Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
24
"ඇඳිවතින්ම සුසානයට යන මේ ශරීරය භෞතික දෙයින් සන්තර්පනය කිරීම අනවශ්‍ය බව මම දහමෙන් අවබෝධ කරගෙන ඉන්නේ"

- "ඇඳිවතින්ම සුසානයට යන මේ ශරීරය භෞතික දෙයින් සන්තර්පනය කිරීම අනවශ්‍ය බව මම දහමෙන් අවබෝධ කරගෙන ඉන්නේ"Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,195 Views
කාලෙකට පස්සේ ආයෙමත් පුංචි තිරයේ දකින ඇය 89, 90 කාලයේ දිදුලන සිනමා තරුවකි.
 
කැත්ත, උදැල්ල හොඳට හුරු ඇය මේ මහා පොළොවට මහත් වූ ආදරයෙන් ගහ කොළ සොබා දහම හා බැඳී ජීවිතයේ යථාර්ථය අත්දකින්නීය.
 
නිළිකම ආභරණයක්කර හිස උදුම්මා ගන්නට තරම් නොවන බව ඇගේ ආකල්පයයි. කිරි අම්මාගේ ඇසුරෙන් වැඩිපුර ජීවන පෝෂණ ලද ඇය ඉවසීම, පරිත්යාගශීලී බව, අවැසි තැන්හී නම්යශීලීවීම, ගැමිකම, දේශීය සංස්කෘතිය අගයන බුදු දහමේ පෝෂණයෙන් මනාව හික්මුණු, නිහතමානී තැනැත්තියක බවට කලා ක්ෂේත්රයේ ප්රකටය.
 
ඇය මොරින් චාරුනී යි.

චන්න පෙරේරාගේ අලුත් ම චිත්රපටයේ මම රඟපානවා. මාලනී අක්කා එක්ක සෑහෙන කාලෙකින් මට එකට වැඩ කරන්න මේ චිත්රපටය නිසා හැකි වුණා." මොරින්ගේ රංගන ජීවිතයේ වැඩිපුර ම හමු වන චරිතය වන්නේ වලව්වේ පුංචි කුමාරිහාමි ය.
 
"1985 දී සිරිල් වික්රමගේ අධ්යක්ෂණය කළ ‘කරදිය වළල්ල‘ චිත්රපටයෙන් පටන් ගත්තා ම‘ රූමතිය‘, ‘ගොළු මුහුදේ කුණාටුව‘, ‘සයනේ සිහිනය‘, ‘සක්විති සුවය‘ ඇතුළුව චිත්රපට හතළිහක විතර මම රඟපෑවා.
 
සම්මානත් ලැබී තියෙනවා. ඒ අතරින් මට අදටත් හීනයක් වගේ දැනෙන සම්මානයක් තියෙනවා. ඒ තමයි වරක් ජනතා සම්මාන උලෙළේදී විජය - මාලනී යුවළ ජනප්රිය ම නළු නිළි යුවළ ලෙස සම්මාන ලබද්දී මට ජනප්රිය නැඟී එන නිළිය සම්මානය ලැබීම යි.
ඒ කාලේ පත්තරේ මුල් පිටුවක සිනමාවේ දැවැන්තයින්, විශිෂ්ටයින්, සුරූපීන්, අතිශයින් ජනප්රිය රංගන ශිල්පී යුවළක් වුණු විජය - මාලනී දෙදෙනාගේ ඡායාරූප එක්ක මගේ රූපයත් පළ කරලා තියෙනවා දැකලා මට ඇඬුණා.
 
මට අදටත් හිතාගන්න බෑ මං ඇඬුවේ සතුටට ද දුකට ද කියලා. ඒ මගේ සිනමා ජීවිතයේ සොඳුරුතම කාලය යි. ඒ කාලේ අපේ සිනමාවත් හරි ම පොහොසත්."
 
ඒ සුපිරි සිනමාව ටිකෙන් ටික බිඳ වැටෙමින් දියාරු වන්නට වූ බව ඇය සංවේගයෙන් යුතුව සිහිපත් කළා ය.
"විවෘත ආර්ථිකයත් එක්ක ලෝකෙ ආර්ථික සමාජ චින්තන වෙනස් වුණා. අපේ සිනමාව ඉන්දියානු සිනමාව වගේ දියුණු කරගන්න බැරි වුණා.
අපි හිටපු තැනම හිටියා. දියුණු දේවල් එක්ක තරග කරගෙන ඉදිරියට යන්න අපට බැරි වුණා. අපේ සිනමාව ටිකෙන් ටික බිඳ වැටෙන්න මේ හැමදෙයක් ම හේතු වුණා කියලයි මං හිතන්නේ."
 
උපතින් ගෙනා රංග කෞෂල්යය ප්රවීණයන් නිසා ඔප දැමුණු බව ඇය සිහි කළේ කෘතවේදීත්වයෙන් යුතුව ය.
 
"මම සිනමාව ගැන ලොකු අත්දැකීම් තිබුණු කෙනෙක් නෙවෙයි. ලොකු අවබෝධයක් ඒ ගැන තිබුණෙත් නෑ. හැබැයි මට සිනමාවේ ප්රවීණයින් සමඟ එකට වැඩ කරන්න ලැබුණා. රංගන ශිල්පීන් වගේ ම සිනමා නිර්මාණයට දායක වන සෑම ක්ෂේත්රයකම ශිල්පීන්ගෙන් මට යමක් ඉගෙන ගන්න ලැබුණා.
 
