Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිංගේ ලෝකය එළිය කළ අමුත්තා

- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිංගේ ලෝකය එළිය කළ අමුත්තාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,581 Views
ඉන්දියාවේ සුප්රකට ක්රිකට් ක්රීඩක හර්බජාන් සිංට සහ ඔහුගේ ආදරණීය බිරිය ගීතා බාස්රා ට පසුගිය සතිය ඉතා ප්රීතිමත් සතියක් වුණා.
ඒ ඔවුන් දෙවැනි වරටත් මවුපියන් බවට පත් වීම නිසයි.
 
ගීතා පසුගිය 10 වැනි දින පුතකු බිහි කළ අතර ඒ ඔවුන් ගේ දෙවැනි දරුවා යි.
 
ඔවුන් දෙදෙනාගේ වැඩිමල් දරුවා දියණියක්. හිනායා නමැති ඇයට මේ වනවිට වයස අවුරුදු 5 ක්. ඇය උපත ලැබුවේ 2016 ජුලි 27 වැනි දින යි.
 
“අපිට අල්ලාගෙන ඉන්න තවත් පුංචි අතක්. අපූරු වූත්, විශේෂ වූත්, මිහිරි වූත් තෑග්ගක්’ යනුවෙන් කුඩා පුතු උපන් අවස්ථාවේ හර්බජාන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා. ‘අපේ හදවත් පිරිලා ජීවිතේ පරිපූර්ණයි’ යනුවෙන් පවසමින් හර්බජාන් තවදුරටත් සඳහන් කර තිබුණේ බිලිඳා සහ බිරිය හොඳ සනීපයෙන් පසුවන බවයි.

තමුන් දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව හර්බජාන් සහ ගීතා මුලින් ම නිවේදනය කළේ මේ වසරේ මාර්තු මාසයේ යි.
 
වැඩිමල් දියණිය හිනායා සමඟ සිටින ඡායාරූපයක් ඔවුන් පළ කර තිබූ අතර හිනායා අත වූ පුංචි ටී-ෂර්ට් එකක ‘ළඟදීම ලොකු අක්කා කෙනෙක්’යන වැකිය සටහන් කර තිබුණා. ගීතා ද ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්ය ගිණුමක පළ කර තිබුණා. ඒ, ‘ළඟදීම එනවා....2021 ජුලි’ යනුවෙන් සටහනක් ද සමඟයි.
 
මෙයට සති කිහිපයකට පෙර ගීතා එක්තරා සම්මුඛ සාකඡාවක දී තමා ගේ ගැබිනි සමය ගැන බොහෝ විස්තර කතා කර තිබුණා.
තමාට හර්බජාන්ගෙන් ලැබෙන සහයෝගය ගැන ඇය විශේෂයෙන් සිහිපත් කර තිබෙනු දැකිය හැකි වුණා. පසුගිය කාලයේ දියණියගේ වැඩ කටයුතු බොහොමයක් කෙරුණේ ඔහු අතින් බවයි ඇය පවසා තිබුණේ. ‘ඔහු නිතරම කිව්වේ මට විවේක ගන්නා ලෙසයි. අයි.පී.එල් තරගාවලිය අවසන් වෙලා පැමිණි පසු හිනායා ගේ වැඩකටයුතු සේරම ඔහු කරට ගත්තා.
 
ඇය නෑව්වෙ, උදේ ඉස්කෝලෙ යන්න කීද්දුවෙ, ඇඳුම් ඇන්ඳුවෙ, මේ සෙරම කළේ ඔහුයි.
 
මේක ඔහුටත් හොඳයි. මොකද ඔහුට හිනායා සමඟ කාලය ගත කරන්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා. මේ වෙලාවේ හිනායා ගේ වැඩවලට උදව් වෙන්න ඔහු ළඟපාත ඉන්න එක ලොකු දෙයක්’.
 
