Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
“...ඒ සිත්ගත් තරුණියට ඔහු දිනක් ආදරය ප්‍රකාශ කළා, කන්‍යා සොයුරියක් වෙන්න හීන දැක්ක තරුණිය ඔහුව ප්‍රතික්ෂේප කළා..” - මුකුලිත වූ විකසිත වත කමල ! ප්‍රවීණ පද රචක කැමිලස් පෙරේරා ගැන කවුරුත් නොදැන හිටපු කතාව මෙන්න - Photos

- “...ඒ සිත්ගත් තරුණියට ඔහු දිනක් ආදරය ප්‍රකාශ කළා, කන්‍යා සොයුරියක් වෙන්න හීන දැක්ක තරුණිය ඔහුව ප්‍රතික්ෂේප කළා..” - මුකුලිත වූ විකසිත වත කමල ! ප්‍රවීණ පද රචක කැමිලස් පෙරේරා ගැන කවුරුත් නොදැන හිටපු කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views
“ආයෙ කවදාවත් ඇයව ඔහුට දැකගැනීමට ලැබුණේ නැහැ..”

“සමහර ගීත වල අයිතියද ඔහුගෙන් සොරාගෙන ඇත
ඒ එතුමන් ලෙඩ ඇදේ සිටි අවදියේය.”


හිමි නැති පෙමකට, වාසනා වේවා, විකසිත වත කමලේ, හද විලේ, දේව මන්දිරේ, ආදර ප්‍රිය ළඳුනේ, උන්මාද වූ ප්‍රේමාදරේ, හදිසියේ හනි හනිකට, වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ලියූ ප්‍රවීණ පද රචක කැමිලස් පෙරේරා මහතා අද (17) අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 74 වැනි වියේ පසුවුණා. මේ ඒ සොඳුරු ගේය පද රචකයා ගැන අපට හමුවුනු සංවේදී සටහනක්...

දේව මන්දිරේ
වැතිරී බැතියෙන් පුදසුන අබියස......
ආයාචනා කරමි දැවෙන සිතේ
සංකා සෝ දුක් නිවන ලෙසේ........
අපටම වෙන්වුණු අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත........
දෙතැනක තනිවුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ........
දේව මන්දිරේ.........
සෙනෙහස බැඳ දා ඉවත බැලූ සඳ
ඈ තනිවෙනවා රුදුරු ලොවේ අද.......
පහන් හැඟුම් අප හමුවන දින
කවදා ලංවේදෝ........
දේව මන්දිරේ
ගේය පද : කැමිලස් පෙරේරා
ගේය තනු : එච්. එම්. ජයවර්ධන
ගේය හඬ : රෝහණ සිරිවර්ධන
මුල් පටිගත කිරීම

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහත්මයා කාලයක් කතෝලික දහම් පාසලක ගුරුවරයෙක් ලෙස සේවය කළේය. ඔහු සමඟම තරුණ තරුණියන් කිහිප දෙනෙක්ම මේ පාසලේ රැකියාව කරමින් සිටි අතර ඒ අතරින් කැමිලස් මහත්මයාගේ හිත ගත්ත තරුණියකුත් සිටියාය. ඇය රූපයෙන් වගේම හැසිරීමෙන්, හරිම ආකර්ෂණීය තරුණියකි.

එක් දිනෙක තමන්ගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න ඔහු කල්පනා කළා. ඒත් ඔහු ගැන තමන්ගේ හිතේ එවන් අදහසක් නැති බවත්, තමන් කන්‍යා සොයුරියක් වීමේ බලාපොරොත්තුවෙන් සිටිනා බවත් ඇය පැවසා සිටි අතර අනපේක්ෂිතව ලැබුණු මේ පිළිතුරින් ඔහුගේ හිත බොහෝ වේදනාවෙන් පිරී යන්න්ට විය.

සතියක් පාසා ඇයව හමුවෙන නිසා ඔහු පත් වුණේ හරිම අසරණ බවකටය. කාලය ගත වෙද්දී, ඔහු තමන්ගේ ආදරය අහිමි වීමෙන් තැවෙන බව ඒ තරුණියටත් වැටහෙන්නට විය.

මේ හේතුවෙන් එක් දවසක ඇය ඔහු සමඟ මේ ගැන කතා කළේය. ඇයත් ඔහුට ආදරය කරන නමුත්, ඇය කලින් අරගත් තීරණය වෙනස් කරන්න නොහැකි බව ඒ තරුණිය ප්‍රකාශ කරන්නට විය.

