Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
“...ඒ ගෑනි මාව හැමවෙලාවෙම ප්‍රතික්ෂේප කළා, මට ඒක තවත් දරාගන්න බැරිවුණා. මම තීරණයක් ගත්තා..” - අනියම් බිරිඳ වූ දමයන්තිව කතුරකින් ඇන අමු අමුවේ මැරූ කුමාරසිංහ - ගමක් කම්පා කළ ඝාතනයේ සියලු තොරතුරු මෙන්න..

- “...ඒ ගෑනි මාව හැමවෙලාවෙම ප්‍රතික්ෂේප කළා, මට ඒක තවත් දරාගන්න බැරිවුණා. මම තීරණයක් ගත්තා..” - අනියම් බිරිඳ වූ දමයන්තිව කතුරකින් ඇන අමු අමුවේ මැරූ කුමාරසිංහ - ගමක් කම්පා කළ ඝාතනයේ සියලු තොරතුරු මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
“උඹ කොහෙද ගියේ” ඇහුවත්, ඇය නිහඬවම හිටියා..
කතුරු පහර කාගෙනම ඇය නිවසට දිව්වා...!

අනියම් බැඳීම්වලට බොහෝ විට කිසිදු පරතරයක් නැහැ. තනතුරු තානාන්තර උස් මිටි ජාතිබේද කුල අගහිඟකම් කිසිත් මායිම් කරන්නෙ නැහැ.

නමුත් ඒ සියලු කරුණු කාරණා වලංගු වන්නේ හදවත් දෙක එකිනෙකට යාව පවතින කාලපරාසයට පමණයි.

වයස් පරතරය වැඩි අනියම් පෙම් සම්බන්ධතා කල් ගත වෙද්දි වයසින් අඩු පාර්ශවය අනෙකා නුරුස්සන ස්වරූපයක් ඇති වෙයි. සම්බන්ධය පටන් ගත් සමයේ තිබූ ආදරය දෙදරා යයි. තහංචි පනවයි. නිදහස සීමා කරයි.

මෙහිදී පීඩාවට පත්වන ගැහැනිය හෝ පිරිමියා වෙන් වීමට මාන බලයි.

වෙන් වූ පසු වෛරයක් හට ගන්නේ අනතුරුවයි. මෙසේ කාන්තාවන් හා පිරිමින්ගෙ සිත්වල ඇති වන වෛරය අතිශය දරුණුයි. එවැනි පුද්ගලයන්ගෙන් කිසිදු සමාවක් නොලැබෙයි. සෙනෙහසින් වැළඳ ගත් තම ආදරණීයයන්ගේ දිවි අහිමි කරවීමට පවා ඔවුන් ක්‍රියා කරයි.

කුමාරසිංහගේ හිත දරුණු වූයේද අමානුෂික වූයේද අනියම් බිරිය වූ දමයන්තිගේ වෙනසක් සිදු වූ නිසයි.

අසීමිත ආදරයෙන් වෙලී සිටි කුමාරසිංහට දිනෙන් දින සිදුවන දමයන්තිගේ වෙනස්වීම සිතාගත නොහැකි වුණා. ඇය කෙරෙහි ඔහුගේ මනසේ සැකයක් ජනිත වන්නේ ඒ නිසයි. කුමාරසිංහගේ වයස අවුරුදු 60ක් වුණා. දමයන්තිට 49යි.

එම සැකය තව තවත් කුමාරසිංහගේ මනසට කා වැදුණේ මුණගැසීමට පැමිණී අවස්ථා වලදී දමයන්ති ඔහු ප්‍රතික්ෂේප කිරීමයි. ඔහුට එය දරාගත නොහැකි වුණා.

දිනෙන් දින ඔහුගේ සිතේ තිබූ වේදනාව වැඩි වුණා. අවසානයේදී ඇගේ විරුද්ධත්වයට කුමාරසිංහගේ පිළිතුර වූයේ රුධිර ගංඟාවක් මැද ඇයව නිහඬ කිරීමයි.

