Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
"අපේ කුලී ගෙදර දිව්‍ය ලෝකයක් වගේ බැබළෙනවා. බලනකොට තාත්තා ඇලඩින් ලාම්පුවක් ගෙනත් එල්ලලා." - ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න

- "අපේ කුලී ගෙදර දිව්‍ය ලෝකයක් වගේ බැබළෙනවා. බලනකොට තාත්තා ඇලඩින් ලාම්පුවක් ගෙනත් එල්ලලා." - ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,665 Views
මගේ තාත්තා හිත මහණ කරගෙන ජීවත් වූ කෙනෙක්..
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණි..
 
ටී. එම්. ජයරත්නයන් ගයන මේ ළයාන්විත ගීය ලියුවේ ඔහුගේ ප්රිය බිරිඳ මාලනී ජයරත්නය.
 
මේ ගීය පිය සෙනෙහස වෙනුවෙන් ලියැවුණු ඉතා මනරම් ගීයකි. මෙහි එන ‘අම්මාවරුන් පමණද ලොව බුදුවන්නේ’ ‘පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි’ වැනි යෙදුම් සහෘද ශරාවක හදවත්වල ඉතා ගැඹුරින් තැන්පත් විය.
 
ඒ කෙසේ වෙතත් බුදුබව ලැබීමෙන් (ශකරයා) දෙවියන්ගේ රජු වීමටත් මහා බරහ්මයා වීමටත් බෞද්ධ ඉගැන්වීමට අනුව හැකි වන්නේත්, හැකි වූයේත් මෙතෙක් නම් පිරිමින්ටම පමණි.
 

ඒ අනුව අම්මාවරුන්ගේ බුදුවීමට එක් ආත්මයකවත් පිරිමින්ගේ ආශීර්වාදය ඒ සඳහා හිමිවිය යුතුය. එනිසා ‘අම්මාවරුන් පමණද ලොව බුදුවන්නේ’ යන යෙදුම වැරදිය.
 
අපේ වචනය ඉහළයි
 
‘මා කැමතියි තාත්තා කියන වචනයට. අප නම් කීවේ අපුච්චා’ කියලයි. සමහර පරදේශවල තාත්තට ‘අප්පච්චි’ කියනවා.
දෙමළෙන් අම්මා අප්පා, හින්දියෙන් මාජි, පිතාජි නැත්නම් මාතා පිතා. ඉන්දියාවේ සමහර තැන්වල ‘තාත්’ කියලත් තාත්තාට කියනවා.
ඒ නිසා මේ වචන රටාවේ ආසියානු කලාපයේම ‘අපේ තාත්තා’ කීවාම ඒක අපේම වචනය.
ඒ නිසා මං ‘අපුච්චා’ නොකියා තාත්තා කියන්න කැමතියි. මෙසේ කියමින් මා සමග ‘අපේ තාත්තා’ විශේෂාංගය සඳහා සාමීචියට එන්නේ පරවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්නය. මේ ඒ හඬයි. ‘මගේ තාත්තා තෙන්නකෝන් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා. එතුමා කුමන රැකියාවක් කරනවාද කියලා අප දන්නෙවත් නෑ.
 
