“දෙමව්පියන් වැරදියට වටහාගෙන..”
මතුගම කලාප අධ්‍යක්ෂකතුමා කියපු කතාව
වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර්යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණා.
මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිගණක දහයක් දී ඇති අතර දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිගණක පරිහරණය කිරීමේ දර්ශන සේයා රූ හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරනවා.
පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්‍ර පහ ගුරු මහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන ගිය බවයි දෙමව්පියන් සඳහන් කරන්නේ.
මෙසේ පැවති උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය, ජී. එල්. පීරිස් රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටි අතර මෙම තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් කලාප අධ්‍යක්ෂක දිසානායක මහතා මෙසේ පැවසීය.
"අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ. මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතර ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න. ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර් දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන්ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා.. මේක වැරදි ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි..."
වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර
Lankadeepa