තවත් කාලයක් ගත වුණ නමුදු කැමිලස් මහත්මයාට මේ තරුණියව ආයෙත් මුණගැසුන විට ඇය ඒ වෙද්දී කන්‍යා සොහොයුරියක් බවට පත්වූ පසුවයි. පෙර දවසක කතා කරපු විදියටම, ඇය ඔහු සමඟ එක්ක කතා කරලා යන්න ගිය අතර ඉන්පසුව ඇයව යලිත් දකින්න හෝ නොලැබුනි.

ආරංචියේ හැටියට නම්, මේ කන්‍යා සියුරිය දුර පලාතක පල්ලියකට මාරුවීමකින් යන්නට ගොස් තිබූ අතර තමන්ගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප වුණත්, ඒ ගැන දුකක් මිස අමනාපයක් ඔහු තුළ තිබුණේ නැති බව ඔහු වරෙක කියා තිබුණි. මේ ගීතයට පදනම් වූ සංවේදී කතා පුවතයි.

"උන්මාද වූ ප්‍රේමාදරේ", "වාසනා වේවා" වගේ තමන් අතින් ලියවුණු ගීත අතරින්, අදටත් කැමිලස් මහත්මයා වැඩියෙන්ම කැමති රෝහණ සිරිවර්ධනයන් ගේ හඬින් ගැයෙන මේ අලංකාර ගීතයටමයි.

80 දශකයේ ගී රචකයන් අතරේ කැමිලස් පෙරේරා නාමය නුහුරු නමක් නම් නොවේ පත්තර කලාවේ කැමිලස් පෙරේරා නාමයට දෙදෙනෙකු උරුම කීවද එක් කෙනෙකු ගී රචකයන් අතරේ ප්‍රමුඛයෙකු විය අනෙක් ශිල්පියා කාටුන් කලාවේ යෝධයෙකි.

මේ ගෙනහැර පාන්නේ ජ්‍යෙෂ්ඨ ගේය රචක කැමිලස් පෙරේරා නම් සොදුරු සහෘදයා ගැනය. මේ ලියන මොහොතේ දීත් ඇතැම් සමාජ ජාලා පිටුවල කැමිලස් පෙරේරා නාමය ගැන හදුනන්නේ කාටුන් ශිල්පියා ගැන වීම කනගාටුවට කරුනකි. ඒ තරමටම ඔහුගේ නම බොහෝ අයට අමතක වී ගොසිනි.

මේ මොහොතේ මේ ගීත රචකයානන් අසනිප තත්වයෙන් හා දැඩි ආර්ථික අපහසුතාවයකින් පසුවන බව බොහෝ දෙනෙකු දන්නා නමුදු ඒ සදහා ඉදිරිපත් වීමක් නම් අසන්නට නැති බව කීම කනගාටුවට කරුණකි.

එතුමාගේ පුතා "ලසිත් මදුරංග පෙරේරා" මා සමග පැවසූ ලෙස එතුමා පත්තර කලාවෙන් ගී ලොවට පිවිසී ගීත රචකයෙකි. "සරසි පුවත්පතේ සිට සරසවිය යන සිනමා පුවත්පත් හා ජාතික පුවත්පත් වූ ලංකාදීප ලක්බිම මව්බිම" පුවත්පත දක්වාම ඔහුගේ ලේඛන ශක්‍යතාවය කලාව උදෙසා තිලිණ කල පුවත්පත් කලාවේදියෙකි.

එතුමාගේ අතින් ලිපියක් පල නොවූ කලා ශිල්පියෙකු හෝ ශිල්පිනියක් සොයා ගැනීමට අපහසුය ඒ තරමටම ඔහුගේ උපකාරය යන තිළිණය නොලද කෙනෙක් සෙවීම ඉතා අපහසුය.

මේ ගීත රචකයා හුගාක් උදව් උපකාර කල කලා ශිල්පීන් හුග දෙනෙක් හිටියත් මේ අවස්තාව ඔවුන්ට ඒ උදවු උපකාර වලට ප්‍රති උපකාර කළගුණ සලකන්න අමතක වීම කනගාටුයි.

80 දශකයේ අතිශය ජනප්‍රිය ගීත රචකයෙකුට නොසෑහෙන්න උදව් කල නමුත් මේ අවස්තාව ඔහුට කැමිලස් පෙරේරාගේ නම අමතක වීම අරුමයකි.

ඔහු සිය පෙම්වතියව කාටත් හොර රහසේම කැදවාගෙන ආවේ මේ රචකයාගේ නිවසටය.

ඒ පැමිනීමෙන් පසු මාස ගනනාවක් මෙතුමා ඒ ප්‍රසිද්ධ ගීත රචකයාට සහෝදරයෙකු සේ ඔවුන් රැකබලාගෙන විත් නවාතැන් පහසුකම් දුන් බව දන්නෝ දනිති.

