Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
“කැමති එන්නතක් බැහැ - ලැබෙන එන්නතක් ගන්න” - රජය ජනතාවගෙන් කරන ඉල්ලීම, එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ අවධානමක්, මෙන්න සම්පූර්ණ විස්තරේ.. - Video

- “කැමති එන්නතක් බැහැ - ලැබෙන එන්නතක් ගන්න” - රජය ජනතාවගෙන් කරන ඉල්ලීම, එන්නත් ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ අවධානමක්, මෙන්න සම්පූර්ණ විස්තරේ.. - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
කෑගල්ලට යන ඇස්ට්‍රාසෙනිකා - ස්පුට්නික් V ලැබීමේ ප්‍රමාදයක්!

තෝරා ගැනීමකින් තොරව තමාට ලැබෙන කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් පළමු අවස්ථාවේදීම ලබාගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 244,706ක්.

ඒ යටතේ පුද්ගලයින් 221,753 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 16,336ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 6,617 දෙනෙකුට ලබාදී තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්කවලට එන්නත් ලබාදීමේ වැඩපිලිවෙලක් මේ වනවිට සකස් කර ඇති බවත්, තෝරා ගැනීමකින් තොරව ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත් ලබාගන්නා ලෙසත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන අද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ලබන සතියේදී තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් සහ අනිද්දා ෆයිසර් එන්නත් මාත්‍රා 60,000ක් දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධීන් සැලකූ විට ඉන් සියයට 86 කටම හේතුවී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව අනාවරණ වී තිබෙනවා.

කෙසේ නමුත්, ඒ අතුරෙන් රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ සියයට 9.8ක ප්‍රතිශතයක් පමණයි.

එලෙස එන්නත් කරනු ලැබූ පුද්ගලයන් කොරෝනාවෙන් මියයාමේ ප්‍රතිශතය සියයට දශම 4 ක් බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දියාවේ ජාතික මට්ටමෙන් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ පශ්චාත් එන්නත්කරණ ප්‍රතිඵල විමසා බැලීම සඳහායි.

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 980 දෙනෙකු වාර්තා වූ අතර, ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 283,040ක් දක්වා ඉහළ ගියා.

අද ආසාදිතයින් 962 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 255,833ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම අද දිනට තාවකාලිකව නවතා දැමුණා.

රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ උපදෙස් ලබා දුන් අතර අද සිට එය ආරම්භ කර තිබුණු ආකාරය දක්නට ලැබුණා.

මේ අතර කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර්ට ද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ අතර, ඊයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ 31ක් අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3733ක්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top