ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදී රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් සමග සාකච්ඡා කිරීම සඳහා පැමිණි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් නතර වී සිටි ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේ බිල ඩොලර් බිලිය 1.2 ක් යැයි අනාවරණය වී තිබෙනවා.
මෙම හෝටලයේ ඉහළ මාලයේ වර්ග මීටර් 650 වූ සුපිරි කාමරය බයිඩන් විසින් වෙන් කරගෙන තිබෙනවා. රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡ කළ ලා ග්‍රාන්ජ් මැඳුර අවට කිලෝමීටර් 2 ක ප්‍රදේශය කටුකම්බිවලින් ආවරණය කර තිබූ අතර පොලිස් සහ හමුදා භටයන් 4000 ක් ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා තිබූ බව අනාවරණය වී තිබෙනවා. එසේම ජිනිවා විල අවට මාර්ගය පැය 20 ක් වසා තිබෙනවා. බයිඩන් සහ පුටින් අතර පැවති සාකච්ඡ ආවරණය කිරීමට වාර්තාකරුවෝ 3000 ක් ජිනිවා නුවරට පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.