Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
21
පුංචි රාළට කෝටියක් ප්‍රශ්න.. පුළුවන්නම් දෙමුකෝ බලන්න උත්තර..

- පුංචි රාළට කෝටියක් ප්‍රශ්න.. පුළුවන්නම් දෙමුකෝ බලන්න උත්තර..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,618 Views
සත්තු වත්තේ සිංහයාට කොවිඩ් හැදුනේ කොහොමද පුංචිරාළට මේක උභතෝකෝටික ප්රශ්ණයක්.
 
අනිත් එක සිංහයාට කොවිඩ් හැදෙන්නේ සත්තුව වත්ත වහල තියෙන කාලෙක.
 
එතකොට මේ ප්‍රශ්නය තවත් සංකීර්ණයි.
 
අගමුල පැටලුණු මේ ප්රශ්නය ලිහාගන්න කොහොමද කියලා හිත හිත ඉන්නකොට තවත් අලකලංචියක් ගැන ආරංචියක් ලැබුණා.
 
ඒක තමයි කර්මාන්ත ඇමති විමල් වීරවංශ යටතේ තිබුණු එප්පාවල ලංකා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගම වහාම ක්රියාත්මක වෙන පරිදි කෘෂිකර්ම අමාත්යංශයට පවරන්න කියලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා.

අනුරාධපුර දිස්ත්රික්කයේ තලාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති එප්පාවල,වර්ග කිලෝමීටර හතරක පමණ වපසරියක වසර මිලියන ගණනක් තිස්සේ තැන්පත් වුණු මෙට්රික් ටොන් මිලියන හැටක් විතර වෙන අතිවිශාල පොස්පේට් නිධියක් තියෙනවා.
 
මේක ඉස් ඉස්සෙල්ලම සොයා ගන්නේ 1970 විතර කාලෙදි.
 
මේ නිධිය සම්බන්ධයෙන් බොහොම බරපතළ ගැඹුරු පරීක්ෂණ සිදු කරපු භූ විද්යාඥයින් රජයට උපදෙස් දුන්නේ මේක අපේ රටේ පොස්පේට් ප්රශ්නෙට අවුරුදු ගණනාවක් විසඳුම් දෙන්න පුළුවන් මහාර්ඝ සම්පතක් කියලා.
 
ඒකත් එක්ක මේ පොස්පේට් නිධිය හරි විදිහට කළමනාකරණය කිරීම සඳහා රජයට අයිති සමාගමක් හැදෙනවා
 
පුංචිරාළට මතක විදිහට ඒ සමාගම හදන්නේ 1974 අවුරුද්දේ.
 
1990 අවුරුද්දේ දී මේ ආයතනය රජය සතු සීමිත සමාගමක් බවට පත්වෙන්නේ ලංකා පොස්පේට් ආයතනය නමින්.
 
එතන ඉඳලා මේ ලංකා පොස්පේට් සමාගම එප්පාවල තැන්පත් වෙලා තිබුණු මේ මහාර්ඝ සම්පත අවුරුද්දකට මෙට්රික් ටොන් 45000 වගේ වෙන්න බොහොම ක්රමානුකුලව කළමනාකරණය කරගෙන ගියේ ලංකාවේ හැමෝටම මෙහි ප්රතිලාභ සමසේ බෙදී යන විදිහටයි.
 
1977 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය නිදහස් වෙළෙඳ ආර්ථික රටාවක් අපේ රටට අඳුන්වලා දුන්නා.
 
මේකත් එක්ක තමයි අපේ රටේ සාම්ප්රදායික කෘෂි කර්මාන්තයට බරපතළම බලපෑම එල්ල වුණේ.
 
කොහොමින් කොහොමින් හරි 1984 විතර වෙනකොට මේ එප්පාවල තියෙන නිධානය ගැන ඇස ගසා ගෙන හිටපු ඇමරිකානු සමාගමක් රජය සමග හවුල් ව්යාපාරයක් විදිහට මේ නිධියේ කැණීම් කරන්න අවසර ඉල්ලුවා.
 
පුංචිරාළ මේ කොම්පැණියේ නම් හොඳටම මතකයි ඒක තමයි freeport mac mo කියන සමාගම.
 
මේ අය මේ නිධියේ අයිතිය ගන්න සෑහෙන්න දත කෑවා.
හැබැයි මේකෙ වටිනාකම් දැන් ගත්ත අපේ රටේ ගොවි ජනතාව වගේම තවත් බොහෝ පිරිසක් එප්පාවල පොස්පේට් නිධිය රැකගන්න එකා වගේ පෙළ ගැහුනා.
 
