Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jul
22
"පොලිසිය එද්දී දුව එක්ක බිත්තියක බඩගා සොල්දරේ හැංගිලා..." - බීමට ඇබ්බැහි වූ බාප්පා වසර 7ක් තිස්සේ දැරිය අඹුකමට අරන්

- "පොලිසිය එද්දී දුව එක්ක බිත්තියක බඩගා සොල්දරේ හැංගිලා..." - බීමට ඇබ්බැහි වූ බාප්පා වසර 7ක් තිස්සේ දැරිය අඹුකමට අරන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
වසර 7 ක් පුරා දසදෙනකු අතින් අපයෝජනයට ලක්වෙමින් සිටි 13 හැවිරිදි දැරිය අවසන් වරට රැගෙන ගොස් සිටි 32 හැවිරිදි විවාහක එක්දරු පියා විසින් ඇය රඳවාගෙන සිටි නිවසට පොලිසිය පැමිණි අවස්ථාවකදී එම දැරිය රැගෙන බිත්තියක බඩගා එම නිවසේ වහලයට ගොඩවී සොල්දරයේ සැඟවී සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

රෝහල් ගතව සිටින දැරිය විසින් ලබා දෙමින් සිටින ප්‍රකාශ මත මෙම කරුණු අනාවරණය වන බව පොලිසිය පවසයි.

නාවලපිටිය හරංගල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය නිවසින් අතුරුදන්ව ඇති බව පවසමින් ඇගේ මව විසින් මෙම මස 3 වැනි දින නාවලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

ඊට දින 4 කට පසු, 7 දින ඇයගේ මව විසින් මෙම දැරිය සොයාගෙන නාවලපිටිය පොලිසිය වෙත කැඳවාගෙන පැමිණි පසු අනාවරණය වූ තොරතුරුවලට අනුව ඇය රැගෙන ගොස් රඳවා තබාගෙන සිටි මෙම 32 හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන දැරිය රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ජේ. එම්. මහානාම විසින් සිදුකළ පරීක්‍ෂාවෙන් පසු මෙම දැරිය කිහිපදෙනකු අතින් දීර්ඝ කාලයක් තිස්සේ අතවරයට ලක්ව ඇති බව හඳුනාගැනීමත් සමඟ පොලිසිය ඒ පිළිබඳව විමර්ශන අරඹා සිද්ධියට අදාළ පුද්ගලයන් දසදෙනකු අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස් මහතාගේ මැදිහත්වීමෙන් සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු මහතා මෙහි පරීක්‍ෂණ කණ්ඩායම්වල ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් පසු මෙම දසදෙනාගෙන් 7 දෙනකු ඊයේ (21දා)වනවිට අත්අඩංගුවට ගත් බව අමරබන්දු සඳහන් කරයි.

දැරියගේ මව විසින් 3 වැනි දින පොලිසියට පැමිණිලි කිරීමට පෙර ගම්වාසීන් විසින් සිද්ධිය ළමා ආරක්‍ෂණ අධිකාරියට පැමිණිලි කර තිබී ඇති අතර, ඒ අනුව නාවලපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය පළමු දින හරංගල ඉලූක්පිටිය ප්‍රදේශයට ගිය අවස්ථාවේ එම පොලිස් නිලධාරියා දුටු සැකකරු දැරිය මෙසේ සඟවා තිබෙනවා.

දැරියගේ පියා, බාප්පා කෙනකු, ඥාතීන් හා මත්කුඩුවලට ඇබ්බැහිවුවන් මෙම දැරියගේ අපයෝජනයට හවුල්කරුවන් බව හඳුනාගෙන ඇති අතර ඒ අය වයස අවුරුදු 18 සිට 43 දක්වා පිරිසක් වනවා.

මේ පිරිස අතර යුද හමුදා සේවයේ අයකු ද සිටි අතර ඔහු පෙරේදා (20 දා) දින අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවත් සඳහන්.

ඒ හරංගල ප්‍රදේශයේ දෙදෙනකු හා මාවතුර නයාපාන ප්‍රදේශයේ පදිංචිකරුවකුයි.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුවන් අතරින් නාවලපිටිය කුවින්ස්බරි වත්තේ පදිංචිකරුවකු ඊයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිත බව ද දැනට අත්අඩංගුවට ගත් 6 දෙනකු හඳුනාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

මේ සිද්ධියට ආධාර අනුබල දුන් ඇගේ නැන්දණිය ද රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, අනුබල දුන් තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය පවසයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top