Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
“අප්පච්චි බඩගිනියි කියලා දරුවෝ අඬනකොට දැනෙන වේදනාව කියන්න අමාරුයි..!” - දරු-මුනුබුරු හත් දෙනකුට එදා වේල හොයන්න පොල් ගස් නඟින තාත්තා කෙනෙක්...

- “අප්පච්චි බඩගිනියි කියලා දරුවෝ අඬනකොට දැනෙන වේදනාව කියන්න අමාරුයි..!” - දරු-මුනුබුරු හත් දෙනකුට එදා වේල හොයන්න පොල් ගස් නඟින තාත්තා කෙනෙක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
“අවුරුදු 30ක් තිස්සෙ මේ රස්සාව තමයි මම කරන්නේ..”

දරුවන් හත් දෙනකුට මවගේත් පියාගේත් සෙනෙහස ලබා දෙමින් පොල් කඩන රැකියාවෙන් ඔවුන් ජීවත් කරවන අපූරු තාත්තා කෙනෙක් ලෝක පියවරුන්ගේ දිනය වූ 20 දින දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී අපට හමු විය.

ඔහු නමින් සාලිය සමන් කුමාර වේ. හතළිස් එක් හැවිරිදි වියේ පසුවන සාලිය රැකියාවක් ලෙස වසර තිහකට වැඩි කාලයක් පොල් ගස් නැඟීම සිදු කරයි.

දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ කඩ 50 කාමරයක කුලියට මෙම අසරණ පවුල් ජීවත් වේ. දරුවන් හතර දෙනකුගේ පියකු වන සාලිය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටී.

එනම් ඔහුගේ බිරිය විදේශගත වී දරුවන් සහ සැමියා අතහැර වසර ගණනාවක් ගතවන බව අප සමඟ පැවැසීය. වැඩිමහල් දියණිය ග්‍රාමාරක්ෂක භටයකු සමඟ විවාහ වී පසුව එම විවාහයද අසාර්ථක වී සිටියදී එම දියණියගේ දරුවන් දෙදෙනාද සමඟ සාලියගේ කුලී නිවෙසේ නැවැතී සිටීම තවත් විශේෂත්වයකි.

ඒ අනුව සාලියගේ දරුවන් හතර දෙනා දියණියගේ දරුවන් දෙදෙනා සාලියත් ඇතුළුව හත් දෙනකු වේලක් හැර වේලක් දිවි ගැට ගසා ගන්නේ තමන් පොල් ගස් නැඟ සොයා ගන්නා මුදලකින් බව සාලිය අප සමඟ පැවැසීය.

දැඩි ආර්ථික දුෂ්කරතාවන් නිසා එක් ළමයකු පාසල් දිවිය සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබූ අතර අනෙක් දරුවන් දෙදෙනා තවමත් පාසල් වියේ පසු වුවද මේ දිනවල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් ගමන නැවතී තිබේ. එමෙන්ම ඔන්ලයින් හරහා අධ්‍යාපන ක්‍රමවේදයද මෙම දරුවන්ට අහිමි වී ඇත්තේ දුරකථන පහසුකම් නොමැතිවීම නිසාවෙනි.

පොල් කඩන රැකියාව සිදු කරන සාලියගේ දෑත් දෙපාවල ඇති විශාල කරගැට ප්‍රමාණයකි. උදෑසන බුදුන් වැඳ දෙවියන්ට පින් දී පිහිය සහ පොල් ගස් නඟින වළල්ල අතට ගන්න සාලිය උදෑසන විවිධ ප්‍රදේශවල පා ගමනින් ගොස් පොල් කැඩීමේ රැකියාවෙන් සොයා ගන්නා මුදලින් මෙම දරුවන්ගේ දිවි ගැට ගැසීම සිදු කරයි.

දරුවන්ද සියලු දෙනා දැඩි ආර්ථික දුෂ්කරතාවන්වලට අමතර මවගේ සෙනෙහස අහිමිවීම නිසා පියාගේ සෙනෙහස තුළින් ජීවත් වෙයි. රාත්‍රි කාලයේ එක කාමරයකට ගුළි වී මේ අය පැදුරු කැබැල්ලක් එළාගෙන නිදා ගන්නා බව සාලිය හඬා වැටෙමින් අප සමඟ පැවැසීය.

මේ දිනවල පවතින සංචරණ නීති හේතුවෙන් සාලියට පොල් ගස් නැඟීමට නිවෙස්වලට යෑමටද නොහැකිය. එහෙත් කිලෝමීටර් ගණනාවක් පා ගමනින් ගමන් කරන මේ පියා පොල් ගස් නැඟ කීයක් හෝ සොයා ගනියි.

“අම්මා බඩගිනියි” යනුවෙන් දරුවන් නොකියන බවත් “අප්පච්චි බඩගිනියි” කියා දරුවන් හඬා වැටෙනකොට තමන්ට දැනෙන්නේ දැඩි වේදනාවක් බවත් සාලිය හැඬූ කඳුළින් අප සමඟ පැවැසීය.

නිසි ලෙස ඇඳුමක් පැලඳුමක් අඳින්නට රස බොජුන් දෙන්නට, කාන්තා දරුවන් වුවද ඔවුන්ගේ අත කනකර රන්රිදීවලින් සරසන්නට නොහැකි වුණත් සාලිය සමන් කුමාර තාත්තා කෙසේ හෝ දරුවන්ගේ කුස පුරවමින් නිසි ලෙස ආදරය සියලු දෙනාටම බෙදා දීමට හැකි බව අප සමඟ පැවැසීය.

මවු සෙනෙහස අහිමි වී ඇති මොහොතක ලෝක පියවරුන්ගේ දිනයේ සාලිය සමන් කුමාර වැනි පියවරුන් මුළු ලෝකයටම ආදර්ශවත්ය. බොහෝ පියවරුන් දරුවන්ට ආදරය ලබා දෙන්නේ බිරියකගේ රැකවරණයක් ඇතිවය. එහෙත් දරුවන් රැකබලා ගැනීම, තම දියණියගේ දරුවන් රැකබලා ගැනීම පෝෂණය කිරීම සාලිය අතින් සිදුවෙයි.

මෙම ආදර්ශවත් පියාට ඉන්න හිටින්නට තැනක්, කන්න අඳින්නට යමක් දෙන්නට හැකිනම් මේ දිනවල ලෝක පියවරුන් වෙනුවෙන් උතුම් ක්‍රියාවකි.

දඹුල්ල - කේ. කේ. ආරියදාස
(මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top