Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
"මෙය කාගේ හෝ නම කෙලෙසීමකටවත්, මඩගැසීමකටවත් නොව හුදෙක් ඇත්ත ඇති සැටියෙන් හෙළිකිරීමටයි." - එල්ලවන චෝදනාවලට ජයශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත පිළිතුරු දෙයි

- "මෙය කාගේ හෝ නම කෙලෙසීමකටවත්, මඩගැසීමකටවත් නොව හුදෙක් ඇත්ත ඇති සැටියෙන් හෙළිකිරීමටයි." - එල්ලවන චෝදනාවලට ජයශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත පිළිතුරු දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ජාත්යන්තරය ජයගත් සංගීත කණ්ඩායමක් ලෙස ජයශ්රී සංගීත කණ්ඩායම හදුන්වන්න පුළුවන්.
 
රසික හදවත් සිය ගායන හැකියාවෙන් වසඟයට ගත් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් නිවුන් සොහොයුරන් ගැන පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වුණා.
 
ඒ ඔවුන්ට එල්ලවුණු චෝදනාවක් නිසයි.
 
මෙම චෝදනා එල්ල කර තිබුණේ මීට කාලයකට පෙර ජයශ්රී කණ්ඩායමෙන් වෙන්ව ගිය පුද්ගලයෙකු විසින්.
 
ඔහු විසින් පවසා තිබුණේ ජයශ්රී කණ්ඩායමේ නිර්මාතෘ තමන් බවත් නිර්මාණය කළ ගීත සහ වීඩියෝවල අයිතිය ඔහුට හිමි බවත්ය.

කොහොම වුණත් මේ සියලු චෝදනාවලට ජයශ්රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙලෙස පිළිතුරු ලබාදී තිබුණා.
 
එම සටහන පහතින්..
 
අපි ජයශ්රී ඉතා උවමනාවෙන් ඔබට දැනුම් දෙමු!
පළමුව මෙය කාගේ හෝ නම කෙලෙසීමකටවත්, මඩ ගැසීමකටවත් නොව, හුදෙක් "ඇත්ත ඇති සැටියෙන්" අපගේ සදාදරණීය සියලුම රසික කැල හා අප ක්ෂෙස්ත්රයේ හිත මිතුරන්ගේ දැනගැනීම පිණිස පහත සටහන තැබීමට කැමැත්තෙමු.
 
අපගේ ජයශ්රී කණ්ඩායමේ වසර 4 පමණ කාලයක් (1999-2003..) සාමාජිකයෙකුව සිට, මීට වසර 18කට පමණ පෙර තම කැමැත්තෙන් නීත්යානුකුලව අපෙන් වෙන්වීගිය එක්තරා පුද්ගලයෙකු, හදිසියේ අවදිවී ඔහු ජයශ්රී කණ්ඩායමේ නිර්මාතෘ බව ඇතුළු විවිධාකාර අසත්ය, අපහාස ප්රකාශයන් පතුරවමින් සිටියි. මෙය හුදෙක්ම ප්රසිද්ධිය ලබාගැනීමටත් අපහට මඩ ගැසීමටත් පමණක්ම දරන්නාවූ බොළඳ මන්ද මානසික උත්සාහයක් බව පැහැදිලිව පෙනීමට තිබේ.
 
මොහු අසත්ය කරුණු ඇතුලත් එන්තරවාසියක් මගින්, මෙවැනි කරදර කාලයක අප කණ්ඩායමෙන් යම්කිසි මුදලක් කඩා ගැනීමට හැකිවෙතැයි විශවාස කරනු ලබයි.
 
එම එන්තරවාසිය මගින් සඳහන් කර ඇති සියලුම නිර්මාණ (Audio + Video) , ජයශ්රී වෙළඳ නාමය යටතේ කණ්ඩායමක් ලෙස නිෂ්පාදිත බැවින් මෙම සියලු නිර්මාණ ජයශ්රී සතු වෙයි. මොහුට මෙහි සඳහන් සියලු නිර්මාණවල තනුව සඳහා පමණක් ලැබියයුතු නීත්යානුකුල කතෘභාගය එවකට දායකවූ තිදෙනා අතර බෙදෙන බැවින්, ගීතයක මොහුගේ අයිතිය 16.6 % ක් පමණි. ගීත රචනයන් මොහුගේ නොවන බැවින්, ඒ සඳහා මොහුට කොටස් අයිතියක් නොතිබේ.
 