ක්ෂේත්ර නිලධාරියෙක්
 
පස්සේ තරමක් ලොකු මහත් වෙනකොට තමයි අපට තේරුණේ එතුමා කෘෂිකර්ම දෙපාර්තමේන්තු ක්ෂේත්ර නිලධාරියෙක් ලෙස වැඩ කළ බව.
අපේ කුටුම්භයේ දරුවන් 8 යි. පිරිමි 5 යි ගැහැනු 3 යි. මං වැඩිමලා. අප කුඩමා කාලේ එතුමා වැඩ කළේ නුවරඑළියේ.
අප පදිංචිවෙලා හිටියේ නුවර කුලී ගෙයක. එතුමා එහි රස්සාව කරලා සිකුරාදා රාතිරයට ගෙදර එනවා. ආයිත් සඳුදා එළිවෙනකොට රස්සාවට නැවත නුවරඑළි යනවා.
කුඩාම දවසේ සංවේදී සිද්ධිය කියන්නම්. එතකොට පවුලේ හිටියේ මාත් මල්ලිත් විතරයි. කුලී ගෙවල් නිතර බාර දෙන්න සිදුවෙනවා. තාත්තගේ යාළුවෙක් ගරාවැටිච්ච විශාල වලව්වක කාමර දෙකක් එක් අවස්ථාවක අපට පදිංචියට දුන්නා.
එතෙක් හිටි කුලී ගේ බාරදෙන්න සිදුවෙලා තිබුණු මොහොතේ ඒක හරිම වටිනවා. කුලිය ඒ කාලේ රුපියල් 5 යි. ඒකවත් ගෙවාගන්න අපට අමාරුයි. තාත්තා අපට අවශ්ය අඩුමකුඩුම පොල් හාල් තියලා ගියත් එක් දවසක අපට දහවලට කන්න සහල් ටිකක් විතරයි තිබුණේ.
 
කොළ ටිකක් කාල ටිකක් හිටියා
අම්මා ඒ හාල් ටික ගරලා ළිප තියලා ඒ වත්ත වටේ කරකැවුණා.
දැන් මටත් මල්ලිටත් මොනවා හරි හොද්දක් හදා ගන්න දෙයක් තියෙනාවද බලන්න. ගෙදර පොල් අඩලයක් තිබුණ නිසා අර බත්වලට මොනවා හරි දාලා දරුවන්ට හොද්දක් හදා දෙන්නයි ඇයට ඕනෑ වුණේ.
අන්තිමේ අම්මා එක්තරා ගහක් ළඟ නැවතිලා ඒකෙන් කොළ ටිකක් හපා කාලා ටික වේලාවක් එතැනම බිම වාඩිවෙලා හිටියා. අම්මා කළ දේ මට තේරුම් ගියේ පස්සේ. පස්සේ ඒ කොළ කඩලා දාලා හොද්දක් හදලා බත් එක්ක අපට කන්න දුන්නා. අර ගහ යට ඇය නැවතිලා හිටියේ විස සහිත කොළයක් නම් මැරුණොත් මැරෙන්නෙ තමන් විතරනේ කියන කල්පනාවෙන්.
පස්සේ කාලේ තේරුම්ගත්තා ඒ කඩාගෙන තියෙන්නේ මිනිසුන් කන මුරුංගා වගේ කොළ ටිකක්. ඒක තමයි අපේ අම්මලාගේ තාත්තලාගේ හැටි.
 
ගුරු දෙවිවරු
මාව තාත්තා දැම්මේ ශාන්ත අන්තෝනි විදුහලට. ඒවායේ විනය ඉගැන්වීම ඉහළයි.
ඒ කාලේ හිටියේ ගුරු දෙවිවරු, ගුරු පියවරු, ගුරු මව්වරු. මගේ අම්මා සුබසිංහ ආරච්චිලාගේ මේරි නෝනා.
තාත්තයි අම්මයි බොහොම සමගියි. ඒ වගේම ධෛර්ය සම්පන්නයි. මට මතකයි නුවරින් අක්කර 1/2ක ඉඩමක් අරන් කොහොම හරි ගෙපළැක් කැපුවා. ඒත් තාත්තා කෘෂිකර්ම හා ගොවිජන සේවා ක්ෂේතර වැඩවලට තැනින් තැන මාරුකරන නිසා නුවර ඉඩමත් කොහොමහරි විකිණී ගියා.
 