නම කියන්න අපහසු ඔහු ඒ කාලයේ ප්‍රේම ගීත රචකයන් අතරේ පෙරමුණේ පසුවූ අයෙකු නිසයි අදටත් ඒ ගීත රචකයාගේ ගී අතිශය ජනප්‍රියයි.

මේ එක් උදාහරණයක් පමණයි.

ඒ තරමට ඔහු නිහතමානී මිනිසෙකි. හිතවත්කමට ගීත රචනා නොමිලයේම තිළිණකල අයෙකි.

මේ ආවස්ථාවේ මෙතුමා ගැන විමසීමක් කල දුක සැප සොයා බැලුවේ අග්‍රගන්‍ය නිලි "ශ්‍රියානි අමරසේනයන්" පමණි. ප්‍රසිද්ධ ගායිකාවක් විසින් ඇරබී ප්‍රසිද්ධ සමාජ සත්කාරය පදනමකට පවා මෙතුමාට උපකාරයක් කිරීම අමතක වී ගොසිනි. ඒ පදනමින් ජ්‍යෙෂ්ඨ සංගීත අධ්‍යක්ෂකවරයෙකුට නිවසක් පවා පරිත්‍යාග කලත් මේ නිහඩ කලාකරුවා වෙනුවෙන් එවැන්නක් ලබා නොදුන්නත් වෙනත් උපකාරයක් කිරීම වත් ඒ පදනමට අමතක වී ගොසිනි.

එච් ඩී ප්‍රේමරත්නයන්ගේ සිනමා නිර්මාණයන් සදහා ප්‍රතම වරට සිනමා ගී රචනා කලේ "මංගල තෑග්ග" චිත්‍රපටය සදහාය ඒ "වාසනා වේවා" ගීතයය ඉන්පසු "සප්ත කන්‍යා" චිත්‍රපටය සදහා රචනා කල "උන්මාද වූ ප්‍රේමාදරේ" ගීතයේ ගීත රචනාව හැර අනෙකුත් නිර්මාණයන් සදහා එම වසරට හිමි සරසවි සම්මානයන් හිමි වූවත් ඔහුට ඒ ගී රචනා සම්මානය හිමි නොවුනේ එතුමන් එකල "සරසවිය" සිනමා පුවත්පතේ සේවය කරමින් ලේඛණ කටයුතුවල යෙදුනු නිසා බව බොහෝ අය නොදනී.

එසේ වූවා නම් ඒ සම්මානය පක්ශග්‍රාහී සම්මානයක් වීමට තිබූ නිසාත් ඔහුට "සරසවිය සම්මානය" ලැබීමට නම් එම පුවත්පතේ සේවයෙන් ඉවත් වීමට කල යෝජනාවට ඔහු එක හෙලාම අකැමැති වූ නිසාත් එම චිත්‍රපටයේ අනෙක් ගීතය වූ "අජන්තාවන්" රචනා කල "සුවද දැනී දැනෙනවා" නම් ගීයට හොදම ගීත රචනාව ලෙසත් එහි ගායකයා වූ "රූකාන්ත ගුණතිලකයන්ට"සරසවි සම්මානය හිමිවිය.

ඒ සම්මාන රාත්‍රිය ඔහුගේ නෙතගින් කදුළු සලමින් නැරබූ බවත් ඔබ අප නොදන්නා රහසකි.

ගීත රචනා 1500ක ප්‍රමාණයක් ලියූවත් අප දන්නේ අතලොස්සක් පමණි.

ඒ රචනා ගේය සංග්‍රහයක් ලෙස පලවී නොමැත. සමහර ගීත වල අයිතියද ඔහුගෙන් සොරාගෙන ඇත ඒ එතුමන් ලෙඩ ඇදේ සිටි අවදියේය.

හිමි නැති පෙමකට...(මාලනී බුලත්සිංහල)
දේව මන්දීරේ...(රෝහණ සිරිවර්ධන)
හද විලේ...(ක්ලැරන්ස් විජේවර්ධන)
හැදිස්සියේ...(ටී. එම්. ජයරත්න)
උන්මාද වූ...(දමයන්ති ජයසූරිය/කමල් අද්දර ආරච්චි)
රැයේ තුන්‍ යම...(නන්දා මාලනී)
වාසනා වෙවා..(සනත් නන්දසිරි)
ආදර ප්‍රිය ළදුනේ...(ෆීලික්ස් ඇන්ටන්)
මේ අපට කටපාඩම් ගීත කිහිපයකි අනෙක් ගී ගැයූ ශිල්පීන් අප නොදනී.

ප්‍රසාද් ප්‍රනාන්දු විසින් කලකට ඉහත ලියූ සටහනකින් උපුටා ගැණුනි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top