වසර දෙකක කාලයක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ හුදෙකලාව රඳවා සිටින ශ්‍රී ලාංකික පවුලකට තාවකාලික වීසා ලබාදී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට ඕස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමටත්, අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව සැළසීමටත් පහසුකම් සළසා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන අමාත්‍ය ඇලෙක්ස් හවුක් නිවේදනය කළේ මාස තුනක කාලය සඳහා මෙම පවුලට තාවකාලිකව වීසා ලබාදී ඇති බවයි.
2012 - 2013 වසරවල ඕස්ට්‍රේලියාවට පලාගිය මෙම පවුලේ බාල දියණිය පසුගියදා ඇතිවූ රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පර්ත් නගරයට රැගෙන ගොස් තිබුණා.
මේ අතරයි ඕස්ට්‍රේලියානු ආගමන විගමන බලධාරීන් මොවුන්ට මෙම තාවකාලික වීසා ලබාදීමට කටයුතු කරනු ලැබුවේ.
ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි මොවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරමින් සිටියදී ඔවුන් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යනු ලැබුවා.
එරට අධිකරණය ලබාදුන් තීරණයකට අනුව මොවුන් පිටුවහල් නොකර ක්‍රිස්මස් දූපතේ සංක්‍රමණික කඳවුරක රඳවා සිටියා.
පසුව මොවුන්ගේ බාල දියණියට අසනීප වීම හේතුවෙනුයි මෙම ශ්‍රී ලාංකික පවුල පිළිබඳව යළි ජාත්‍යන්තරයේ අවධානය යොමුවුණේ.