වසර ගණනාවක් තිස්සේ ඇදිලා ගිය මේ සටන ඉවර වෙන්නෙ අධිකරණයේ ගොනු වෙන නඩුවකට 2000 වසරේදී දෙන ඓතිහාසික තීන්දුවක් සමගින්.
 
මේ ගෙවී ගිය කාලය ඇතුළත බලයට ආ හැම ආණ්ඩුවක්ම පොස්පේට් නිධිය විකුණලා කීයක් හරි සාක්කුවෙ දාගන්න උත්සාහ කරා.
 
නමුත් රටෙත් රටේ ගොවි ජනතාවගේත් වාසනාවට ඒ දේ කරගන්න කිසිම දේශපාලන හයි කාරයකුට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.
 
ඒ රටේ පොදු මහජනතාව මේ සටනේදී සැමවිටම ඔවුන්ට ඉදිරියෙන් සිටි නිසා.
 
මහා ලොකු ලාභ නැතිවුනත් ලංකා පොස්පේට් සමාගම අඩු වැඩි වශයෙන් දේශීය ආර්ථිකයට යම් කිසි හයියක් එකතු කරා.
 
හැබැයි යහපාලන රජය සමයේ එප්පාවල ලංකා පොස්පේට් නිධිය ලාභ ලබන ආයතනයක් වුණේ නම් නෑ.
 
ඒ අතරින් පොස්පේට් සමාගම ඉතිහාසයයේ දැවැන්තම අලාභය වාර්තා කළේ අලාභය වාර්තා කළේ 2016 අවුරුද්දේදී.
 
2016 අවුරුද්දේ ලංකා පොස්පේට් සමාගම වාර්තා කරලා තිබුණු අලාභය රුපියල් මිලියන 80.88ක්.
2017 දී පොස්පේට් සමාගම ලබන පාඩුව රුපියල් මිලියන 14,44ක්.
 
2018 දී රුපියල් මිලියන 5.30ක් පාඩු විඳිනවා.
2019 දී මෙම පාඩුව මිලියන 25.1 ක් දක්වා ඉහළ යනවා
 
ලංකා පොස්පේට් සමාගම මේ සියලු පාඩුවේ අත්විදින්නේ යහපාලන රජය සමයේ මේම සමාගම කෘෂිකර්ම අමාත්යංශ පරිපාලනය යටතේ පැවති පසුබිමක් යටතේයි.
 
2020 බලයට එන අලුත් රජය නැවතත් ලංකා පොස්පේට් සමාගම කලින් එහි හිමිකාරීත්වය තිබුණු කර්මාන්ත අමාත්යංශයට පැවරෙනවා.
 
පුංචිරාළට මතක විදිහට ඒක සිද්ධ වෙන්නේ 2000 වර්ෂයේ අග භාගයේදී වාගේ.
 
එතන ඉඳලා වසරක් විතර වගේ කාලයක් ඇතුලත හතරගාතෙ වැටිලා තිබුනා එප්පාවල පොස්පේට් සමාගම නැවතත් ලාභ ලබන තත්වයට ගේන්නට කර්මාන්ත අමාත්යවරයා විදිහට කටයුතු කරපු විමල් වීරවංශගේ දර්ශනය සමත් වුණා කියන එක තමයි පුංචිරාළගේ අදහස.
 
එප්පාවල පොස්පේට් සමාගමේ අලුත් සභාපති සභාපතිතුමා කාර්යය මණ්ඩලයත් කර්මාන්ත අමාත්යංශයේ ලේකම්වරයාත් අමාත්යවරයාත් එක්ක මේ නිදා සිටි යෝධයා ගොඩගන්න දිවා රෑ නොබලා වෙහෙසුනා.
 
අලුත් කලමනාකරනයේ පළමු කාර්යභාරය වුනේ එප්පාවල පොහොරවලට අගය එක් කිරීමයි.
 
ඒ සංකල්පය අනුව තමයි එප්පාවල රොක් පොස්පේට් අලුත් ඇසුරුමක් එක්ක වෙළඳපොළට එන්නෙ.
 
ඒත් සමගම ලංකාවේ අනිකුත් පොහොර සමාගම් වලට ලබාදුන් පොස්පේට් පොහොර තොග වශයෙන් ලබා දීම සීමා කෙරෙනවා.
 
ඒ එප්පාවල පොස්පේට් නිධියේ සියලු සම්පත් ලංකා පොස්පේට් සමාගම හරහා ම අලෙවි කර උපරිම ලාභ උපයා ගැනීමේ අරමුණ ඇතිවයි.
 