එකල මෙම පුද්ගලයාව හඳුන්වාදී, AKM ආයතනයේ සාමාජිකයකු කිරීමට අපි උදවු කර, නිර්මාණ දායකත්වය සඳහා ලැබිය යුතු සියලුම කතෘභාග සහ වරප්රසාදයන් 2000 වසරේ නීත්යානුකුලව ලියාපදිංචිකල ආකාරයටම එදාපටන් අදටත් නොඅඩුව ඔහුට ලැබෙනුඇත. මෙම අයිතීන් සඳහා AKM ආයතනයෙන් ලැබෙන්නාවූ මුදල් ප්රතිලාභ මොහුගේ ගිණුමට හැර වෙනත් කිසියම් කෙනෙකුට කිසිවිටකත් ලබාගත නොහැක. එම වරප්රසාදයන් ලබා ගැනීම ඔහු විසින් පමණක්ම කලහැක්කකි. ඒ සඳහා අපගේ දායකත්වය අදාල නොවේ.
 
මේ බව සනාථ කරීමට අවශ්ය සාක්ෂි සහ සාධක, ඔස්ට්රියානු ජනරජයේ බුද්ධිමය දේපල පිලිබඳ ජාතික ආයතනයේ AKM වෙබ් අඩවිය පරිශීලනය කිරීම මගින් සවිස්තරාත්මකව දැනගත හැක. සියලුදෙනාගේ දැනගැනීම පිණිස මෙම සාධක (ගීත රචක - Text Dichter, තනු නිර්මාණය- Komponist / AR% ,MR % ප්රතිශත) නීත්යානුකුල ලියාපදිංචි කර ඇති සැටි මෙහිද ඇතුලත් කරමු! මෙම පුද්ගලයා කෙසේවත් මෙහි නම්කර තිබෙන්නාවූ නිර්මාණවල, එකම රචකයා,තනු නිර්මාණකරුවා, එකම ගායකයා හෝ කතුවරයා නොවන බවත්, මොහු හා මොහුට ප්රචාරය ලබාදීමට උත්සාහදරන්නාවූ බංකොලොත් ආයතන මගින් මෙහි සඳහන් කර ඇති නිර්මාණ පිලිබඳ කෙරුණු ලැබු සියලුම ප්රකාශ කිසිඳු සත්යතාවයකින් තොරවෙයි.
 
ජයශ්රී සංගීත කණ්ඩායම නීත්යානුකුලව ඕස්ට්රියානු ජනරජය තුල ලියාපදිංචි කර ඇති බැවින්ද, මෙතෙක් කල් මෙම පුද්ගලයා ඇතුළුව එහි සමාජිකත්වය දැරූ සියලු පුද්ගලයන් ඕස්ට්රියාවේ ස්ථිර පදිංචි කරුවන් වන බැවින්ද, සියලුම ජයශ්රී නිර්මාණ ඕස්ට්රියාව තුල පමණක් (ජාත්යන්තරව) නීත්යානුකුලව ලියාපදිංචි කර ඇති බැවින්ද, ශ්රී ලංකාව තුල මෙම කාරණාව පිලිබඳ නීතිමය ප්රතිපාදන නොමැති බව මොහුටත් මොහුගේ නීතිඥ සේවය යැයි කියාගන්නා විදේශ වීසා සේවා සපයන ආයතනයටත්, ඕස්ට්රියාවේ අපගේ බුද්ධිමය දේපල පිලිබඳ විශේෂඥ නීතිඥවරයා විසින් සවිස්තරාත්මකව දැනුම්දී ඇත. (ලිපිය බලන්න)
මෙම පුද්ගලයා සහභාගි වුනු ජයශ්රී නිර්මාණවල මොහුගේ කතෘභාග සහ වරප්රසාදයන් පිළිබඳව ඔහුට අපැහැදිලි භාවයක් ඇත්තේනම්, ඕස්ට්රියානු බුද්ධිමය දේපල පිලිබඳ AKM ආයතනයෙන් එය නිරවුල් කරගත හැක. නැතහොත් මොහුට නොතේරෙන්නාවූ මෙම ඉතා පහැදිලි කාරණාව, ඕස්ට්රියාව තුල පමණක් නඩු මගට පිවිසීමෙන් නිරවුල් කරගත හැකි බව අපගේ බුද්ධිමය දේපල පිලිබඳ විශේෂඥ නීතිඥය විසින් මොහුට දැනුම්දී ඇත.
 
