Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
23
“..ක්ෂණයෙන් ආපු සොරෙක් ඇගේ මාලේ කඩා ගත්තා. ඇයව බේරගන්න ගිය ඇගේ පියා පිහි පහරකින් අන්තිම ගමන ගියා.. ඒ වෙන සමහර දේවල් කියන්නත් පිළිකුල් සහගතයි..” - හිත යටින් විඳවන, විසඳුමක් අවැසි ගැටළුව ගැන පුෂ්පා හඬ අවදි කරයි

- “..ක්ෂණයෙන් ආපු සොරෙක් ඇගේ මාලේ කඩා ගත්තා. ඇයව බේරගන්න ගිය ඇගේ පියා පිහි පහරකින් අන්තිම ගමන ගියා.. ඒ වෙන සමහර දේවල් කියන්නත් පිළිකුල් සහගතයි..” - හිත යටින් විඳවන, විසඳුමක් අවැසි ගැටළුව ගැන පුෂ්පා හඬ අවදි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,170 Views
“ඔබට එවන් පරිසරයක තත්ත්පරයක් හෝ සිටිය නොහැකි බව සත්තයි.”

“ඒ විෂබීජ පරිසරයෙන් මිදී අප නිවසට යා යුතුය.
ඒ අත දරුවන් අප එන පෙර මග බලා සිටින නිසයි.”

කොවිඩ් උවදුර උත්සන්න වෙමින් තිබෙන මොහොතක, අපේම මිනිසුන් වෙනුවෙන් කැපවෙමින් සිටින වෛද්‍යවරුන්, හෙදියන් සහ සුළු සේවකයින් කෙසේ නම් අමතක කරන්නද ?

"මතක් කිරීම" සහ "කළගුණ දැක්වීම" කොවිඩ් භීතියෙන් ඇළළුණු අද දිනට පමණක් නොවෙයි, හෙට දිනයටත් අපි සිහි ගන්වමු..!!

හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා ඇගේ මුහුණු පොතේ එවන් ඛේදනීය කතාවක් සටහන් කර තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන...

