කොරෝනා එන්නත් ලොව පුරා බෙදාහැරීමේ අසමානතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ වනවිට ලොව රටවල් සහ විශේෂිත ප්‍රදේශ 216 ක ලබාදී ඇති කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 3.9 කට ආසන්නයි
කෙසේ නමුත්, ලෝක බැංකු දත්තවලට අනුව ඉහල ආදායම් ලබන රටවල සෑම සිය දෙනෙකුගෙන් 95.4 කට කොරෝනා එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර, අඩුම ආදායම් ලබන රටවල් 29 සැලකූ විට එලෙස සෑම සිය දෙනෙකුගෙන්ම කොරෝනා එන්නතක් ලබාදී ඇත්තේ 1.5 කට පමණයි.
ලොව අඩු සහ මැදි ආදායම්ලාභී රටවල් 92 ක් සඳහා කොරෝනා එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් කොවැක්ස් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.