ජයශ්රී නාමය සහ මුද්රාව පේටන්ට් බලපත් (313854 - Austrian Patentamt) යටතේ ශ්රී ලංකාව ඇතුළුව ජාත්යන්තරව ලියාපදිංචි කර ඇති, අයිතිය අප සතු සංගීත කණ්ඩායමකි. අප කණ්ඩායමේ නාමය නිර්මාණය හා ආරම්භය මෙසේ වෙයි:
 
අපි 1992-93 කාලයේදී අප මිත්ර ඕස්ට්රියානු නිෂ්පාදිතවරුන් සමග CON-DOM ලෙසින් සංගීත නිර්මාණ කරමින් යුරෝපයේ සහ ජාත්යන්තරයේ ගීත දර්ශක තුලට ඇතුළුවූ මුල්ම ශ්රී ලාංකිකයන් ලෙස Sony Music ආයතනය සමග වසර 10ක ගිවිසුමකට පිවිසියෙමු. පසුව 1994 දී BMG Ariola ආයතනය සමග ගිවිසුමකට අත්සන් තැබීමට පිවිසීමේදී Con-Dom යන නාමය රැගෙන යාමට අවසර නොමැතිවූ බැවින් නව නාමයක් යෙදුමට කටයුතු කළෙමු. ශ්රී ලංකාවේ අනන්යතාවය සහ අපේම සිංහල නමකින් ජාත්යන්තරයට යාමට ඇලුම්කල අපි ජයශ්රී ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළෙමු. නමුත් BMG Ariola ආයතනයේ ඉල්ලීම පරිදි මමත් මගේ සහෝදරයාත් එවකට අප සමග සිටි ඕස්ට්රියානු ජාතික ගායිකාව Magda සමග සාමාජිකයන් තිදෙනෙකු පමණක්වූ බැවින් "ජය3 - JAYA3" ලෙස නම් කිරීමට සිදුවිය. ඉන් වසර 5කට පමණ පසුව 1999 දී, අපි එකල නමක්වත් අසා නැති මෙම පුද්ගලයා, sony music පවා අමතා, අප ගැන සොයාගත් තොරතුරු මත අපව සොයාවිත්, අහඹු ලෙස හමුවී, ඔහුට එකල කල සංගීත ආරය එපාවී ඇතිබවත් ( Cover Band ) අප සමග වැඩකිරීමට කැමැත්ත පලකල විට ඉතාමත් සතුටින් හා සහයෝගයෙන් එකතුව, සහෝදරයන් සේ ගීත ප්රමාණයක් නිර්මාණය කොට ජයශ්රී ලෙස පළමු ඇල්බමය නිකුත් කළෙමු.
 
එවකට ඕස්ට්රියාවට නවක පුද්ගලයෙකු වූ මොහුට ශබ්දාගාරයක් තිබුනායයි පැවසීම විශාල විහිළුවකි. එකල මොහුගේ කාමරයේ මුළුතැන්ගෙයි කොටසේ පැත්තක මේසය මත පරිගණකයෙන් අපි තිදෙනා එක පුටුවේ වාඩිවී එකතුව තනු නිර්මාණය කල හොඳ අතීතය මොහුට අමතකවී ඇත. පසුව මාටින් කෝඩර්, ඇල්බර්ට් කොලර් යන අපේ මිත්ර ඕස්ට්රියානු ශබ්ද පරිපාලකයන් සමග අපේ කටහඬ සහ භාණ්ඩ වාදනය පටිගතකර, මික්ස්, මාස්ටර් කර, එකලට හොඳම තලයේ නිර්මාණ කලහැටි ඔහුට අමතක වී ඇත. මෙම තනු එකලට පෙර ඔහු විසින් තනිවම නිර්මාණය කල බව පැවසීමද අමූලික අසත්යකි. මොඩ් ගොවියා , සුන්දරී ඇල්බම දෙකම ලංකාවේ CD තැටි සහ කැසට් බෙදාහරින සමගම්වලටදී එයින් ලැබුණු ප්රතිලාභ තිදෙනා අතර නිත්යානුකුලව සමසේ බෙදාගනු ලැබීය.
 
