Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
"ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට පත්වුණේ වසර තුනකට..මගේ වත්කම ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන හත්දහසයි." - දන්නේ නැත්නම් කියවලා බලන්න මේ තමයි ටොම් මූඩි

- "ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට පත්වුණේ වසර තුනකට..මගේ වත්කම ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන හත්දහසයි." - දන්නේ නැත්නම් කියවලා බලන්න මේ තමයි ටොම් මූඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70 Views
ඒ කාලේ මම දක්ෂතා දැක්වූ මලල ක්රීඩකයෙක්.
 
මට ඒ කාලේ ‘දිගා’ කියලා තමයි හැමෝම කිව්වේ...
 
ශ්රී ලංකාව ලෝක කුසලානයේ අනුශූරයන් කරලා තිබුණ නිසා මගේ වෙළෙඳ අගය වැඩි වුණා.
 
එත් මම එකපාරට ඔස්ට්රේලියානු කණ්ඩායම භාර ගන්න සූදානම් ව සිටියේ නැති නිසා ඒ තරගයෙන් ඉවත් වුණා.
 
මගේ නම ටොම් මූඩි. ඒ වුණාට මගේ උප්පැන්නේ තියෙන්නේ තෝමස් මේසන් මූඩි කියලයි. ඉපැදුණේ 1965 ඔක්තෝබර් 02 වැනි දා. මගේ ලග්නය තුලා.
 
මම ඉගෙන ගත්තේ පර්ත් නුවර පිහිටි ගිල්ෆර්ඩ් ග්රැමර් පාසලෙන්.

ඒ විදුහලට මම ඇතුළත් වුණේ මගේ පියා එම විදුහලේ ප්රධාන ගුරුවරයා වුණු නිසා. ඒ නිසා මම ගුරු පවුලකින් පැවත එන දරුවෙක්.
පසු කාලෙක ඒක මට මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් කර ගන්න හේතු වුණා කියලා දැන් මට හිතෙනවා.
 
ඒ කාලේ මම දක්ෂතා දැක්වූ මලල ක්රීඩකයෙක්. විශේෂයෙන් උස පනින්න තමයි මම වැඩියෙන් ම දක්ෂතා දැක්වූයේ. මෙහෙම ක්රීඩා කරද් දී මම පාසල් පාපන්දු කණ්ඩායමත් නියෝජනය කළා. නමුත් ඒ හැමදේටම වැඩිය මම ක්රිකට් ක්රීඩාවට දක්ෂතා දක්වන්න පටන් ගත්තා. ඒ නිසා අවුරුදු දහතුන වෙද්දී මට හැකි වුණා පාසලේ පළමු පෙළ ක්රිකට් කණ්ඩායමට ක්රීඩා කරන්න. නිකමට හිතන්න එතකොට මට දහතුනයි හොඳ ද?
 
පාසෙලන් නික්මුණාට පස්සේ මට එසැණින් බටහිර ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. මිඩ්ලන්ඩ් ගිල්ෆර්ඩ් කණ්ඩායමට තමයි එතැන දී මා එක් වුණේ. ශීත කාලයේ දී විදේශීය තරග අත්දැකීම් ලබා ගන්න අවසර ලැබුණා. ඒ අනුව තමයි එංගලන්තයේ උතුරු ලීග ක්රිකට් අත්දැකීම් ලබා ගන්න මට තරුණයකු වශයෙන් හැකියාව උදා වුණේ.
 
