ඉන්ධන සහ බඩු මිල ඉහළ යෑම හා පොහොර හිඟයට විරෝධය පළ කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්රීවරුන් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භය තුල විරෝධතාවක නිරත වනවා.
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඊයේ දිනයේත් සමගි ජනබලවේගයේ මන්ත්රීවරු රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා.
යතුරුපැදි අත්ට්රැක්ටර්, ත්රීරෝද රථ, ලොරි රථ වලින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් ඔවුන් පැමිණියේ පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය ආසන්නයේ සිටයි.
ජේ්.සී.බී. යන්ත්රයක් ද විරෝධතා පා ගමන සඳහා එක්ව තිබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක ගමන් කළ කළා.
හර්ෂණ රාජකරුණා, තුෂාර ඉදුනිල්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි ඇතුළු මන්ත්රීවරුන් කිහිපදෙනෙක් යතුරුපැදි වලින් ගමන් කළා.
එමෙන්ම, සරත් ෆොන්සේකා, අශෝක් අබේසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්රීවරු පිරිසක් ති්රීරෝද රථවලින් ගමන් කළ බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
මුජිබර් රහුමාන් මන්ත්රීවරයා බස්රථයක් පැදවු අතර ලොරි රථයක් පදවමින් විරෝධතාවට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා යි.
පසුව සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් පිරිස පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවකද නිරත වුණා.
අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්රිවරුන් පිරිස පාගමනින් පාර්ලිමේන්තු සංකිර්ණ පිවිසුම් දොරටුව දක්වා පැමිණියේ විරෝධතා පුවරුද ප්රදර්ශනය කරමින්.