සියල්ලෝම එකිනෙකට ඇගිලි දික් කරමින් කොවිඩ් අවධානමේ වගකීම අනුන්ටම පවරා අත් සෝදා ගනු ඇත.
කොවිඩ් අවධානම ඇදි ඇදී තව... තවත් දුරට යනු ඇත.....
කොවිඩ් සංචරණ සීමා අයින් කර කවදා හෝ දවසක රට විවෘත වේවි.
සංචරණ සීමා කාලය තුළ වුවද අත්‍යාවශ්‍ය සේවා වලින් සුපුරුදු ලෙස පාර තදබදය එසේමය.
නමුත් සියලු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගත යුතුය. එහිදී සෞඛ්‍ය සේවාවෙන් ආරම්භ කර පාර පවිත්‍ර කරන අය දක්වාම අත්‍යාවශ්‍ය සේවාය. ගොවිකම අත්‍යාවශ්‍යම සේවාවකි. ඔහු නැත්නම් අප බඩ කට පිරෙන්නේ නැත.
ඒ මදිවට කොවිඩ් පාලනය කල යුතුය. PCR කල යුතුය. රෝගීන් හදුනාගත යුතුය. දිනපතා හදුනා ගන්නා රෝගීන් සුවපත් කල යුතුය. ප්‍රතිකාර කරන වෛද්‍ය, හෙද ඇතුථ සමස්ථ සෞඛ්‍ය කාර්ය මංඩළද කුමන ආපදාවක් තිබුනද සේවාවට පැමිණිය යුතුය. වර්ථමානයේ පැමිණි ගංවතුරට ඔබේ නිවාස මෙන්ම සෞඛ්‍ය කාර්ය මංඩළයේ බොහෝ අයගේ නිවාස ගං වතුරින් යටවී තිබූනද ඔවුන් සේවාවට පැමිණියහ.
අන් අත්‍යාවශ්‍ය සේවාද එළෙසය. බොහෝ හෙදියන් තමන් උපයාගන්නා මුදලින් ත්‍රී රෝද රථයකට හෝ නැග මුදල් දී සේවාවට එන්නේ තම සේවාව පිළිබද ඔවුන් වගකීම දරණ හෙයිනි.
නමුත් ඔබ හිතන පරිදි අපට තිබෙන එකම ප්‍රශ්ණය කොවිඩ් පමණක්ම නොව. අන් සියලු රෝග තත්ත්වයන්ද එළෙසමය. ඩෙංගු, හෟදයාබාධ, දියවැඩියා, වකුගඩු රෝග, පිළිකා, අනතුරු ආදී එකී, මෙකී නොකී කාරණා නිසා දිනපතාම දහස් ගණන් රෝගී වෙති. ඔවුන් රෝහල් ගත වූ විට අප ඔවුන්වද රැක ගත යුතුය.
ඔබ අප ගැන සිතන්නට හෝ පටන් ගත්තෙ කොවිඩ් නිසාය. ඒත් අපි ජීවිත කාලය පුරාම එනම් දිනපතාම ජීවත් වුනේ විෂබීජ පිරුණ ලෝකයකය. ඔබට එවන් පරිසරයක තත්ත්පරයක් හෝ සිටිය නොහැකි බව සත්තයි. ඒ විෂබීජ පරිසරයෙන් මිදී අප නිවසට යා යුතුය. ඒ අත දරුවන් අප එන පෙර මග බලා සිටින නිසයි. වයස් ගත අපේ දෙමාපියන් බලා සිටින නිසයි.
අප බොහෝ විට ගමන් කරනුයේ පොදු ප්‍රවාහන සේවාවෙයි. එවිට කෙසේ හෝ බස් රථයක එල්ලී ගෙදර යා යුතුය. සියලු වැඩ පල කර දරුවන්ටත් කවා පෙවා ආදරය දී රාත්‍රී 12 ට නිදා ගත්තත් පසුදාටත් එළිවෙන 3.30- 4 ට අවධි වී ආහාර සැකසිය යුතුය. දරුවන් පිරිසිදු කර කෑම කැවිය යුතුය. ඒ සියල්ල සිදුකර උදෑසන 6.45 ට ඇය සේවයට වාර්ථා කල යුතුය.
දිනක් එක් හෙදියක් සේවාවට එන්නට උදෑසන 4 ට තම පියාත් සමග පාලු පාරට ආවෙ උදෑසන බස් රථය අල්ලාගන්නටයි. නමුත් ක්ෂණිකයෙන් පැමිණි සොරෙක් ඇයගේ මාලය කඩා ගත්තේය. එය බේරීමට ඇයගේ වයස්ගත පියා කල උත්සාහයේදී ඔහුට එල්ල කල පිහි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්විය.
රාත්‍රී 7 ට වැඩ ඇරීය විට රාත්‍රී 10 පසුවී තනිපංගලමේ ගෙදර යන ඇය මුහුණ දෙන දුෂ්කරතා කියන්නත් පිළිකුල්ය.
