Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
“රඟපාන්නෙ නැතිව අතිදක්ෂ විදියට අනියම් දේවල්වලින් උඩට එන්න පෙළඹිලා, ආන්දෝලනාත්මක පුවත් මවන අයත් දැන් තරු.. මේ ඇත්ත යට ගිහින් බොරුව උඩට එන කාලයක්....” - දිල්හානි අශෝකමාලා කලකට පසු කියපු අමුතුම කතාව මෙන්න - Photos

- “රඟපාන්නෙ නැතිව අතිදක්ෂ විදියට අනියම් දේවල්වලින් උඩට එන්න පෙළඹිලා, ආන්දෝලනාත්මක පුවත් මවන අයත් දැන් තරු.. මේ ඇත්ත යට ගිහින් බොරුව උඩට එන කාලයක්....” - දිල්හානි අශෝකමාලා කලකට පසු කියපු අමුතුම කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

260 Views
“...එහෙම අත්හැරපු අය ජීවත් වුණත් මැරුණත් මට විශේෂ නැහැ.
ජීවත් වුණත් එහෙම අය මට මැරුණු පුද්ගලයන්.”

“එයා දැන් විවාහකයි. මම ඒ ලෝකෙට ඇඟිලි ගහන්නෙ නෑ...”

දිල්හානි ඒකනායක අමුතුවෙන් ඇයව හඳුන්වා දෙන්නට අවැසි නැහැ.

දේදුන්නෙන් සමනලියක් තිරගත වී එක් රැයකින් තරුවක් වූ ඇය අදටත් හෙටටත් සිංහල සිනමා ඉතිහාසය පුරාමත් කිසිදවසක නොනිවෙන තරුවකි.

Covid-19 තත්ත්වය නිසා මේ දවස් විවේක සුවයෙන්ද පසුවෙන්නෙ?
කොවිඩ් නැති කාලෙත් මං විවේක සුවයෙන් හිටියා. වැඩක් භාරගත්තත් මං කවදාවත් විවේකය නැති කරගත්තෙ නැහැ. විවේකයත් එක්ක මං වැඩ කරන කෙනෙක්. කොළඹින් පිට ගියාම නතර වෙලා ආවත්, කොළඹ වැඩ කරද්දි වැඩ කරන දවස් මැද විවේකයක් ගන්නවා. රඟපෑම කියන්නෙ මානසික සුවයෙන් කරන්න ඕන රැකියාවක්. වදයක් නොවෙන විධියට විවේකයෙන් මං වැඩ කරන කෙනෙක්.

සිනමාවෙන් ජනප්‍රිය වුණු කෙනෙක් විධියට එදා සිනමාව තිබුණු තැන සහ අද සිනමාව තිබෙන තැන ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?
සිනමාව විතරක් නෙවෙයි මේ රටේ මොනදේද අද සාර්ථක කියන එකයි ප්‍රශ්නය. අපේ රටේ මොන පද්ධතියද එහෙමත් නැත්නම් මොන ආයතනය ගැනද මිනිස්සු තෘප්තිමත් කියලා කියන්න. මේ තත්ත්වය තියෙන්නෙ කොරෝනා නිසාම නෙවෙයි. රට ඇතුළෙ තියෙන්නෙ හරිම පීඩාකාරි ස්වභාවයක්. හැම දවසකම, හැම මාසයකම ප්‍රශ්න. දැන් මිනිස්සු අරගල කරන්නෙ කන්න ටික හොයාගන්න මිසක චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් ගන්න සල්ලි වියදම් කරන්න නෙවෙයි.

අද මිනිස්සුන්ට තමන්ගෙ ආස්වාදය විඳින්න පුළුවන් එකම තැන රූපවාහිනිය බවට පත්වෙලා. 90%ක්ම අද රූපවාහිනියට ඇබ්බැහි වෙලා ඉවරයි. නැවත සිනමාපට නරඹන්න ප්‍රේක්ෂකයෝ පෙලඹෙන්නේ නම් ප්‍රචාරණය වෙනුවෙන් ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. එහෙම නැතුව වෙනසක් කරන්න හිතන්න අමාරුයි. ඇත්තටම එදා සහ අද සංසන්දනය කළහම එදා අපිට තිබුණු සැහැල්ලුව වෙනුවට අද තිබෙන්නෙ පීඩනයක්.

ඒ දවස්වල 'තරු' කියලා හැඳින්නුවෙ ඇත්තටම කලාවෙ දිදුලපු අයව වුවත් අද කවුරුවත්ම නොදන්න අයවත් බොහෝ මාධ්‍යවලින් 'තරු' විධියට හැඳින්වීම ගැන ඔබේ අදහස ගැන දැනගන්න කැමැතියි?
අලුත් අය අතරත් හොඳට රඟපාන තරු ගුණාංග තිබෙන අය ඉන්නවා. ඒ වගේම රඟපාන්නෙ නැතිව අතිදක්ෂ විධියට අනියම් දේවල්වලින් උඩට එන්න පෙලැඹිලා ඉන්න අයත් ඉන්නවා. කිසිවක් නොකර මොනාහරි කරලා TV එකේ බැබළෙන්න කැමැති, ආන්දෝලනාත්මක පුවත් මවන අයවත් සමහරු තරු කියලා හඳුන්වනවා. අද මේ තියෙන්නෙ හොඳ දේ යට ගිහින් නරක දේ ඉහළට යන කාලයක්. ඇත්ත යට ගිහින් බොරුව උඩට එන කාලයක් අපි මේ පහුකරමින් යන්නෙ.

