එමෙන්ම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු පද්ධතිය ඇතුළු පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් අදාළ නැව් සමාගමෙන් සහ එහි රක්ෂණ සමාගමෙන් ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 40 යෙන් මිලියන 18ක් මෙරටට ලැබීම අහිමි වී ඇති බව ද සඳහන්.
ඊට හේතු වී ඇත්තේ වියදම් ඇස්තමේන්තු කිරීම්වලදී සිදුවූ අත්වැරදීමක් බවයි වාර්තා වන්නේ.
එලෙස අදාළ නෞකා සමාගමෙන් සහ රක්ෂණ සමාගමෙන් එම වන්දි මුදල ගෙවීමට නියමිතව තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වියදම් ප්රතිපූර්ණය කර ගැනීම සඳහා පමණයි.
කෙසේ වෙතත්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත වියදම් සම්බන්ධයෙන් ද ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නැව් සමාගම සහ රක්ෂණ සමාගම මෙලෙස ඩොලර් මිලියන 18ක් මෙරටට ලබාදීම කපා හැර දමා තිබෙනවා.
එලෙස මෙරටට අහිමි වූ මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 3600ක් පමණ වනවා.
මේ වන විට මෙරටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 03ක් පමණයි.
ලැබිය යුතු අනෙකුත් ඩොලර් මිලියන 19කට ආසන්න මුදල මෙතෙක් මෙරටට ලැබී නැත්තේ ඉදිරිපත් කළ ලියකියවිලිවල ගැටළුවක් හේතුවෙන් බව ද සදහන්.