ආදරේ කරපු කෙනෙක් අවුරුදු ගාණකට පස්සේ දැකලා නොදැක්කා වගේ යනකොට හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා දන්නේ ඒ අත්දැකීම විඳපු කෙනා විතරමයි. ඒ මත්තේ තවමත් නැහෙන හිතට ඒ වේදනාව දරා ගන්න බැහැ.
නමුත් ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දුව උපද්දවන්න හේතු වුනු පිරිමියා දරුවාගේ උප්පැන්නයට වාසගමවත් නොදුන් පිරිමියා, තමන්ගේ ලේ වලින් ඉපදුනු දුවෙක් ඉන්නේ කියලා නොදන්න පිරිමියා, ඒ පිරිමියා නිසාම දරුවාගේ උප්පැන්නයේ පියාගේ නමට ඉදිරියෙන් කෙටි ඉරක් දුන්නු පිරිමියාට තවම හිතින් ආදරේ කරනවා කියන්නේ ඒ ආදරේ කොයි තරම් නම් උත්තරීතර වෙන්න ඕනද, හරියට දිවිතුරා හී සමාධී වගේ. ඊෂාගේ ආදරණිය අම්මා වගේ. ඒ අම්මා දුව නිසාම හිතේ ලොකු බරක් හංගගෙන, දුක හංගගෙන, කදුළු පිට නොකර හිතින් වේදනා විදිනවා. ඒ අගස්ති නිසා. අගස්ති දාව උපන් දියණිය දකින වාරයක් ගානේ සමාධි දුක් විදිනවා ඇති,
"අම්මා අපි කතා කරගත්තා එයා කරන කිසි දෙයක් අදාළ කරගන්නේ නැහැ කියලා.. " අගස්ති සමාධිව දැකලා නොදැක්කා වගේ ගිය නිසා සමාධි හිටියේ දුකෙන්.අම්මා ඉන්නේ දුකෙන් කියලා ඊෂා දන්නවා. ඒ නිසයි අම්මගේ හිත හදන්න ඊශා එහෙම කිව්වේ.
"ඔව්.."
ඇය අපහසුවෙන් නමුත් තම දියණියට කෙටි උත්තරයක් දුන්නා, ඊෂා නාන කාමරයට යනකල් ඉදලා සමාධි ඉකි ගසගසා හැඬුවා. දෙකම්මුල්වලින් කදුළු ඔහේ බේරිලා යන්න ඉඩ හැරියා.
ඔය අතරේ ඊෂා නැතුව උදුල් ඉන්නෙත් දුකෙන්. තරුපති ඔහුගේ හිත හැදෙන්න කතා කළා. ඔහුගේ අත්දැකීම් උදුල් එක්ක බෙදා ගත්තා.
"අපි ආදරේ කරන දේ අපිට නැති වුණත් ඒක විදගෙන ජිවිතේ කඩාවැටෙන්න ඉඩ නොදී අපි පුරුදු වෙන්න ඕන, ආදරේ කරද්දී දුර ඉදලා කෙනෙක් ආදරේ කරන දිහා බලාගෙන සතුටු වෙන්නත් අපි පුරුදු වෙන්න ඕන, ඒක තමයි නියම ආදරේ කියන්නේ .." ඔහොම තමයි තරුපති උදුල්ට කිව්වේ.
සමාධි නිසා තරුපති තනිකඩව ඉන්නේ කියලා උදුල් නොදන්නවා නෙමෙයි. ඔය විදිහට දිවිතුරා සතියේ දිනවල විකාශය වෙද්දී හැමෝගෙම හිත්වල කුතුහලය ඇති වෙනවා. අගස්තිට, සමාධිට ඉදිරියේදී මොකක් වෙයිද කියලා. ඒ ගැන හරියටම දැනගන්න නම් දිවිතුරා එක්ක රැදෙන්නම වෙනවා.
VIDEO