පුබ්බාචරිය
 
අපේ තාත්තා කවරදාවත් අපට ගහලා බැණලා නෑ. ඉතාම ආදරයෙන් කරුණාවෙන් කරුණු කියා දෙනවා. ශාන්ත අන්තෝනි විදුහලේ සිටිය ඉතාලි ජාතික ෆාදර් රෙක්ටර් රොසාර්ට් අපට විනය, වේලාවට වැඩ කිරීම ගැන කියන විට මට මතක් වුණේ තාත්තව. වෙලාවට වැඩකරන්න වුණේ 9ට එනවා කීවනම් 9.05 එන්න එපා.
පුළුවන්නම් 8.55ට එතැන ඉන්න. තමා වෙනුවෙන් එතැන රැඳෙන අයට ඒ අයගේ කාලය ඉතිිරි කරලා දෙන්න.
ෆාදර් කියු කතාවම තාත්තා අපට ගෙදරදි කියලා දුන්නා. බුදුන් වැඳලා මාපියන් ‘පුබ්බාචරිය’ කියන එක ඇත්ත.
ඒ අය අපේ මුල්ම ගුරුවරු. අපේකම අපේ ගොවිතැන, ගහ කොළට ආදරය කරන්න එතුමා අපට ඉගැන්නුවා. මහ පොළොව ගහකට ලබාදෙන ගසක මල්, මුල්, කොළ, ගෙඩි, පොතු මේ පස් වර්ගයේ වැදගත්කම අපට ගහින් ගහට කියාදුන්නා. තාත්තා කියාදුන් විනය අපේ සංගීත ලෝකයේදීත් වැදගත් වුණා.
 
විනය
 
මට අවුරුදු 25ක් විතර කාලේ එළිමහන් සංගීත සංදර්ශනවලට මා ගියේ. ඒ පරසංග නිවේදකයන් වුණේ කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛතිරපාල වගේ විද්වතුන්.
ඒ අය කවියෙන් අප හඳුන්වා දුන්නේ. මිල්ටන් පෙරේරා, බෙග් මාස්ටර්, එම්.එස්., ජෝතිපාල පරසංගවලට ආවා. මෙතැන ඉක්මනට සින්දු කියලා යන්න සමහර ගායකයන් අතර තරගයක්. ඒ වෙලාවේ තමයි අර්නස්ට් සුපර්ස්ටාර්ස් මැදිහත්වෙලා පැමිණි වේලාව කොළයක සටහන් කරන්න කීවේ.
ඒ අනුව තමයි ගී කියන්න අවස්ථාව ලැබුණේ. අන්න අර විනය වැදගත් වූ හැටි. අපේ තාත්තා 7 වන කැලෑසියට ගියත් එතුමා ඉංගරීසිත්, දෙමළත් දන්නවා. අපේ අම්මලගේ ගම කුරුණෑගල, වාරියපොළ. අම්මගේ අක්කා ලොකු අම්මා කුරුණෑගල ව්යාපාරිකයකු කසාද බැඳලා ඒ අය යාන වාහන තියාගෙන පිළිවෙළකට හිටියා.
 
තාත්තාට හදිසි මාරුවක්
 
මේ අතරෙන් තමයි තාත්තට හදිසි මාරුවක් අනුරාධපුරයට ලැබුණේ. අනුරාධපුරයට මාරුව ලැබුණාම තාත්තායි අම්මයි කතාවෙලා කුරුණෑගල ලොකු අම්මාගේ උදව්වෙන් ඒ පැත්තට ආවා.
ඊට පස්සේ මං කුරුණෑගල මලියදේව විදුහලට ගියේ. අපේ තාත්තා ගෙදරින් පිටවෙනකොට මොන මොනවදෝ මුමුණලා එළියට බහින්නෙ. අම්මගෙන් ඒ ගැන විමසුවම ‘අද දවසේ කාට හෝ මගෙන් යහපතක් වේවා! අවැඩක් නොවේවා’ කියන පැතුමයි එතුමා කියලා යන්නේ කියලා අම්මා කීවා.
දෙනගම පඤ්ඤාසාර, අංගීරස හාමුදුරුවෝ අපේ තාත්තා ළඟින් ඇසුරු කළා.
අම්මටත් තාත්තටත් මේ ආගමික බැඳියාව ඉහළින්ම තිබුණා. අම්මට මේක කුඩා කාලේ ඉඳන්ම ඇවිත් තිබුණේ එතුමියගේ අම්මගෙන්. අපේ කිරි අම්මාගෙන්. අපි ආච්චි කියන්නේ නෑ. කීවේ කිරි අම්මා කියලයි. කිරි අම්මල හිටියේ අනුරාධපුරයේ අම්මා පුංචි දවස්වල.
 