ගීතා බාස්රා චිත්රපට නිළියක ලෙස ප්රසිද්ධියක් දිනා සිටි කෙනෙක්.
කෙසේ නමුත් 2016 වසරෙන් පසු ඇය චිත්රපටයක රඟපා නැහැ.
 
ඇය සහ හර්බජාන් අතර විවාහය සිදු වුණේ 2015 වසරේ යි. ඊට පෙර වසර කිහිපයක් ඔවුන් පෙම්වතුන් ලෙස ඇසුරු කර තිබුණා.
ඔවුන් ගේ ආදර කතාව ද අපූරු සිදුවීම්වලින් සමන්විතයි.
 
හර්බජාන් මුලින් ම ඇය දැක තිබුණේ ඇය පෙනී සිටි ගීතමය ජවනිකාවකින් බව සඳහන්.
 
ඒ ඔහු එංගලන්තයේ ක්රීඩා සමාජයක් වෙනුවෙන් ක්රිකට් ක්රීඩා කරමින් සිටි කාලයක යි. ඇය දුටු විගස ම තමා ට ඇය හමු වීමේ ආසාවක් ඇති වූ බව හර්බජාන් පවසා තිබුණා. දැන් නම් මම බොලිවුඩයේ හුඟ දෙනෙක් හඳුනනවා. නමුත් ඔය කියන කාලයේ මම ඔවුන් වැඩි දෙනෙක් හඳුනාගෙන සිටියේ නැහැ. ඒ නිසා මම මගේ වුවමනාව ගැන මගේ යහළුවන් කිහිප දෙනකුට කිව්වා.’ හර්බජාන් පසු කාලයක එක්තරා වෙබ් අඩවියක් සමඟ පැවැති සාකච්ඡාවක දී පවසා තිබුණා.
 
‘ඊට පස්සෙ දකුණු අප්රිකාවේ දි විස්සයි විස්ස ලෝක කුසලානය දින්නට පස්සෙ යාළුවෙක් මට ඇගේ දුරකතන අංකය හොයල දුන්නා. මම ඒ වෙලාවෙ ඇයට පණිවුඩයක් යැව්වා. මම කව්ද කියල හඳුන්වල දීල මම කිව්වා තේ එකක්, කෝපි එකක් බොන ගමන් ඇය එක්ක කතා කරන්න කැමතියි කියලා.
 
නමුත් දවස් තුන හතරක් යනතුරු ඇයගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ.
‘අපි දකුණු අප්රිකාවේ ඉඳල ආවට පස්සෙ ඇයගෙන් පිළිතුරක් ලැබුණා. ඒකෙ තිබුණේ මෙච්චරයි: ‘ලෝක කුසලානය දිනපු එක ගැන සුබ පැතුම්. අපිට ඔබලා ගැන ආඩම්බරයි. හැමදාමත් ඉන්දියානුවන් ආඩම්බරයෙන් තබන්න’. මම ඒකට මෙහෙම පිළිතුරක් යැව්වා: “වාව්...මම අහපු දේට මේක නම් අපූරු උත්තරයක්’.
 
එයින් පසු හර්බජාන් අයි.පී.එල් තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබුණා.
 
ඒ අවස්ථාවේ ගීතා ඔහුට පණිවුඩයක් එවමින් පවසා තිබුණේ තමාට ප්රවේශපත්ර දෙකක් අවශ්ය බවයි. මේ අනුව ඔවුන් මුල් වරට මුණ ගැසී කතාබස් කර තිබුණේ මෙම අයි.පී.එල් තරගාවලිය අතරතුර යි. මුලින්ම ගීතා ආදර සම්බන්ධයක් ඇති කර ගැනීමට කැමැති නොවූ බවත්, ටික කලක් ආශ්රය කිරීමෙන් පසුව පමණක් තීරණයක් ගන්නා බව හර්බජාන් සමඟ පවසා තිබූ බවත් සඳහන්. කෙසේ හෝ වේවා, පසුව ඔවුන් ආදරවන්තයන් බවට පමණක් නොව අඹුසැමියන් බවට ද පත් වුණා.
 
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top