Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
23
ලෝකයක් බලා සිටි ඔලිම්පික් තරගාවලියේ, සමාරම්භක උළෙලේ ශ්‍රී ලාංකීය අභිමානය - Photos

- ලෝකයක් බලා සිටි ඔලිම්පික් තරගාවලියේ, සමාරම්භක උළෙලේ ශ්‍රී ලාංකීය අභිමානය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,700 Views
විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙසින් සැලකෙන ඔලිම්පික් උළෙලේ 32වැනි දිගහැරුම ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණා.

"හැගීම් සමග එක්සත්ව පෙරට" යන තේමාව යටතේයි.

මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ජපාන සාම්ප්‍රධායික නැටුම් ගැයුම් වලින් හැඩවී තිබෙනවා.

අද රඹෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන මස 8වැනිදා දක්වා පුරා දින 17ක් පුරා ක්‍රියාත්මක වනවා.

එහිදී ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතයි.

ඒ වෙනුවෙන් රටවල් 204ක් සහ සරණාගත කණ්ඩායමක් ඇතුළුව මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,238ක් එක්වන්නේ සිය රටේ අභිමානය ඉහලින් එසවිමේ අරමුණ ඇතිවයි.

මෙවර තරගාවලියට නව ක්‍රීඩා ඉසව්වන් 5ක් ඇතුළත් කර ඇති අතර එම ක්‍රීඩා වන්නේ ස්කේට්බෝර්ඩිං, කඳු නැගීම, බේස්බෝල්, සැහැල්ලු පන්දු සහ රළ මත ලිස්සා යෑමයි.

බේස්බෝල් සහ සැහැල්ලු පන්දු ඉසව්වන්හි තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ සුජීව විජයනායක මහතායි.

තරගාවලිය නියෝජනය කිරීම සඳහා ටෝකියෝ නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු හෙට තරඟ බිමට පිවිසෙනවා.

ඒ අනුව කාන්තා මිටර් 100 සමනල ආර පිහිණුම් ඉසව්වේ මුලික වටය සදහා අනීකා ගෆුර්, පිරිමි බැඩ්මින්ටන් ඉසව්වේ මුලික වටයේ තරඟ සඳහා එෆ් කාණ්ඩයෙන් නිලුක කරුණාරත්න සහ මීටර් 10 කාන්තා වායු රයිෆල් වෙඩි තැබීමේ තරඟයේ සුදුසුකම් ලබාගැනීමේ වටයට ටෙහානි එගොඩවෙල හෙට අලුයම තරඟ වැදීමට නියමිතයි.

1964 වසරෙන් පසු සකුරා දේශය හෙවත් ජපානයට 2020 ඔලිම්පික් සත්කාරකත්වය හිමි වුණත්, එය ගෙවුණු වසරේදී පවත්වන්නට නොහැකිව ගියේ කොවිඩ් අවදානමෙන් ලොවම වසා ගැනීමත් සමඟයි.

ඒ වසංගත අවදානමක් නිසා ඔලිම්පික් උළෙලක් කල් දැමුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින්.

ජපානයේදී සිදුකළ නවතම සමීක්ෂණයකදී 65% ප්‍රතිශතයක් පවසා ඇත්තේ ඉහළ යන කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල අතරමඟදී නවතා දමන්නට සංවිධායකයින්ට සිදුවනු ඇති බවයි.

මෙම සියළු අභියෝග, බාධා හමුවේ සාර්ථක ඔලිම්පික් තරගාවලියක් පැවැත්වීම වෙනුවෙන් වෙහෙසෙනා ජපනුන් වසර 57කින් සිය රටේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් සූදානම් වුනා.

1964 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වූ ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී මෙවරත් සමාරම්භක උත්සවය පැවැත්වෙද්දී, ඊට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

සමාරම්භක උත්සවය රාජ්‍ය නායකින් ඇතුළුව සම්භාවනීය අමුත්තන් 950කට පමණක් සීමා කර තිබෙන අතර ඊට රාජ්‍ය නායකයින් 15 දෙනෙකු ද එක් වනවා.

මේ අතර, ඔලිම්පික් සමාරම්භක උත්සවයේ අධ්‍යක්ෂක ධුරයෙන් කෙන්ටාරෝ කොබයාෂි අවසන් මොහොතේදී ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපානය ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක සිදු වූ අති විශාල මනුෂ්‍ය ඝාතන අවඥා සහගත ලෙස හෙළා දකිමින් කෙන්ටාරා වීඩියෝ දර්ශන මගින් කළ විහිළු ප්‍රකාශයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top