හුළු එළියෙන් ගමන
 
උදේ නැගිටලා කට්ට කළුවරේ හුළු එළි දල්වාගෙන වන වනා කිලෝ මීටර් 1 1/2ක් විතර ගිහින් එතුමිය ශ්රී මහා බෝධියට පහන් පත්තු කරලා රුවන්වැලි සෑයත් වැඳගෙනම අපේ අම්මත් කැඳවාගෙන උදේ වෙන කොට ගෙදර ආවලූ. ඒ බැඳීම හැඟීම අම්මටත් ඒ වගේම තාත්තටත් හොඳට තිබුණා. අපි පුංචි දවස්වල රටේ බොහොමයක් තැන්වල විදුලිඑළිය නෑ. අපේ ගෙවල්වලත් කුප්පි ලාම්පු එළියෙන් වැඩ සිදුවුණේ.
දවසක් අම්මත් මාත් කිරිමඅම්ලයි ගෙදර ගිහින් එනකොට අපේ කුලී ගෙදර දිව්ය ලෝකයක් වගේ බැබළෙනවා. බලනකොට තාත්තා ඇලඩින් ලාම්පුවක් ගෙනැත් එල්ලලා. මේ 1960 විතර. ගේ පුරා මිදුල පුරා එළිය විහිදුවනවා. ඒ කාලේ තාත්තා ඒ ලාම්පුවට රුපියල් 125ක් වියදම් කරලා තියෙන්නේ.
 
නිවාස ණය 20,000 යි
 
තාත්තයි අම්මයි මහන්සිවෙලා කොහොමහරි කුරුණෑගල ගෙයක් හැදුවා. ඒකට නිවාස දෙපාර්තමේන්තුවෙන් එදා රුපියල් විසිදාහක ණයක් ගත්තා. එදා රුපියල් විසිදාහ අද කෝටි දෙකක් වගේ. කාමර 3 යි සාලයයි ඉස්තෝප්පුවයි මේ සුන්දර කුඩා නිවස අපට ඇත තාත්තා කීවා.
තාත්තා ඒ ණය වාරිකය දිගටම ගෙවාගෙන ආවා. තාත්තා ඊට අවුරුදු 5 කින් විතර විශරාම ගියා. දැන් වාරිකය ගෙවාගන්න වෙන්නේ විශරාම වැටුපෙන්. මට බාල සහෝදර සහෝදරියන් ඉන්නවා. මං ඒ වන විට කුරුණෑගල මලියදේවයේ හිටපු කේ. එම්. දයාපාල සර්ගෙන් හොඳට සංගීතය උගෙනිමින් හිටියේ. එතුමා ගුරු දෙවියෙක්. මට ගායනය, වයලීන වාදනය හොඳට ඉගැන්නුවා.
සංගීත පරාරම්භයේ ඉඳන් ඉහළ විභාග සඳහා මෙහෙයවූවා.
 
තබ්ලා වාදනය
 
වයලීන් වාදනය දන්නා නිසා මට පොඩි අවස්ථාවක් ආවා සරත් දසනායකගේ, කේමදාස මාස්ටර්ගේ වැඩවලටත් හවුල්වෙන්න. රාජගිරියේ හේවාවිතාරණ විදුහලට තමයි මට පළමු පත්වීම ලැබුණේ. ඒකේ සම්මුඛ පරීක්ෂණ තිබුණේ ගීරන්පාත්වල. ඩබ්ලිව්. ඞී. මකුලොලූව මහතා ඉදිරිපිට මා වයලීනය වාදනය කළා.
ටියුලින් ජයරත්න, ඩබ්ලිව්. සෝමපාල රත්නායක, නිම්මි පෙරේරා, විකටර් රත්නායක මේ හැමෝම ආශරය කරන්නත් ලැබුණා.
මං සම්මුඛ පරීක්ෂණය ඉවර වෙලා එළියට එනකොට ලොකු තබ්ලා වාදනයක් මිහිරිව ඇහෙනවා. මං බැලූවා හොරෙන් කවුද මේ කියලා. ඒ ටී. ෂෙල්ටන් පෙරේරා පරීක්ෂණයට පෙන්නුම් කළ වාදනය බව පෙනුණා.
 
