Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
22
“මේ පුංචි උන්ට ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ හීනයක්..!!” - එදා වේල හොයාගන්නවත් බැරුව දුක් විඳින, අසරණකමේ අනන්තයටම ගිය අලින්ගෙනුත් බැට කන, අහිංසක මිනිසුන් ගැන මුහුණු පොතම සංවේදී කළ කතාව - Photos

- “මේ පුංචි උන්ට ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ හීනයක්..!!” - එදා වේල හොයාගන්නවත් බැරුව දුක් විඳින, අසරණකමේ අනන්තයටම ගිය අලින්ගෙනුත් බැට කන, අහිංසක මිනිසුන් ගැන මුහුණු පොතම සංවේදී කළ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
“මිනිස් ජීවිත හතක් දැනටම අලියෝ බිලිගෙන...”
“හෙට අනිද්දා වෙනකොට බොන්නත් වතුර නැතිවෙනවා..”

සරණක් අවැසි මිනිසුන් අතර සිටින අසරණකමේ අනන්තයටම ගිය පිරිසක්..

ඒ දුක්ඛිත කතාව අපිට අහම්බෙන් වගේ මුහුණු පොතෙන් හමුවුණා.. ඒ, මාදුරුඔය ජනහඬ සංවිධානය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් ලිපියක පිටුපස යමිනුයි.

පවුල් 1000කට එහා ජීවත් වන මේ ගම්මානය, අසරණ බවේ පතුලටම වැටුණු බවට තවත් අටුවා ටිකා අවශ්‍ය නොමැති බව, ඔබට මේ ඡායාරූප දිහා බැලුවම තේරේවී..

එදා වේල අමාරුවෙන් සරි කරගන්න මේ සමහරක් අම්මලා තාත්තලා, කුසගින්නේ වේලක් නොකා ඉන්න අවස්ථා ද නැතුවා නොවේ.

මේ අසරණයින් තවත් අසරණ කරවන "වනඅලි කඩාවැදීම්" වලටත් තවමත් විසඳුම් ලැබිලා නැහැ.



මෙවන් අවස්ථාවක සමාජ මාධ්‍යයේ එකතු වුනු තරුණ පිරිසක් මේ දුෂ්කර ගම්මානයට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට පිහිටක් වී තිබුණා.



"සිග්නල් කුළුණු" නැතිව අකුරු කරන්න වරම් නැතිවුණූ පුංචි පැටවුනුත් මේ ගම්මානයේ ඉන්නවා. ඒ පුංචි උන් බලධාරින්ගේ ඉල්ලා සිටින්නේ "ඔන්ලයින් අධ්‍යාපනය" කරන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසයි.

මේ ඒ ගැන ඒ ගමේම වෙසෙන ස්වාමීන් වහන්සේ නමක් කියූ කතාව... (කුරුළුබැද්ද, කවුඩාගල ගම්මානය)

"මෙහේ පාසල් හතක් විතර තියෙනවා. අධ්‍යාපන කටයුතු අඩාල වීමත් එක්ක මේ දරුවෝ හරිම අසරණයි. එදා වේල අමාරුවෙන් හම්බ කරන් කන පවුල්වල දරුවන්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කියන්නෙ හීනයක්. ඒ විතරක් නෙවෙයි මහත්තයෝ.. අලින්ගෙනුත් අපිට හරි කරදරයි. මේ වෙනකොටත් ජීවිත හතක් විතර අලි පහර දීලා නැතිවෙලා තියෙනවා. අලි ගම් වැදිලා ගෙවල්, ගස් කොළන් විනාශ කරලා යනවා. අලි වැටක් තිබුණා වුණාට ඒක හරියට නඩත්තු වෙන්නෙත් නැහැ. පානීය ජලයත් මෙහේ හිඟයි. හෙට අනිද්දා වෙනකොට බොන්න වතුර නැතිවෙලාම යනවා. මාර්ග පවා අබලන් වෙලා. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දේවල්වලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.."

මේ අතර, මාදුරුඔය ජනහඬ සංවිධානය, කන්දේගම ගම්මානයට අවශ්‍ය පහසුකම් සලසන මෙන් ඉල්ලමින්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ද ලිපියක් යොමු කර තිබුණා.

එම ලිපිය පහතින්...

ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය - 0774300840


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top