මට ඒ කාලේ ‘දිගා’ කියලා තමයි හැමෝම විසුළුවට කීවේ. මොකද මම මීටර් 1.98 ක් උසයි. මම පළමු පෙළ තරග වෙනුවෙන් ක්රීඩා කරන්න පටන් ගත්තේ 1985/86 තරග වාරයට. ඒ වෙස්ටර්න් ඕස්ට්රේලියානු කණ්ඩායම වෙනුවෙන්. ෂෙෆීල්ඩ් පළිහට තිබුණු තරගාවලියට මම ක්රීඩා කළා. ඒ වගේම එංගලන්තයේ වොවික්ෂයර්, වොෂ්ටර්ෂයර් කණ්ඩායම්වලටත් ක්රීඩා කරන්න අවස්ථාව උදා කර ගත්තා. මේ ගමනේ දී මම බටහිර ඔස්ට්රේලියානු කණ්ඩායමටත් වොෂ්ටෂයර් කණ්ඩායමටත් නායකත්වය දුන්නා.
 
ඒ කාලේ මම ටිකක් විතර ප්රවේගකාරී පිතිකරුවෙක් කියලා තමයි විචාරකයෝ හැඳින්වූයේ. ටිකක් විතර කේන්ති යනවා කියලත් කිව්වා. කොහොම හරි මම පළමු පෙළ ලකුණු විසි දහසකට වඩා රැස් කළා. ශතක හැට හතරක් ඒ අතර තිබුණා. ඒ වගේම මම මඳ වේගපන්දු යවන්නෙක් විදිහටත් දක්ෂතා දැක්වූවා.
 
1990 ග්ලැමෝර්ගන් ප්රාන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 36 කින් ශතකයක් රැස් කරපු එක මගේ වේගවත් පිතිහරඹය ගැන නිදර්ශනයක්. 1991 වොෂ්ටෂයරය වෙනුවෙන් වසරක් තුළ ලකුණු 1387 ක් රැස් කිරීම ප්රාන්ත වාර්තාවක්. 1995- 1999 අතර කාලය තුළ මට වොෂ්ටර්ෂයර් කණ්ඩායමේ නායකත්වය දරන්න ලැබුණා. 1991 බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලානත්, 1994 නැට්වෙස්ට් කුසලානත් දිනාගත්ත කණ්ඩායම් දෙකේ මමත් සාමාජිකයෙක්.
 
ඔස්ට්රේලියාව වෙනුවෙන් ජාත්යන්තර එක්දින වර්ණ මම දිනා ගත්තේ ඉන්දියාවට එරෙහිවයි. ඒ 1987 අවුරුද්දේ. චෙන්නායි හි තිබුණු ලෝක කුසලාන තරගාවලියේ දී තමයි මට ඒ අවස්ථාව උදා වුණේ. ටෙස්ට් වරම් ලැබුණේ නම් 1999 වසරේ නවසීලන්තයට එරෙහිවයි. ඒ මංගල තරගයේ දී මට ලකුණු 61 ක් ලබා ගන්න හැකි වුණා. හැබැයි මට ඔස්ට්රේලියාව නියෝජනය කරන්න ලැබුණේ ටෙස්ට් තරග අටක දී විතරයි. ඒ 1989-1992 කාලයේ.
 
හැබැයි එක්දින තරගවල දී මම වැඩිපුර සාර්ථක වුණා. ඒ නිසා ඔස්ට්රේලියාව ක්රීඩා කළ ලෝක කුසලාන තරගාවලි තුනක් නියෝජනය කරන කණ්ඩායමේ රැඳෙන්න මට හැකි වුණා. එකක් නෙවෙයි තුනක්.
 
ඒකෙදි අවසන් තරග දෙකකට ක්රීඩා කරන්නත් මට හැකි වුණා. 1987 වගේම 1999 මම ස්ටීව් වෝ එක්ක ලෝක ශූරතා දෙකක් දිනූ කණ්ඩායමක ගෞරවනීය සමාජිකයෙක් වුණා. ඒ වගේ ජයග්රහණය ලැබූ කණ්ඩායම් දෙකක් නියෝජනය කරපු දෙවැනි ඔස්ට්රේලියානුවා තමයි මේ ටොම් මූඩි කියන්නේ. මට 1999 ලෝක කුසලාන තරගාවලියේ දී පන්දු 28 කින් අර්ධ ශතකයක් රැස් කරන්න පිළිවන් වුණා.
ඒක තමයි ලෝක කුසලානයක වේගවත් ම අර්ධ ශතකය ලෙස සැලකුණේ.
 
