15 හැවිරිදි තම දියණිය දූෂණය කොට ගැබිණියක් බවට පත් කළ පියෙකු රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට තිබෙනවා.
දියණියගේ දරු ගැබට මාස 04ක් පමණ වන අතර දැරියගේ මව විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු බුස්ස පාවර ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙක්. මොහු තම බිරිඳගෙන් වෙන්වී වෙනම කුඩා පැල්පතක පදිංචිව සිටින අතර දියණිය එම පැල්පතට ගෙන්වා ගෙන දූෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇති බවත් සඳහන්. දියණිය තේ රැගෙන එන ලෙස පවසා ඇය ගෙන්වාගෙන දැනට වසර එකහමාරක කාලයක සිට මෙකී දැරිය සමග පියා අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු 44 හැවිරිදි වියේ පසුවන අයෙක්. මොහු දරුවන් 04 දෙනෙකුගේ පියෙකු වන අතර වෙන්වී සිටින මොහුගේ බිරිඳ වෙනත් විවාහයක් කරගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා.