Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
"පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා.." - නිර්ධා උයන්හේවා හෙළි කරයි

- "පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා.." - නිර්ධා උයන්හේවා හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

119 Views
"සමලිංගික ජිවිතේ ගැන, ගැහැණු ගැහැණු ලිංගිකව හැසිරෙන හැටි මගෙන් ඇහුවා.."

"මට කිව්වා අමු අමුවේ උත්තර දෙන්න කියලා සමලිංගික අයව අමතන විදිහ මට කියන්න කිව්වා.."


නිර්ධා උයන්හේවා කියන්නේ කාලයක් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දැකගන්න ලැබුණු චරිතයක්. විවිධ චරිත එක්ක ජනතාව අතරට ආ ඈ මේ වෙද්දී දැකගන්න ලැබෙන්නේ ඉද හිට. කොරෝනා තත්වය එක්ක නිවසට වෙලා ඉන්න නිර්ධාට පසුගිය කාලයේ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ අසභ්‍ය කතාබහක් ගැන. ඒ ගැන කතා කරන්න හිරු අපි නිර්ධව අපේ කතාබහට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

කොහොමද නිර්ධා, කොරෝනා වසංගත තත්වය එක්ක නිවසට වෙලා කාලය ගත කරනවා ඇති නේද..?
පසුගිය කාලයේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ නම් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා, පසුගිය කාලයේම ගෙදරට වෙලා ඉදලා ඇත්තටම මානසික පිඩනයක ඉන්නේ. මේ පීඩනය බොහෝ දෙනෙකුට ඇති කියලා හිතනවා.

නිර්ධාට අකරතැබ්බයක් වුණා කියලා ආරංචි වුණා, ව්‍යාජ සුනිල් ආරියරත්න කෙනෙක් කතා කරලා වීඩියෝ එකක් අරගෙන..?
ඔව්. තිබ්බ මානසික පීඩනය දැන් දෙගුණ වෙලා තියෙන්නේ. පසුගිය දවසක සුනිල් ආරියරත්න මහත්මයා කියලා මට ෆිල්ම් එකක් දෙන්නම් කියලා කෙනෙක් කතා කළා. මම මිට පෙර සුනිල් ආරියරත්න සර් එක්ක වැඩ කරලා නැති නිසා ඔහුගේ කටහඬ ගැන එතරම් අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසා ඔහු වගේ මට ඇමතු පුද්ගලයෙකුට මම රැවටුණා.

මොනවද වුණේ කියලා විස්තර කළොත්..?
මම මිට කලින් වැඩ කළ ටෙලි නාට්‍යක සහය අධ්‍යක්ෂ කෙනෙක් මට කතා කරලා කිව්වා අක්කේ සුනිල් ආරියරත්න සර් ඔයාට කතා කරන්න ඕන කිව්වා ෆිල්ම් එකක් ගැන කතා කරන්න කියලා. වට්ස් ඇප් කෝල් කරයි ඔයා කතා කරන්න කියලා කිව්වා. මම කිව්වා මට කතා කරන්න බැහැ ඔයා මගේ නම්බර් එක දීලා මට කතා කරන්න කියලා. මම සුනිල් මහත්මයා එක්ක වැඩ කරලා තිබ්බේ නැති වුණාට එතුමා මම ගරු කරන චරිතයක්.

ඔබට ඔය කියන ඇමතුම ආවම මොකද හිතුණේ..?
මම හරියට සතුටු වුනා ඇමතුම අවම මම ටික වෙලාවක් කතා නොකර හිටියා. එතරම් පුදුමයට පත් වෙලා. සුනිල් සර්ගේ වැඩකට සම්බන්ධ වෙන්නේ  කියලා. පසුව ව්‍යාජ සුනිල් මගෙන් ඇහුවා කතා නොකර ඉන්නේ ඇයි කියලා. මම ඔහුට කිව්වා මම ඉන්නේ පුදුම වෙලා කියලා. විනාඩි 30ක් විතර එදා කතා කළා. නිර්මාණය ගැන විස්තර හා සුනිල් ආරියරත්න කල චිත්‍රපටි ගැන. ඔහු මගේ විශ්වාසය අරගෙන කතා කරද්දී මට කොයිම මොහොතකවත් හිතුනේ නැහැ මේ කතා කරන්නේ ව්‍යාජ පුද්ගලයෙක් කියලා.

ඔබ ඔහු සමග දිගටම කතාබහ කළාද..?
ඔව්. පළමු ඇමතුමෙන් පසුව ඔහු මට කිව්වා නිර්ධා මම කතා කරන්නේ WhatsApp විතරයි. මේ චිත්‍රපටියේ ඔයා ප්‍රධාන චරිතයක්. තවත් නිලියෝ දෙන්නෙක් ඉන්නවා. කියලා ඒ දෙන්නගෙත් නම් කිව්වා. එයාලත් ප්‍රසිද්ධ චරිත. මම ඉතින් අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. මොකද කතා කරන්නේ සුනිල් සර් නිසා. පසුව ඔහු කිව්වා ඔයාලා තුන්දෙනාගේ වීඩියෝ එකක් කරනවා WhatsApp කෝල් එකෙන්ම කියලා. අනිත් දෙන්නගේ වෙලාව එක්ක බලලා මට රෑ 11ට විතර කෝල් කරන්නම් කමක් නැහැ නේද කියලත් ඇහුවා. සුනිල් සර්ගේ කාර්යබහුලකම නිසා ඔහුගේ කාලයට බාධා කරන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. ඔහු මට ලබා දෙන මුදල කිව්වා. ඒකත් ලොකු මුදලක් ඒ වගේම මේ වීඩියෝ එක කළාට පස්සේ සති දෙකකින් චිත්‍රපටියේ වැඩ පටන් ගන්නවා කියලත් කිව්වා.

ඔහු කිව්ව වේලාවට ඔබ ඇමතුමට සම්බන්ධ වුණාද, ඒ මොහොතේවත් ඔබට සැකයක් හිතුණේ නැද්ද..?
වීඩියෝ කෝල් එකක් අරගෙන මගේ කැමරාව ඔන් කරලා එයාගේ කැමරාව ඔෆ් කරලා සම්මුඛ සාකච්ඡාව කරගෙන යනවා කිව්වා. මම ඒකටත් එකග වුණා. මොකද මාත් එක්ක මිට පෙර නිර්මානයක වැඩ කළ සහය අධ්‍යක්ෂවරයෙක් හරහා මේ ඇමතුම ආ නිසා මම විශ්වාස කළා. නමුත් වීඩියෝ කෝල් එක ගන්න කලින් මම අර සහය අධ්‍යක්ෂවරයාට කෝල් කරලා කිව්වා මල්ලි මේ සුනිල් සර් නේද බයවෙන්න දෙයක් නැහැ නේද කියලා. එයා කිව්වා ඒ සුනිල් සර් තමයි බය වෙන්න එපා කියලා. ඒ නිසා මම ඔහුව සියයට දෙසීයක් විශ්වාස කළා.

පසුව ඔහු ඒ කිව්ව වෙලාවට මට ඇමතුම ගත්තා. මගේ කැමරාව ඔන් කරලා ඔහුගේ කැමරාව ඕෆ් කරලා තිබ්බේ. මුලින්ම ඇහුවේ මම ගැන, ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියලා. පස්සේ මම කරලා තියෙන නිර්මාණ හා සිනමා නිර්මාණ ගැන විස්තර වගයක් ඇහුවා. ඒවා අහලා කිව්වා ඔයාට සිනමාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට අමු අමුවේ උත්තර දෙන්න කිව්වා.මුඩුක්කු ජිවිතයක් ගත කරන කෙනෙක් වගේ කියලා. මම මිට කලින් සැර චරිත කරලා තිබ්බ නිසා මම හිතුවා කරන නිර්මාණයට අවශ්‍ය දේ මගෙන් ගන්නවා ඇති කියලා. මම ඔහුට සර් කියලා ඇමතු නිසා ඔහු කිව්වා මට සර් කියන්න එපා අපි මේ ගමන යන්න ඕන ෆ්‍රෙන්ඩ්ලි ඒ නිසා සර් කියන්න එපා කියලා.

පසුව ඔහු මගෙන් ඇහුවා සමලිංගික ජිවිත ගැන මොකද හිතන්නේ සමලිංගිකත්වය දැකලා තියෙනවාද, ඒ වගේ අයව ආශ්‍රය කරලා අත්දැකීම් තියෙනවද කියලා. මම අපහසුතාවයට පත් වුනා නමුත් මට පුළුවන් විදිහට උත්තර දුන්නා. සමලිංගිකත්වය සුලබව දැන් දකින්න තියෙන දෙයක් කියලා මම කිව්වා. එහෙම නෙමෙයි උත්තර දෙන්න ඕන අමු අමුවේ කියලා ආයෙත් කිව්වා. පස්සේ කොල්ලෝ කොල්ලෝ ආශ්‍රය කරනවට ඔහු වචනයක් කියලා ඒක කියන්න කිව්වා. මමත් කිව්වා.

ගැහැණු ළමයි ගැහැණු ළමයි සමලින්ගිකව හැසිරෙන්නේ කොහොමද ඇහුවා. ඒවගේම දෙන්නෙක් ලිංගිකව හැසිරෙන්නේ කොහොමද කියලා ඇහුවා. මට ඒ වචන එක්ක දැනුනු බය හා අපහසුව නිසාම මම සුනිල් ආරියරත්න වුනත් ඒ චිත්‍රපටිය එපා කියලා මම කෝල් එක කට් කළා. ඔහු දෙතුන් වතාවක් WhatsApp ගත්තා. මම ෆෝන් එක ඕෆ් කළා. ඔහු එක වතාවක්වත් සාමාන්‍ය විදිහට ඇමතුමක් ගත්තේ නැහැ. ඒ වෙලාවේම මම සහය අධ්‍යක්ෂකට ඇමතුමක් අරගෙන බනින්න හිතුවා. නමුත් කතා කලේ නැහැ. බයට අපහසුතාවයට එළිවෙනකල් නින්ද ගියෙත් නැහැ.

ඔබ ආචාර්ය සුනිල් ආරියරත්නට ඇමතුමක් ගත්තේ නැද්ද..?
මගේ යාළුවෙකුගෙන් එතුමාගේ නම්බර් එක හොයාගෙන මම කතා කරලා විස්තර කිව්වා. එතුමා කිව්වේ මම වගේ රඟපාන මනුස්සයෙක් ඉන්නවා. ජනප්‍රිය නිලියෝ කිහිපදෙනෙක්ම ඒ ඇමතුමට රැවටිලා තියෙනවා කියලා. මම ඒ ගැන දැනුවත් කරලා තිබ්බේ කියලා එතුමා කිව්වා. මම එතුමාගෙන් ඇහුවා මම මේකට නීතිමය පියවර ගත්තට කමක් නැද්ද කියලා. එතුමා කිව්වා එහෙම කරන එක හොදයි කියලා.

පසුව මම පොලිසියට ගිහින් පැමිණිලි කළා. පොලිසියෙන් එතුමාවත් ගෙන්නලා තිබ්බා. මේ වගේ පහත ආශාවන් ඉෂ්ඨ කරගන්න උත්සහ කරන පුද්ගලයා කොහොම හරි කොටු වෙයි කියලා හිතනවා. තවත් නිලියෝ අපහසුතාවයට පත් නොවෙන්න ඕන නිසයි මම නිතිය පැත්තට යොමු වුනේ.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top