සංචාරක ඉන්දිය කණ්ඩයාම සමඟ පැවැති තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03 කින් ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම පන්දුවාර 43 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 225ක්.
ඉන්දිය ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය පන්දුවාර 47කට සීමා කිරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 47 තුළ තරගයෙන් ජයගැනීමට ලකුණු 227ක් ලබා ගත යුතුව තිබුණා.
එම ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුලු 07ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76 ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය ඉන්දිය කණ්ඩායම ජය ගනු ලැබුවේ, තරග 2 ට -1 ක් ලෙසින්.
තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.