1994 ටිම් කර්ටිස් එක්ක පළමු පෙළ තරගයක තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 309 ක වාර්තාවක් පිහිටුවන්න මට හැකි වුණා.
 
නමුත් මගේ කොන්ද ආශ්රිතව තිබූ වේදනාත්මක තත්ත්වයක් එක්ක ක්රිකට් ක්රීඩාවෙන් සමුගන්න මම කටයුතු කළේ 2000-01 තරග වාරයේදීයි.
ක්රිකට් ක්රීඩාවෙන් සමුගත්තාට පසුව පුහුණුකරුවකු වශයෙන් ක්රියා කරන්න පටන් ගත්ත මම ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයන්ගේ නියෝජිතයා වශයෙන් කටයුතු කළා. එම සමුගත්ත වසරේ සිටම වොෂ්ටෂයර් කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂවරයා ලෙසින් කටයුතු කළෙත් මමයි. ඊට පස්සේ ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් කෙටි කලක් කටයුතු කරන්න මට අවස්ථාව උදා වුණා.
 
ඉන්දියානු ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු වෙන්න 2005 අවස්ථාවක් නිර්මාණය වුණත් පස්සේ ඒක ග්රෙග් චැපල්ට හිමි වුණු නිසා මට අවස්ථාව අහිමි වුණා. ඒත් ඒ අවුරුද්දේ දී ම මට ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. එතැන දී මට 2007 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ශ්රී ලංකා
 
ක්රීඩකයන් රැගෙන යන්න හැකි වුණා. සමහර විට 2007 කියන්නේ අවුරුදු 14 ක ට ඉස්සෙල්ලානෙ.
ඒ කියන්නේ ගොඩාක් කාලයකට ඉස්සර වුණු එකක් නිසා ඒ වැඩේ එකෝමත් එක කාලයක වගේ මතකයෙන් ගිලිහුණු සංසිද්ධියක් වෙන්නත් පිළිවන්.
ඊට පස්සේ මගේ මව්බිමෙන් ඉල්ලීමක් ආවා ඔස්ට්රේලියානු කණ්ඩායමේ පුහුණුකාරිත්වය භාර ගන්න කියලා. ඒ වෙනකොට ශ්රී ලංකාව ලෝක කුසලානයේ අනුශූරයන් කරලා තිබුණ නිසා මගේ වෙළෙඳ අගය වැඩි වුණා. එත් මම එකපාරට ඔස්ට්රේලියානු කණ්ඩායම භාර ගන්න සූදානම් ව සිටියේ නැති නිසා ඒ තරගයෙන් ඉවත් වුණා.
 
අන්තිමට 2007 මැයි මාසයේ මම වෙස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමේ කළමනාකරු සහ ප්රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්න ගිවිස ගත්තා. ඒක වසර තුනක පත්වීමක්. කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම වසර තුනක් පුහුණු කළේ මම.
මට වෙස්ටර්න් ඔස්ට්රේලියා කණ්ඩායම තරග සමයන් තුනක දී එක් අවසන් තරගයකට රැගෙන යන්න පිළිවන් වුණා.
 
අනික් බොහෝ ක්රීඩකයෝ වගේ මටත් ක්රිකට් විස්තර විචාරක අට්ටාලය නුපුරුදු තැනක් නොවෙයි. චැනල් නයින්, චැනල් ටෙන් නියෝජනය කරමින් දේශීය හා අන්තර්ජාතික තරග විස්තර කථනයට මම එක්වෙනවා. 2012 වසරේ මට සන්රයිස් හයිද්රාබාද් කණ්ඩායමේ පුහුණුකාරිත්වය බාර ගන්න ඇරැයුමක් ලැබුණා.
මම වසර හතක් තිස්සේ ඔවුන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. අපි පස් පාරක් අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් අතරට එන්න තියෙන වටයට සුදුසුකම් ලබා තිබෙනවා.2016 වසරේ ශූරතාවත් දිනා ගත්තා.
 
