"උදේ දුවගේ මළසිරුර පාලමකින් හමු වුණා.."
ලස්සනට අදින්න පළදින්න හැමෝම කැමතියි. ඒ විදිහට තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගන්න කලිසමක් ඇන්ද 17 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Neha Paswan නමැති මෙම දැරිය කලිසමක් ඇන්දේ ඇයි විමසමින් ඇයගේ සීයා හා මාමා මේ සම්බන්ධයෙන් උරණ වී ඇති වූ කතාබහක් දුරදිග ගොස් අදාළ දැරියව ඝාතනයට ලක් කළ බවයි ඇයගේ මව වූ Shakuntala Devi Paswan මාධ්‍යට පවසා ඇත්තේ.
"ඇය දවස පුරා ආගමික වතාවත් නිසා නිරාහාරව හිටියේ. සවස් වරුවේ ඇය ජීන්ස් එකක් ඇදලා හිස් ආවරණය දාගෙන ඇගේ චාරිත්‍ර ඉටු කළා. ඇගේ ආච්චිලා සීයලා ඇගේ ඇඳුමට විරෝධය දැක්වුවා, ඒත් එක්කම දුව ඇදගෙන බිම වැටුණා. ඔටෝ රික්ෂෝවක් කතා කරලා දුවව රෝහලට රැගෙන ගියා නමුත් මම ගියේ නැහැ. මට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම රෝහලට රැගෙන ගියා කිව්වට ඒ මොන රෝහලටද කියලා කිව්වේ නැහැ. පහුවදා අපිට ආරංචි වුනා ගැහැණු ළමයෙකුගේ සිරුරක් පාළමේ එල්ලිලා තියෙනවා කියලා, පසුව දැනගත්තේ ඒ මගේ දුව කියලා.."
මේ වෙද්දී ඝාතනයට ලක් වූ දියණියට සාධාරණයක් කරන මෙන් දැරියගේ මව නීතිය හමුවට ගොස් තිබෙන අතර දැරියගේ ආච්චි, සීයා, හා ඇයව රැගෙන ගිය රික්ෂෝවේ රියදුරු ඇතුළු 10 දෙනෙක් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.