ඔබේ ආරක්ෂාව අපේ වගකීම කරගත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 11 වන අදියර අද (22) දිනයේ ක්‍රියාත්මක වුණා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ ලබාදීම සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වෛද්‍ය උපකරණ ලබාදීම මෙයින් සිදුවනවා.
ඒ අනුව අද දිනයේ, මොරවක දිස්ත්‍රික් රෝහලට සහ අකුරැස්ස ප්‍රාදේශීය රෝහලට ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ආරක්ෂිත ඇදුම් කට්ටල බෙදා දීම සිදු කෙරුණා.
දිවයිනේ සියළුම රෝහල්, කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කේන්ද්‍ර කරගනිමින් හිරු මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව මෙය සංවිධානය කරනු ලබනවා.
මේ අභියෝගාත්මක මොහොතේ ඔබේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස අපි කැප වන්නෙමු.