අනියම් බිරියගේ වෙන්වීම තමාගේ ජීවිතයට පලක් නොවන බව වටහා ගත් කුමාරසිංහ ද සිය ජීවිතය විනාශ කරගැනීමට කටයුතු කළත් සියල්ල අවසන් කොට අවසන් නින්දට යෑමේ කාලවේලාව පැමිණ නොතිබුණු බැවින් ඔහු තුවාල ලබා රෝහල් ගත කළා.

මේ සිද්ධිය වන්නේ දුම්මලසූරිය පොලිස් වසමේ බුන්නැහැපොල ප්‍රදේශයේ ඉකුත් 16 වැනි දිනයි. කතුරිකින් ඇන තම අනියම් බිරිය ඝාතනය කළ මේ සිද්ධිය ඇසූ ප්‍රදේශයේම ජනතාව නොසතුටට පත්වුණා.

මේ සිද්ධියෙන් මියගියේ බුන්නැහැපොල පදිංචිව සිටි ජයකොඩි ආරච්චිගේ සුනේත්‍රා දමයන්ති නම් දෙදරු මවක්. ඇය 49 වැනි වියේ පසුවුණා.

වයස අවුරුදු 25ක පුතෙකු හා 24ක දියණියක් ද සිටින දමයන්තිගේ ස්වාමිපුරුෂයා ඇයගෙන් වෙන් වූයේ මීට වසර 13කට පෙරයි. මෙසේ වෙන්වීමට හේතු තිබුණා. මේ කෝන්තරයෙන් අනතුරුව දමයන්ති සමඟ අමනාප වී නිවසින් පිටව ගිය ඔහු නැවත කිසිදින පැමිණියේ නැහැ.

ඔහු ගැන තොරතුරක්ද මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ස්වාමිපුරුෂයා ඒ තරමටමට කළකිරීමෙන් දරුපවුලම අතැර දමා ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණා.

දමයන්තිගේ දියණිය මීට වසර පහකට පමණ පෙර විවාහ වී දුම්මලසූරිය පොලිස් වසමට අයත් නවකඩ ගම්මානයේ ජීවත් වනවා. ඇගේ පුතා ද විවාහ වී මව සමඟ ජීවත් වනවා.

ඔහුට වයස අවුරුදු 3 ක දැරියක්ද සිටිනවා. දමයන්තිගේ පුතා එදිනෙදා ලැබෙන කුමක් හෝ වැඩක් කර ජීවත්වන අතර තදින් මත් කුඩුවලට ඇබ්බැහි වී සිටිනවා. මේ හේතුවෙන් ඔහුගේ නම කීප වතාවක්ම පොලිස් පොතේ සටහන් වුණා.

ඝාතනයට සම්බන්ධ අනියම් සැමියා වන බෝබේරාළලාගේ කුමාරසිංහ, දුම්මලසූරිය පොලිස් වසමට අයත් හේනේගෙදර පදිංචිකරුවෙක්. ඔහු වයස අවුරුදු 30 හා 31 ක දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔවුන්ද විවාහකයි. ඔහුගේ බිරිය කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මේ රෝගී තත්ත්වයට කුමාරසිංහගේ හැසිරීමද බලපෑ බව තතු දත් අයගේ අදහසයි.

ඔහු බුන්නැහැපොල ප්‍රදේශයේ සත්ව ගොවිපළක සේවය කරයි. මේ සත්ත්ව ගොවිපළ පිහිටියේ දමයන්තිගේ නිවසට ආසන්නවයි. මේ ගොවිපළේ සේවය කරන අතරතුර කුමාරසිංහට දමයන්ති මුණ ගැසෙන්නේ මීට වසර කිහිපයකට පමණ පෙරයි. මේ දැන හැඳුන ගැනීම ප්‍රේම සම්බන්ධයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ.

