Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
"මම අදටත් ජීවත් වෙන්නේ මගේ පැලේ. විභාගය ලිව්වේ නංගිගේ මිනිය ගෙදර තියාගෙන. තාත්තා පොල් ගස් බඩගෑවා.." - වර්ජන ගර්ජන නැති දිසාපාමොක් පරපුරේ ගුරුවරයෙක්

- "මම අදටත් ජීවත් වෙන්නේ මගේ පැලේ. විභාගය ලිව්වේ නංගිගේ මිනිය ගෙදර තියාගෙන. තාත්තා පොල් ගස් බඩගෑවා.." - වර්ජන ගර්ජන නැති දිසාපාමොක් පරපුරේ ගුරුවරයෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71 Views
මම ගොඩක් දුක් මහන්සියෙන් ජීවත් වෙමින් කුප්පි ලාම්පුවේ එළියෙන් පාඩම් කරපු කෙනෙක්.
සාමාන්ය පෙළ විභාගය ආරම්භ වෙලා දින තුනක් යද්දි මගේ නංගි හදිසියේම මිය යනවා
 
ලක්ෂ 40 ක් වන පාසල් දරුවන්ට පාසල් අධ්යාපනයක් නොමැති එකම විකල්පය වූ මාර්ගගත ඉගැන්විමත් අහිමි වූ අබුද්දස්ස වකාවානුවක් එළඹ ඇත්තේය.
 
එක් හේතුවක් කොවිඩ්ය. දෙවැන්න වැටුප් අරගලයේ යෙදි සිටින ගුරු වර්ජනයය. පාසල් දරුවන් මේ වන තෙක් වසර එකහාමාරකට අධික කාලයක් අධ්යාපනය ලද්දේ පාසලක් තබා ගුරුවරයකුවත් නොදැක්ක පසුබිමකය. 
 
මේ කතාව ගුරු වර්ජනය ගැන නොවේ. දහසක් ගුරුවරු අතර වූ තවත් එක් ගුරුවරයකු ගැන කියන්නටය.

වැඩි වැටුප් ඉල්ලමින් අරගල කරන මොහොතක රටේ විශිෂ්ටතම ගුරුවරයා වූ ඔහු පාසල් දරුවන්ට අකුරු කරන්නේ තමන්ට උරුම වූ එකම ගෙපැලේ සිට අතට හුරු පාපැදියෙන් සැරිසරන්නේ සිග්නල් කණු සොයමිනි.
 
වැව් ඉස්මත්තේ, පාළු වත්තක ගසක ගැසූ ඇණයක සිය එකම ස්මාර්ට් ජංගම දුරකතනය රඳවමින් ඔහු අදටත් සිය දරුවන් හා එක් වන්නේ කොතෙකුත් සම්මාන ලදද දරුවන්ගේ අධ්යාපන ගමනට තමන් උර නොදෙන්නේ නම් ඔහු සැබැ ගුරුවරයකු නොවන නිසාය.
 
මේ ඔහුගේ කතාවයි.
ගුරු වෘත්තියට පිවිස අවුරුදු 6 ක් වැනි කෙටි කලකදී හා වයස අවුරුදු 32 දී ඔහු 2018 වසරේ ලංකාවේ විශිෂ්ටතම ගුරුවරයා වන්නේ අනිකුත් ගුරුවරු අතරිනි.
 
2019 වසරේදි ඔහු අවංකතම රාජ්ය සේවකයින් 10 දෙනා අතරට පිවිසෙන්නේද ගුරුවරයකු වශයෙන් ලබා දුන් සිය දායකත්වය නිසාවෙනි.
යළිත් කොවිඩ් වසංගතය පැවැති 2021 එනම් මේ වසරේ අප්රේල් මාසයේ ඔහු ආසියාවේ හොඳම ගුරුවරයා බවට පත් වන්නේය.
ඉන්දියාවේදි පැවැති එම තරගයේද තමන්නට හිමි සම්මානය ඔහු තැපෑලෙන් හිමි කර ගන්නේ කොවිඩ් නිසාය.
 
ඒ සියල්ලම ලද ද අදටත් ඔහුට උරුම කුඩා පැලක් පමණි; පාපැදියක් පමණි.
 
ඔහු අසිත් මුතුකුමාරණ ජයරත්නය. කුරුණෑගල කණඔටුව කනිෂ්ඨ පාසලෙන් මුලික අධ්යාපනය ලද ඔහු උසස් පෙළ හැදෑරීමට යන්නේ කුරුණෑගල මලියදේව පිරිමි පාසලටය. දියණියක් සිටින අසිතගේ මව දරුවන්ට අකුරු කරන්නට මුදලක් සොයා ගන්නේ වතුපිටිවල වැඩට එක් වීමෙනි.
 
පියා ජිවත් වන්නට මුදලක් ලබා ගන්නේ පොල්ගස් බඩ ගෑමෙනි. ජීවිතයේ කිසිදු ආලෝකයක් නොලත් අසිතගේ එකම ශක්තිය වූයේ උත්සාහය පමණි.
 