සොබාදහම වැඩි කාලයක් නොගෙන මේවට උත්තර දෙයි. වැරැදිකාර මිනිස්සු රත්වුණු හට්ටිය ඇතුළෙ නටනවා. එයාලට නටන්න සොබාදහම ටික කාලයක් දෙයි. ප්‍රභාකරන්ටත් අවුරුදු 30ක් දුන්නනෙ. ඉවසීමෙන්, උපේක්ෂාවෙන් සත්‍යවාදීව කටයුතු කළ යුතුයි කියන තැනයි මම ඉන්නෙ. මේ සියල්ල හදන්න පුළුවන් සොබාදහමට විතරමයි. එයා ඒක හරි ලස්සනට කරයි.

ඔබට අනුව වර්තමානයේ සිනමාවේ දක්ෂ තරු යුවළ කවුද?
හේමාල් රණසිංහ, ශලනි තාරකා, සමනලී ෆොන්සේකා.

රංගන ශිල්පිනියගෙන් මිදුණු දිල්හානි ඒකනායක කියන ගැහැනියට මේ තරම් ඉවසීමක්, දරාගැනීමක් ලැබුණෙ කොහොමද?
ඕනෑම කෙනෙක්ට ඉවසීම ලැබෙන්නෙ නරක දේවල් එක්ක ගැටෙනකොට. මම අභියෝග ගන්නෙ මම රඟපාන චරිතවලින් නෙවෙයි. ව්‍යායාම් කරලා ඇඟ හදාගන්න එක නෙවෙයි අභියෝගය. තමන්ට නොගැළපෙන ඍණාත්මක මිනිස්සු එක්ක ඔළුව ගහහෙන ඉන්න එකයි ජීවිතයේ අභියෝගය. මම සියල්ලට කාලය දෙන කෙනෙක්. තව කෙනෙක්ගෙ දෛවය වෙනස් කරන්න මට බැහැ. හැබැයි එහෙම අය එක්ක ඇසුරු කරන්න බැඳෙන්න අපිට හේතු වෙන්නෙ අපේ කර්මය, පාපය නිසා. එතැනදියි අපේ ඉවසීම එක්ක අපි අපේ ගමන යන්න ඕනෑ. මම එහෙමයි මගේ ගමන යන්නෙ. මේ ඉවසීම නැති නිසයි ළමයි ඩිවෝස් වෙන්නෙ. කසාදය ඇතුළෙ විතරක් නෙවෙයි රාජකාරි කරන තැනක වුවත් එතැන ප්‍රධානියා Negative වුණොත් එයා එක්ක ගැටෙන එක නෙවෙයි කරන්න ඕන. ඉවසීමෙන් තමන්ගෙ ගමන යන එක. ඉවසීම, දරාගැනීම ඇතිවෙන්නෙ ඒ ජීවිතයේ ගැටෙන දේවල් එක්කමයි.

අත්දැකීම්වලින් පරිණත වුණු වයසින් මුහුකුරා ගිය කෙනෙක් විධියට අද ජීවිතය දකින්නෙ කොහොමද?
මං ජීවිතය දකින්නෙ මං තුළින් විතරයි. මම ජීවත් වෙන්නෙ මා එක්ක. මං ජීවිතය දකින්නෙත් ජීවිතය හොයන්නෙත් මා තුළින් විතරමයි. මට ඒකට බුද්ධ දර්ශනය ඉවහල් වුණා. අනිසි දෙයින් ගැලවීමට සතුට ඇතිවීමට මට මම අනුගමනය කරන බුදුන්ගේ දර්ශනය හේතු වුණා. මම දැන් සැහැල්ලුවෙන්. මට මං යන ගමන ගැන දැනෙනවා වගේම හොඳින් සංවේදනය වෙනවා. අනිත් අයගෙ ගමන මම දන්නෙ නැහැ. මට වෙනස් කරන්නත් බැහැ. මං මගේ සංසාර ගමන කෙටි කරගන්න හදන කෙනෙක් මං යන ගමන්මඟ තුළින්. ඊළඟ භවයට එකතු කරගන්න ඕන දේ එකතු කරගන්න කෙනෙක්. මං සොබාදහමට ආදරය කරන, ඒ සොබාදහම, විශ්වාස කරන කෙනෙක්. මගේ හිත දන්නෙ මේ සොබාදහම මේ විශ්වය. මං එක්ක බැඳිලා මාව ආරක්ෂා කරමින් මගේ හොඳම යාළුවා වෙලා ඉන්නේ මේ විශ්වය. ඒක මට මාර හැඟීමක් දෙනවා. කවුරු හිටියත් නැතත් කමක් නෑ කියන සිතුවිල්ල මට තියෙන්නෙ විශ්වය මා එක්ක ඉන්න නිසා.