ටික කලක් ගතවෙද්දී මේ සම්බන්ධය අවට කා අතරත් ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා. ටික කාලයක් ගිය පසු දමයන්ති කුමාරසිංහව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. ඉන් දෙදෙනා අතර ආරවුල් හටගත්තා. ඉකුත් 15 වැනිදා කුමාරසිංහ දමයන්ති මුණ ගැසීමට යන්නේ වෙළඳසළකින් මිලදී ගත් කතුරකුත් රැගෙනයි. ඔහු පාපැදියෙන් දමයන්තිගේ නිවසට ගොස් එය පිටුපස නවතා නිවස ඇතුළට ගියත් කිසිවෙක් සිටින බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

අනතුරුව ඔහු ඇගේ දුරකථනයට ඇමතුම් ගත්ත ද ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ හේතුවෙන් කුමාරසිංහගේ කෝපය තවත් වැඩිවුණා. ඔහු දන්න අඳුනන කීප දෙනෙකුට ඇමතුම් ලබා දුන්නද දමයන්ති සිටින තැනක හෝඩුවාවක් දැන ගැනීමට හැකි වූයේ නැහැ. මත් කුඩුවලට ඇබ්බැහි වී සිටි දමයන්තිගේ පුතා ඊට සම්බන්ධ සිද්ධියක් පොලිසියෙන් සොයන නිසා ඔහු සිය බිරිද හා දියණිය සමඟ එදින රාත්‍රීය ගත කිරීමට සිය නැගණියගේ නිවසට ගොස් තිබුණා.

මධ්‍යම රාත්‍රීය ගෙවී ගියා. ඒ වන තෙක් දමයන්තිගේ නොපැමිණීම කුමාරසිරිට දැඩි කුකුසක් ගෙන දුන්නා. ඇය කොයි මොහොතේ හෝ එනතෙක් නිවසේ රැඳී සිටීමට හෙතෙම තීරණය කළා.

නොනිදා රැය පහන් වනතුරු සිටි ඔහු රැගෙන ආ කතුරේ ආවරණය ඉරා දමා එය විවෘත කර කතුර එළියට ගෙන ඇයව ඝාතනය කොට තමාද කතුරෙන් ඇන ගන්නා බවට දැඩි තීරණයකට ඔහු එළැඹ සිටියා විය හැකියි.

පසුදා එනම් 16 වැනිදා දින උදෑසන 6 ට පමණ දමයන්ති සිය නිවසට පැමිණියා. ඇය ගේට්ටුව අසළට එනවාත් සමඟම නිවසේ සැඟව සිටි කුමාරසිරි ඇය දෙසට දිව ආවේ දැඩි ආවේගයකින්. ඇය ගිය තැන ගැන විමසීමක් කළද ඇගේ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් වූයේ නැහැ.

ඒ සමඟම සිය අත තිබූ කතුරෙන් පහර කිහිපයක් ඇයට එල්ල කළා. ඒ පහර කාගෙන ඇය නිවස දෙසට ගියා. ඇය නිවසට ඇතුළු වීමට උත්සාහ කරනවාත් සමඟම ඇගේ පපුවට වැරෙන් කතුරු පහරක් එල්ල කළා.

ඇය බිම ඇද වැටුණා. ලේ විලක් මැද වැටී සිටි ඇගේ කෑ ගැසීමට අවට කීප දෙනෙක් පැමිණියද කුමාරසිංහ කතුර දික්කරමින් ළඟට පැමිණියොත් අනින බව පැවසීම හේතුවෙන් බොහෝ දෙනෙක් ඒ ආසන්නයට යෑමට බිය වුණා. ඒ සමඟම කුමාරසිංහ සිය පපුවට ද කතුරෙන් ඇන ගත්තා. ඔහුද ලේ විලක් මැද වැතිරුණා.

ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය දැනුම් දුන්නා. 1990 ගිලන් රථයද පැමිණියේ ඉන් අනතුරුවයි.

ගිලන් රථයේ සෞඛ්‍ය සේවක සේවිකාවන් ඇයව පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව නිරීක්ෂණය කළා. බරපතල තුවාල ලැබූ කුමාරසිංහ කුලියාපිටිය මහා රෝහලට රැගෙන යාමට කටයුතු කළා.

අනතුරුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණා.

තුවාල ලැබූ සැකකාර කුමාරසිංහ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාන ඇතිව කුලියාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මිහිර විජේසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top