එවන් කථා අපිට අනන්තවත් ඇත...
වාට්ටු පිරී ඉතිරී ගියත් පවතින ඇදන් වගේ දෙගුණයක් රෝගීන් සිටියත්, එනම් රෝගීන් 100 කට හෙදියන් 5 ක් සිටින්නේනම් ඇය දවස ආරම්භ කල යුතු වන්නේ යන්ත්‍රයක් මෙනි.
අද හෙදියන් ක්‍රියා කරන්නේ අසීමාන්තික වේගවත්ව වෙනස් වන සෞඛ්‍ය සේවා පරිසරයක ය.
රෝගියාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් පරිණාමය වෙමින් සහ වෙනස් වෙමින් මෙම සේවාව සක්‍රීයව පවත්වා ගැනීම ඔවුන්ගේ භූමිකාවන් සහ කාර්යයන් වේ.
සෞඛ්‍ය ශ්‍රම බලකායේ ඌනතාවයන් සපුරාලීම, නිපුණතා මිශ්‍ර කාර්ය මංඩළ ගැටළුවලට මුහුණ දීම සහ රෝහලක අයවැය සීමා කිරීම් වැනි අවශ්‍යතා වලට සියලු පිළිතුරු සපුරන හෙදියන් තම ප්‍රායෝගික තීරණ ගැනීමේ විෂය පථයට හෙදියනය අවශ්‍ය සහය නොලැබුවහොත් රෝගීන්ගේ සත්කාරයේ ගුණාත්මකභාවය සහ හෙද වෘත්තිය යන දෙකටම සෘණාත්මකව මෙය බලපාන බව දන්නවා වුවත් නොදන්නවා සේ බොහෝ පාලකයන් සිටිති.
හෙදකම ස්වාධීන වෘත්තියකි. එහිදී රෝගියාගේ ජීවිතය සුරකීමේ ඝෟජු වගකීම දරන්නේ ඇයයි. ඇයගේ සේවාව කිසිවකට හිලව් කල නොහැක.
ලොවපුරා සෑම විටම ආපදා ඇතිවනු ඇත. අපද, ඔබද සියලු දෙනාම එයට මුහුණ දිය යුතුය. ආපදා එනු ඇත යනු ඇත. නමුත් අප එයට හොදින් මුහුණ දී ජීවිතය රැක ගත යුතුය.
මෙය වසංගතයකි. මිනිසාගෙන් පරිස්සම් විය යුතු වෛරසයකි.
සංචරණ සීමා කාළය තුළදීද...කොව්ඩ් රෝගීන් දහස් ගණනක් මතුවිය. දහස් ගණන් කොව්ඩ් රොගීන් මිය ගියහ. අනතුරු වලින් පවුල් පිටින් මිය ගියහ. හෘදයාබාද, දියවැඩියා, වකුගඩු රෝග, මත් පැන්, මත්ද්‍රව්‍ය වලින් බොහෝ පිරිස් මිය ගියහ. රෝහල් පිරී ඉතිරී ගියහ.
සොරකම්, මැරකම් සිදුවීය. මත්ලෝලීන් මතින්ම සිය දිවි හානි කර ගත්හ.පවුල් ආරවුල් බොහෝ සිදු විය. සිත කලකිරී සමහරු පවුල් පිටින්ම සිය දිවි නසා ගත්හ. නීරෝධායන නීති පිළි නොපැද දහස් ගණන් සිපිරි ගෙහිය. ඒ අතර මත් ද්‍රව්‍ය යහමින් ප්‍රවහන කළහ. ගංවතුරෙන් විසි දෙනෙක් මියගොස් බොහෝ අය අවතැන් වූහ.
සංචරණ සීමා ඉවත් කල විට...
මීටරයක් කෙසේ වුවත් ආසන වලට පමණක්වත් සීමාවී වාඩීවී ප්‍රවාහන වල යාමට කිසිවෙකුට බැරිය. සියලු සාමන්‍ය වැසියන්ද,, අපද කෙසේ හෝ ගොඩවී වැඩට යා යුතුය. දුම්රියද එසේය. එළවළු පොළවල්ද, බාර්ද , අසීමිතව සෙනග පිරෙනු ඇත. පාරවල් පිරී ඉතිරී යනු ඇත. කොපමණ නීති දැම්මත් ඒ සෑම තැනකම කොවිඩ්ද නිදහසේ සැරිසරනු ඇත.
සියල්ලෝම එකිනෙකට ඇගිලි දික් කරමින් එම වගකීම අනුන්ටම පවරනු ඇත.
කොවිඩ් අවධානම ඇදි ඇදී තව... තවත් දුරට යනු ඇත.........
සටහන..
පුෂ්පා රම්‍යානි සොයිසා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top