ඕවා කරලා හරි යයිද? පුතේ
 
මේ පරීක්ෂණ සඳහා ආ ගමන හරිම රසවත්. තාත්තා ගැන කතාකරන්න අවශ්ය නිසා වෙන දවසක ඒ ගැන කියමු.
මං වයලීනයත් අරන් ඒ දවස්වල ගෙදර එනකොට අම්මා දැකලා ඇහුවේ පුතේ ඕවා කරලා හරි යයිද? කියල.
එදා කලාකාරයාගේ තත්ත්වය ඒකයි. 1966 සැප්තැම්බර් 07 දා මං ගුරුකමට රාජගිරියේ හේවාවිතාරණ ඉස්කෝලෙට එනවා. රස්සාව ලැබුණු බව ඇසූ ගමන් මං තාත්තටයි අම්මටයි වඳින විට මගේ තාත්තගේ දෑසින් උණු කඳුළු කැට වැගිරෙන්න ගත්තා. ඒ තරම් ආසයි තාත්තාට.
 
කේමදාස මාස්ටර්ගේ ගේ උඩින්
 
මං කොළඹ ඇවිත් මුලින්ම ගිහින් තියෙන්නේ පැරකුම්බා විදුහලට. ඒ මුල් ගුරුතුමා පත්වීම බලලා කීවා ‘වැරැද්දක් වෙලා තියෙනවා. මෙතැන පටු පාරෙන් රාජගිරියට යන්න. එතැන තියෙනවා ඔයාගේ පත්වීම ලබපු ඉස්කෝලේ’ කියලා. මං සූට්කේසයකුත් අරන් අර පටු පාරෙන් ආවා. බලනකොට පස්සෙයි දන්නේ මං ඇවිත් තියෙන්නේ කේමදාස මාස්ටර්ලගෙ ගෙවල් උඩින්.
 
වයලීන ගැහුවේ රුපියල් විස්සට
 
මට කේමදාස මාස්ටර්ගේ, ගුණසේන ගලප්පත්තිගේ, සරත් දසනායකගේ වැඩවලට හවුල්වෙන්න ලැබුණා.
මං නාට්යවලට වයලීන ගහන්න ගියා. රුපියල් 20 යි ලැබුණේ. මාසයකට නාට්ය 3කට ගැහුවොත් වෙනම රුපියල් 60ක් ආදායම. බෝඩිමට ශත 55 යි. ලැබෙන ගුරු වැටුපයි, නාට්යවලින් ලැබෙන ගණනයි මං පිරිමහගත්තා. ‘ගමට ඉරක් පායයි’, ‘හෙළ මිහිර’ ඒ නාට්ය කීපයක්.
තාත්තා ණයට හරි බයයි. ගෙදර ණය වාරිකය හිරවෙයි කියලා කල්පනා කර කර හිටියා. මගෙන් ඇහුවා ගෙදර ගියාම දවසක් පුතේ නුඹට කරදරයක් නැත්නම් අර වාරිකය ගෙවන්න පුළුවන්ද? කියලා. මං කීවා ‘පුළුවන් තාත්තේ’ කියලා. එයාට හරිම සතුටුයි. මාසිකව ගෙවිය යුතු ණය වාරිකය රුපියල් 59 ශත 60 යි.
 
