කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 4919,323 දෙනෙකුට ලබා දී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,346,048ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අතර ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 159,081 දෙනෙකු ලබාගෙන ඇති අතර එම එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 14,464ක්.
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකු ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම එන්නතේ දෙවන මාත්‍රාව 385,885 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මේ අතර ෆියිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 126,058 දෙනෙක් වන අතර ඇමරිකාවේ නිෂ්පාදනයක් වන මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත මෙරට පුද්ගලයින් 563,368 දෙනෙකුට ලබා දී ඇති බව වාර්තා වනවා.
මේ අතර අද (24) දිනයේද දිවයින පුරා කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක අතර පහත දැක්වෙන ස්ථාන වලින් එම එන්නත් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙන්නේ.