සෝෂල් මීඩියා කලාකරුවන්ගෙ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතෙන තැනට අද පත්වෙලා ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, යූටියුබ් චැනල් දකින කොට එහෙම දැනෙන්නෙ නැද්ද?
දැන් සෙලිබි්‍රට් තරු කියලා හඳුන්වන්නෙ සෝෂල් මීඩියාවල දාන දේවල්වල Viewersලා වැඩිවුණාම. මිනී මරලා හරිකමක් නෑ ඒකට Viewersලා වැඩි කරගෙන පොරවල් වෙන්නයි ගොඩක් අයට ඕන. හොඳට වඩා කුණු රසට අවධානය වැඩියි. ඒත් මම ජංගම දුරකථනය පාවිච්චි කරන්නෙ මොනාහරි දෙයක් ඉගෙන ගන්න. සෝෂල් මීඩියා කියන්නෙ නරක දෙයක් නෙවෙයි ඒක හරි විධියට පාවිච්චි කරනවා නම්. මටත් ඉන්ස්ට්‍රග්‍රෑම් පේජ් එකක් තියෙනවා. ඒක මේ බොහොම මෑතක හදාගත්තෙ. මොකද සමහර වෙලාවට අපිට ඒවා අවශ්‍ය වෙන තැන් තියෙනවා. FBවල ෆොටෝස් දාලා ඒවයෙ කමෙන්ට් දාන ප්‍රමාණයෙන් පැවැත්ම තීරණය කරන්න බැහැ. මට නම් ෆෝන් එක ගුරුවරයෙක්, ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් දේ එතැන තිබෙනවා.

ජීවිතේ ලේසියෙන්ම අත්හරින්න පුළුවන් දේ මොකක්ද?
ආත්මාර්ථකාමී මිනිස්සුන්ව ලේසියෙන්ම අත්හරින්න පුළුවන්. දුකක් දැනුණම මං බලන්නෙ ඇයි මට දුක හිතුණෙ කියලා. වැඩිපුරම මං හිතින් ළංවෙලා හිටපු අයගෙන් එහෙම වුණහමයි දුක. ප්‍රියතමයන් දැන් නැතිවේගෙන යනවා. දුක වැඩි දැඩිව අල්ලා ගත්තම. අත් හරින්න කියන තරම් ලේසි නැහැ. මටත් එහෙමයි. එහෙම වුණහම මට ආයෙ හිත යථා තත්ත්වයට පත්වෙන්න දවසක් දෙකක් යනවා. එහෙම අයව අයින් කරලා. හිත හදාගත්තට පස්සෙ දෙයියන්නාන්සෙ කිව්වත් ආයෙ අල්ලගන්නෙ නැහැ. එහෙම අත්හැරපු අය ජීවත් වුණත් මැරුණත් මට විශේෂ නැහැ. ජීවත් වුණත් එහෙම අය මට මැරුණු පුද්ගලයන්.

ජීවිතේ අත්හරින්න අපහසුම දේ මොකක්ද?
දැනට අත්හරින්න බැරිව ඉතුරුවෙලා ඉන්නෙ අත් හරින්නෙ නැත්තෙ මගේ දරුවාව විතරයි. එයා දැන් විවාහකයි. මම ඒ ලෝකෙට ඇඟිලි ගහන්නෙ නෑ. ඒත් ලෙඩකදී දුකකදී මං ඉන්නවා. මගේ ලොකුම බැඳීම. පුතා ඒ බැඳීම මම අත්හරින එකක් නැහැ කවදාවත්.

හෙට දවස ගැන මොනවගේ හැඟීමක්ද තිබෙන්නෙ?
ජීවත්වෙලා හිටියොත් අද දවසට වඩා හොඳ කරගන්නවා. අදට වඩා දියුණු වෙනවා. සිතුවිලි යහපත් කරගන්නවා. වැරැදි නිවැරැදි කරගන්නවා.

ලබපු විඳපු අත්දැකීම් එක්ක ජීවිත කතාව ලියන්න අදහසක් නැද්ද?
අනිවාර්යයෙන් එහෙම අදහසක් තියෙනවා. නිළියක් කියන තැනට එහා ගිහින් ජීවිතයෙ මුහුණ දුන්න දේවල් නිසා ලැබුණු අත්දැකීම් එක්ක මගේ කතාව ලියැවෙයි කාටහරි දවසක වටිනාකමක් ඇතිව කියවන්න.

බුද්ධිනී ජයවර්ධන
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" , "හදගැස්ම" අතිරේකයෙන්...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top