“මම ගොඩක් දුක් මහන්සියෙන් ජීවත් වෙමින් කුප්පි ලාම්පුවේ එළියෙන් පාඩම් කරපු කෙනෙක්.
අත දෙන්න කිසිවකුත් හිටියේ නැහැ. මම සාමාන්ය පෙළ විභාගයට ගියේ එකම නංගිගේ මිනිය ගෙදර තියෙද්දී. සාමාන්ය පෙළ විභාගය ආරම්භ වෙලා දින තුනක් යද්දි මගේ නංගි හදිසියේම මිය යනවා. පසුදින ගණිතය. නංගි මැරුණ බව නොකියා විදුහල්පතිතුමා එදා මාව එයාලගේ ගෙදර එක්ක ගෙන යනවා.
මම පසුදින හොඳට විභාගය ලියලා ගෙදර යනකොට නංගිගේ මිනිය.
නංගිගේ මිනිය ගෙදර තියාගෙන මම පාසල් ගියා; විභාගය ලිව්වා; ගෙදර ආවා. එච්චරයි මට මකත.
ඒත් මම හොඳින් පාස්වෙලා උසස් පෙළ හදාරන්න කුරුණැගල මලියදේවයට යනවා.
මේ වෙන කොට මගේ ඇඟේ තිබුණේ, කලාව, නාට්ය හා සංගීතය. මේ හරහා මම උසස් පෙළ ලියලා ඒ 2 යි බි එකයි ගන්නවා.
ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්යාලයේ ශ්රී පාලියට අයැදුම් කළේ නැටුම් හදැරීමට. එහිදි මට කොන්දේ අමාරුවක් හැදෙනවා. මම නැටුම් කිරීම අතහැරලා නාට්ය හා රංග කලාව කරනවා. ගමේ නාට්ය පමණක් දැක තිබූ මට කොළඹ විවිධ නාට්ය සන්දර්ශන දකින්න ලැබෙන කොට පුදුම හිතුණා..." අසිත් පවසන්නේය.
විශ්වවිද්යාලයෙන් අනතුරුව අසිත්ගේ ජීවිතයට තවත් ආරම්භයක් සපයන්නේ රැකියා ජීවිතයයි. ඔහුගේ එකම අරමුණ නාට්ය හා රංග කලාව ඔත්සේ යාම මිස ගුරු වෘත්තියට පිවිසිම නොවේ. නමුත් ජීවත් විමට යම් මුදලක් ඇවැසි නිසා ඔහු ගුරු විභාගයට මුහුණ දී ගුරුවරයකු ලෙස වෘත්තියට එක් වන්නේය. ඔහුගේ එකම හා වර්තමාන ගුරු වෘත්තිය සඳහා එක්වන පාසල කල්පිටිය දළුව ශාන්ත ඇත්තෝනි විදුහලයි.
 
“ ඒ පාසලේදි ගුරුවරයකු විදියට මගේ කාර්යභාරය තේරුණේ පාසලට ඇතුළු වූ මොහෝතේදී.
මම නාට්ය හා රංගකලාව කළත් උගන්වන්න වුණේ භූගෝලය. අවසානයේ මම දරුවෝ එකතු කරගෙන නාට්ය හා රංග කලාව ආරම්භ කළා.
ඒ වසරේ සිටම සිසුන් සමස්ත ලංකා ජාතික මට්ටමෙ තරග වලට ඉදිරිපත් කළා. ඒ සියල්ලම කළේ විශාල අභියෝග රැසක් මධ්යයේ. මේ අතර මම 2018 විශිෂ්ටතම ගුරුවරයා තරගයට ඉල්ලුම් කළා. මම ජයග්රහණය කළා. මට මුදලින් ලක්ෂ 10 ක් ලැබුණා.
එවකට නිවාස ඇමැතිව සිටි සජිත් ප්රේමදාස මහතා නිවාසයක් ලබා දෙන බව පොරොන්දු වුවත්, එය මේ වන තෙක් ලැබී නැත.
 
“මම අදටත් ජීවත් වෙන්නේ මගේ පැලේ. මට දරුවන්ට ඔන්ලයින් කරන්න තියෙන්නේ ෆෝන් එක විතරයි. ඒත් සිග්නල් නැහැ. දරුවන්ට ඔන්ලයින් උගන්වද්දී සිග්නල් තියෙන තැන් හොයා ගෙන යන්න වෙනවා. වතුවල සිග්නල් තියෙන තැන්වල ගස්වල ඇණ ගහලා ෆෝන් රඳවන්න තැන් සකස් කරලා තියෙන්නේ. ඒ වගේ අභියෝග මැද තමයි දරුවන්ට අපි පන්ති කරවන්නේ. මමත් නිදහස් අධ්යාපනයෙන් උගත් අයෙක්. ඒ නිසා කුමන බාධා ආවත් මම ඒ දරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.....“ අසිත් පවසන්නේය.
 
මේ වන විට ගුරුවරු විසින් ආරම්භ කර ඇති වැටුප් වර්ජනයට තවමත් විසඳුම් ලැබී නොමැත. මේ නිසා පාසල් යා නොහැකි ලක්ෂ සංඛ්යාත දරුවෝ තවත් අසරණව සිටිති. සම්මානයට පාත්ර වූ මෙවැනි ගුරුවරු බොහෝමයක් තවමත් අප අතරය. ඔවුන්ට මේ වර්ජන වුවමනා නැත. කුමන බාධා විඳ හෝ ඔවුහු වෙහෙසෙන්නේ දරුවෝ වෙනුවෙනි.
 
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top