ණය වාරික 10ක්ම
 
මං නිවාස දෙපාර්තමේන්තුවට ගිහින් අදාළ අංශයේ ලිපිකාරිනිය හමුවුණා. එතුමිය ඇහුවා වාරික කීයක් ගෙවනවාද? කියලා.
මං නාට්යවලින් එකතු කළ මුදල් රුපියල් 596ක් දීලා කීවා වාරික 10ක් ගෙවනවා කියලා. අර කෙල්ලත් පුදුමවෙලා වගේ බැලූවා.
අපේ තාත්තා තුළ ලොකු සෞන්දර්යයක් දැක්කේ නෑ. පොත පත කියෙව්වා. දවසක් මගෙන් අහනවා වයලීන පුහුණුවක ගෙදර ඉන්න වෙලාවේ පුතේ අර ‘අඩු කලේ සෙලවීම නිසා එහි අඩුකම පාතී’ කියන ගීය වාදනය කරන්න කියලා. මං ඒ ගීතය අසා තිබුණේ නෑ. ඒ වන විටදී ඒ ගීතය ජනපිරය ගීයක්. ඒත් මං දැන හිටියේ නෑ. කොහොමහරි පුරුදු වෙලා තාත්තාගේ ආසාව ඉෂ්ට කළා.
 
පුතා උඩින් යනවා
 
මට 1975 දී ජන ගායනා කරන්නට ලෝකය පුරා රටවල් කීපයකට යන්න අවස්ථාව ලැබුණා සංස්කෘතික දෙපාර්තමේන්තු කණ්ඩායමත් එක්ක. එංගලන්තය, පරංශය, ඩෙන්මාර්ක් ආදී වශයෙන් රටවල් ගොඩාකට මං ගිහින් අහවල් දවසේ තාත්තේ මං රට යනවා කියලා කීවා.
එතුමා එදා ඉදිරිපස පුටුවේ වාඩිවෙලා අපේ පුතා අද උඩින් යනවා කිය කියා සතුටු වුණාලූ. ප්රේමා ගනේගොඩ මහත්මියලා සංවිධානය කළ 1981 වසන්ත සැණකෙළියට මාත්, මාලිනි බුලත්සිංහලත්, සුනිල් එදිරිසිංහත් මේ විදියේම විදේශ ගමනක් යනකොට මගේ අම්මත් හරියට සතුටු වෙලා තියෙනවා.
මගේ තාත්තා අන්තරා වුණේ 1976 දී. බලන්න මා ඉහළට එමින් ඉන්නා කාලය. මගේ අම්මට නම් මට හෙඳට සලකන්න පුළුවන් වුණා. ඒත් මගේ අහිංසක තාත්තට ඉහළට ආ විට සලකගන්න බැරිවීම ගැන මට දුකයි.
 
සසරෙදි පියා වුණු මව් වුණු අයටත් සලකමු
 
ඒත් මං මේ ආත්මයේ මට ලැබුණු ඒ පියතුමාත් අම්මත් විතරක් නොවේ සංසාරෙදී එක දිගට මට පියා වුණු මව් වුණ හැමට පින් දීලා ගොඩාක් පින්කම් කරලා තියෙනවා. උපතිස්ස කෝලිත ‘ගිරග්ග සමජ්ජා’ නාට්ය බලලා එනකොට දෙන්නා දෙපැත්තකින් ගියානේ. සැබෑ සත්ය දේශනාව කරන ශාස්තෲවරයාණන් සොයාගෙන බුදුන් හමුවුණාම ඔවුන් නිවුණා. ඒ වගේම ඒ පියා හා මව වෙනුවෙන් මං ධාර්මික ගමනක් යනවා මගේ සිත නිවාගන්න.
මගේ නෝනත් අද තරමක් ලෙඩින්. මාත් එහෙමයි. සංසාරේදී අපි කවුරුත් යළිත් හමුවෙන්න එපා. ඒක තමයි කෙළෙස් නැසීමේ පැතුම.
 
මගේ බණ පොත
 
අපේ තාත්තා හිත මහණ කරගෙන ජීවත් වූ කෙනෙක්. අහිංසකයි අවංකයි. පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ ‘මගේ බණ පොත’ පොත මං ආසාවෙන් කියවනවා.
ඒකේ මිල රුපියල් 35 යි. ඒ පොතේ ගලා යන සිල් සුවඳ මගේ තාත්තාගේ ජීවිතයෙන් වහනය වුණා කියලා මට හිතෙනවා.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top