මගේ පවුලේ අයගෙනුත් ලොකු සහායක් ලැබුණා. මේ දෙපාර්ශ්වය ම දෙපැත්තෙන් ඉඳගෙන ඉතා සවිමත් ව අල්ලාගෙන සිනමාව නමැති ඉණිමගේ මේ තාක් ඉහළට නැඟගන්න මට උදව් කළා.
 
මමත් ඒ අය අල්ලාගෙන ඉන්න ඉණිමග දිගේ ඉතා ම ඉවසීමෙන්, බොහොම කල්පනාවෙන්, සීරුමාරුවට මේ තාක් ඉහළට නැඟ ගත්තා." තිස්ස අබේසේකරයන් ඇයට හමු වන්නේ ඒ ගමනේ අතරමගදී ය.
 
"ඇත්තට ම මම සිනමාව නිසි විදිහට ඉගෙන ගන්නේ එතුමාගේ හමුවීමත් සමඟයි.
කටහඬ හසුරවන්න, සිනමාවේ ගැඹුර මට එතුමා අවබෝධ කර දුන්නා. විශිෂ්ට සිනමා කෘති බලන්න, වැඩමුළුවලට සහභාගී වෙන්න, රංගනයේ සියුම් භාව හඳුනා ගන්න, ඒවා වැඩිදියුණු කරගන්න එතුමා තමයි ගුරුහරුකම් දුන්නේ. ඒ අත්දැකීම් රංගන ජීවිතයේ විවිධ චරිතවලට අවතීර්ණ වෙන්න මට උදව් වුණා.
 
සමන් කුමාර ලියනගේ අධ්යක්ෂණය කළ "සඳගලතැන්න" නිර්මාණය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය බවට පත්වන්නේ ඒ ලැබූ ගුරුහරුකම්, අත්දැකීම්වල ප්රතිඵල හැටියටයි. සම්මාන උලෙළ හතරකදී ඒ චරිතය හොඳම සහාය නිළියට නිර්දේශ වුණා.
 
ඊට පස්සේ තමයි චරිතාංග නිළියක් හැටියට මගේ රංගාවතරණය සිදු වන්නේ.
ඉක්මනින් දුවන්න, හඹාගෙන යන්න මට ඕනෙ වුණේ නැහැ. මට ඕනෑ වුණේ මේ ක්ෂේත්රයේ වැඩි කාලයක් රැඳී ඉන්නයි.
 
එහෙම ඉන්න නම් හඹා යන්න නරකයි. කාගෙන්වත් කරදරයක්, හිරිහැරයක්, කයි කතන්දරයක්, අතුරු ආන්තරාවක් නැතිව සීරුමාරුවට නොගියා නම් නැති කරදර ඇති වෙනවා. හිත් අමනාපකම් ඇති වෙනවා. පුංචි පුංචි දේවල් ඇති වුණත් මම ඒවා ඇඟට ගන්නේ නෑ. මට රඟපෑම ආභරණයක් විතරයි. මම ඒ ආභරණය නිසා බැබළෙනවා. ඇඳිවතින් ම සුසානයට යන මේ ශරීරය භෞතික දෙයින් සන්තර්පනය කිරීම අනවශ්ය බව මම දහමෙන් අවබෝධ කරගෙන ඉන්නේ. “
 
“අනිත් අය කරන දේවල් ගැන මට විවේචන නෑ. මම නම් මෙහෙමයි. රඟපෑමේදී විවිධ ස්වරූප ගන්නවා. උත්සවයකට වගේ යද්දී වැඩිපුරම ඔසරියෙන් සැරසෙනවා. වත්තේ වගා කටයුතු කරද්දී බූට්ස් දෙකක් දාලා කොට කලිසමකුයි කමිසයකුයි ඇඳ ගන්නවා. කඩේකට බැංකුවට වගේ යද්දි ඇඟ වැහෙන්න ඇඳන් යනවා හැරෙන්න මේකප් කර කර, ආභරණ ද දා නම් කාලය නාස්ති කරන්නේ නෑ. ඒක මේතාක් මට වරදක් වෙලා නෑ. ඒ නිසා මම දිගටම මෙහෙම තමයි."
 
"මගේ සැමියා ගිහාන් ඉඹුලාන සංචාරක කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්. මේ දවස්වල නම් ලංකාවෙ නෑ. කොවිඩ් තත්ත්වය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය මේ දවස්වල ටිකක් අඩාළ වෙලා නිසා ඔහු ටික කාලෙකට විදේශගත වුණා. අපේ එකම දුව කළමනාකරණය, ගිණුම් අංශවලටයි වැඩි නැඹුරුව. ඇය මේ දවස්වල ආචාර්ය උපාධියට සූදානම් වෙනවා.
 
ඇය පාසල් කාලේ කලා කටයුතු කළා. මේ ක්ෂේත්රයට එන්න නම් ඇයට උනන්දුවක් තිබුණෙම නෑ.
 
මම ඇයව මේ ක්ෂේත්රයට යොමු කරන්න විශේෂ උනන්දුවක් දැක්වූවේ නැහැ. දක්ෂ පැත්තෙන් ඇයට යන්න අත දුන්නා. පාසල් විභාග ඉවර කරනකල් මම කලා කටයුතුවලිනුත් ඈත් වෙලා දුව වෙනුවෙන් කැප වුණා. ඇය ඒ ප්රතිඵල ලැබුවා. අද මවුපියන් හැටියට අපිට දුව ගැන සතුටුයි"
 
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top