝශීයි" ලෙස පොලිසියට ප්‍රකාශ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් වෙනත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඇය තම ස්වාමියා නිසා සිය කීර්තිනාමය විනාශ කරගෙන ඇති බවයි, එමෙන්ම ඒ හේතුව නිසාම බොහෝ ව්‍යාපෘති පවා ඇයට අත්හැර දැමීමට සිදුව ඇති බවත් ඇය සඳහන් කර තිබෙනවා.
පොලිසිය පවසන්නෙ, මෙම සිද්ධියට ශිල්පා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බවයි.
කිසිම සාක්ෂිකරුවෙකු හෝ ඇයව නම් කර නොමැති බවයි ඉන්දියා ටයිම්ස් පවසන්නේ.
By Lakshanවිදෙස් මාධ්‍ය ඇසුරිනි.