මම රංග්පූර් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙනුත් ක්රියා කර තිබෙනවා.
මම දීර්ඝ කාලයක් තිස්සේ ක්රිකට් උපදේශකයකු වශයෙන් ක්රියා කරලා පළපුරුද්දක් අත්කරගත්තා යැයි සිතනවා. අන්තර්ජාතික ක්රිකට් අධ්යක්ෂවරයෙක් වශයෙන් මට කටයුතු කරන්න ලැබුණු අවස්ථා ගාන වැඩියි. එතැන දි කැරිබියන් ප්රිමියර් ලීගයේ උපදේශකයකු වශයෙනුත් බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් කණ්ඩායමේ උපදේශකයකු ලෙසත් මට කටයුතු කරන්න ලැබුණා. ඒ වගේම පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ දී මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වෙන්නත් මට සිද්ධ වුණා.
 
කැනඩාවේ විස්සයි විස්ස ලෝක ශූරතාවේ දී මොන්ට්රියල් ටයිගර්ස් කණ්ඩායමේ පුහුණුකරු වුණා. මාව සයින්රයිස් හයිද්රාබාද් පුහුණුකාරිත්වයෙන් ඉවත් කරලා 2021 යළි එහි පුහුණු අධ්යක්ෂ ලෙස බඳවා ගත්තා.
 
එහෙම ආපු මම 2021 පෙබරවාරි මාසයේ ශ්රී ලංකා ක්රිකට් අධ්යක්ෂ ධුරයට පත්වුණා. එතැන දි මම ශ්රී ලංකා ක්රිකට් තාක්ෂණ කමිටුවට උපදේශන කර්තව්යයක නිරත වෙනවා. වසර තුනකට තමයි මම මේ පත්වීම ලබලා තිබෙන්නේ. විදේශීය සංචාර, දේශීය තරග ව්යුහය, ක්රීඩකයන්ගේ දක්ෂතා දැක්වීම මත ගෙවීම් සිදු කිරීම, ක්රීඩක සුබසාධනය, අධ්යාපනය, පුහුණු හා සංවර්ධන කටයුතු පිළිබඳ මට වගකීම් පවරා තිබෙනවා.
 
මම කිව්වේ නැතත් මේ ලිපිය තුළ මගේ වත්කම් ගැන ජාත්යන්තරයේ කතා වෙන විස්තර ඇතුළත් වෙන බව මම දන්නවා. ඒවා වැඩි දෙනෙක්ගේ දැනගැනුමට මම කියන්නම්. නමුත් ඒවා මගේ නිල ප්රකාශයක් විදිහට සලකන්න එපා. මේවා මා ගැන අන්තර්ජාලයට ගියාම ඔබට සොයාගන්න ලැබෙන දේවල්.
 
ටොම් මූඩි වන මගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 35 යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන හත්දහසයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවා කොන්ත්රාත්තුව ගැන මම කතා කරන්න යන්නේ නෑ, මොකද ඒ, ගිවිසුමක් ගහලා තියෙන හින්දා.
 
ඒත් මම එකක් කියන්නම්, මම හරියටම අඩි හයයි අඟල් හතක් උසයි. ඉස්සෙල්ලා කිව්වා වගේ මට හුඟාක් අය කියන්නේ ‘දිගා’ කියලා. දැන් මට වයස පනස් පහක්. ඕගොල්ලන්ගේ දැනුමට අනුව මට වැඩ පුළුවන් ද කියලා හිතලා බලන්න.
 
කසුන් ඉරුගල්බණ්ඩාර
සිළුමිණ පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top