සියල්ල අමතකකොට තනිවම යෑමට ගත් උත්සාහය අසාර්ථකවී,මීට වසරකට පමණ පෙර, වසර 18කට පසු නැවත එකතුවී Reunion ප්රසංග කිරීමට මොහුගේ සොහොයුරා ලවා කල ඉල්ලීම අපහට ඉවත දැමීමට සිදුවීම නිසා, අප කීර්ති නාමයට හානි කර කීයක් හරි කඩා ගැනීමට මේ දරන්නාවූ උත්සාහය ඉතා පිළිකුල් සහගතය. මේ පිළිබඳව අපගේ නීතිඥයා විසින් ඔහුට ඉදිරියේදී නීතිමය වශයෙන් පියවර ගන්නා බවට මේ වන විටත් අවවාදශීලීව දැනුම්දී ඇත.
 
එදා පටන් අදවෙනතුරු සරලව පොලවේ පයගසා, අවුරුදු 30කට ආසන්න අපේ මිතුරු සාමාජිකයින් සමග ජයශ්රී අපේ ගමන ඉතාමත් සාර්ථකව ලොවවටා අපි යන්නෙමු! අපේ රටටත් කීපවරක් ආවෙමු! කිසිදිනක මොහුගේ මෙම නින්දාසහගත ක්රියාවන් පිලිබඳ අප මෙතෙක් කිසිඳු ප්රකාශයක් පුද්ගලිකව හෝ ප්රසිද්ධියේ නොකර සිටීමට උත්සාහ කළෙමු. 
 
නමුත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මෙම කෙටි සටහන තැබීමට තීරණය කළෙමු. තවද මොහුගේ තර්ක ප්රකාශයන්ට අනුව වසර 18 කාලයක් පුරා තනිවම ගත් අසාර්ථක උත්සාහයෙන් කෙරුණු ඔහුගේ ජනප්රිය නිර්මාණ කීයක් ඇද්දැයි දැනගැනීමටද කැමැත්තෙමු. තවද මුදල් වංචා සම්බන්ධ විස්තරයක් ඔහු අසත්ය ලෙස විදහා දක්වා ඇතත්, අපි කිසිදිනෙක අතීතයේ සිට අද දක්වා ලංකාවේ හෝ ලොවේ කිසි කෙනෙකුට වංචා සහගත දෙයක් කර ඇත්නම් ප්රසිද්ධියේ පවසන මෙන් අපට අභියෝගයක් කලහැකිය ... නමුත් ඔහුට ලංකාවේ හෝ යුරෝපයේ එසේ කල හැකිද? යන්නද අසමු. 
 
මොහු අප සමග සිටි වසර හතරක කාලයට පෙරත්, පසුවත් අප ඉතා ජනප්රිය නිර්මාණ, සංදර්ශන සහ චාරිකා ඉදිරිපත් කර ඇත. ඒවා ජාත්යන්තර වශයෙන් ජාති භේදයකින් තොරව ජනාදරයට පාත්රවී ඇත.
 
මේ පිළිබඳව තව දුරටත් මෙම පුද්ගලයාගේ මට්ටමින් සංවාද විවාද කිරීමට අකමැති බවද, අවශ්යනම් නීතිමය පියවර පමණක් ගන්නා බවද කීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් පවසියහැක්කේ ඇතැම් අඳබාල මිනිසුන්ගේ මෙවැනි නින්දිත ක්රියා අප මෙයට පෙරත් නොයෙක්වර අත්දැක ඇති බවය. ජයශ්රී අපට සංගීතය යනු... අන් අය සමග ආදරය, සාමය , සතුට , එකමුතුකම, පරිසරය සුරැකුම ඇතුළු ධනාත්මක සිතුවිලි බෙදාගන්නා අගනා මාධ්යයක් විනා, අනෙකෙකුට ඊර්ෂියාවෙන් මඩ ගසාගෙන මුදල් සොයන ආයුධයක් නොවේ! මේ කිසිදු දෙයක් අපි ගෙනියන්නේ නැත .... නමුත් ජයශ්රී නමින් හොඳ මතකයක් පමණක් සැමදාටම පවතිනු ඇත. ! ආදරෙයි !!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top