වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙරේදා ඉදිරිපත් කළ අභියෝගය විපක්ෂය විසින් භාරගෙන තිබෙනවා.
ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්යවරයා ඊයේ (23) පැවති මාධ්ය හමුවේදී ද මෙම අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම සදහන් කරමින් ආරාධනයක් ද සිදුකළා.
ඒ අනුව අදාළ අභියෝගය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් භාර ගත් අතර ඊට අදාළ විවාදය ලබන 29 වන බ්රහස්පතින්දා හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහන ඔස්සේ පැවැත්වීමට නියමිතයි.