පොස්පේට් සමාගම මෙතනින් නැවතුණේ නෑ ''අපිට පොහොර අපිම හදා ගමු'' තේමාව යටතේ කාබනික පොහොර වලට එකතු කරන්න පුළුවන් එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ එකක පැකට්ටුවක් හඳුන්වා දෙන්නටත් ඔවුන්ට හැකි වුණා.
 
සාමාන්යයෙන් කාබනික පොහොරවල නයිට්රජන් හා පොටෑසියම් ප්රමාණවත් මට්ටම්ක තියෙනවා.
 
හැබැයි කාබනික පොහොර වල අඩුවෙන්ම තියෙන්නෙ පොස්පරස් (phosphorous) කියන සංඝටකය.
 
මේ අඩුපාඩුව මකන්න තමයි එප්පාවල රොක් පොස්පේට් කුඩා පැකට්ටුව වෙළඳපොළට හඳුන්වා දුන්නේ.
 
ඊට අමතරව මේ කෙටි කාලය තුළ පොස්පේට් සමාගම ක්සේස්තරයේ ප්රවීනයන්,වෛද්යවරුන් සහ පරීක්ෂකයින් එක්කර ගනිමින් ජෛව හරිත පොස්පේට් නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්යාපෘතියක් ආරම්භ කිරීමටත් තීරණය කරලා තිබුණා.
 
ඒ වෙනුවෙන් අවශ්ය පර්යේෂණ කටයුතු සිදු කර නිෂ්පාදනය සදහා සියලු පසුබිම සකස් කර ඒ සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමටත් මේ මාසේ 23 දා වෙනකොට කර්මාන්ත අමාත්යංශය සූදානම් වෙලයි තිබුණේ.
 
ලංකා පොස්පේට් සමාගම විමල් වීරවංශ ඇමතිවරයාගේ කර්මාන්ත අමාත්යංශය යටතට පත් වීමත් සමඟම ගෙවුණු වසරකට වැඩි කාලය තුළම මේ සමාගමට එකම අලුත් සේවකයෙක් වත් බඳවා ගත්තෙ නැත්තෙ ඒ වෙනකොටත් ලංකා පොස්පේට් සමාගම වැටිලා තිබුණු දැඩි මූල්ය අර්බුද පිළිබඳව පැහැදිලි අවබෝධයක් අමාත්යවරයාට තිබුණු නිසාවෙන්.
 
මේ හැමදේම කරලා දණින් වැටිලා තිබුණු සමාගම කකුල් දෙකෙන් හිටෙව්වාට පස්සේ ඒ සමාගම ගලවලා ආයෙත් 2016 තිබුන තැනට ගෙනියපු එක තාමත් පුංචිරාළට හිතාගන්න බැරි දෙයක්.
 
මෙහෙම වෙන්නේ ඇයි.
 
සමහර විට දැන් රට පුරා තුරඟ වේගයෙන් ක්රියාත්මක කරන්ඩ සූදානම් වෙන රසායනික පොහොර ඉවත් කරන සංග්රාමයට හයියක් එකතු කරගන්න මේක කරා වෙන්නත් පුළුවන්.
 
කෘෂිකර්ම අමාත්යංශය රට පුරාම බොහොම වේගයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙළක් දියත් කර ගෙන යනවා.
 
පුංචිරාළ ට හිතෙන්නේ කාබනික පොහොරවලට අඩු වෙලා තියෙන පොස්පරස් කියන සංඝටකය ලේසියෙන්ම එකතු කරගන්න මේ සමාගම කෘෂිකර්ම අමාත්යංශය එකතු කරා කියලා.
හැබැයි ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්යංශය යටතේ තියාගෙනත් ඒ වැඩේ කරන්න තිබුණා.
 
එහෙමනං මේ සිද්ධ වෙන්නේ තවත් අමණ දේශපාලන මෝඩකමක්ද.
 
ඒකට උත්තරේ තව ටික දවසකින් ලැබෙයි.
 
හැබැයි ඒ උත්තර ලැබෙනකොට කරපු වැරදි ආපහු ඇතුන් ලවා වත් අදින්න බැරි තැන්කට ගිහිල්ලා තිබ්බොත් ඒකට වග කියන්නේ කව්ද.
 
රට කරවන ඇත්තන්ට හරි තීන්දු හරි තීරණ ගන්න නිවැරදි උපදෙස් තවමත් ලැබෙන්නෙ නෑ කියලයි පුංචිරාලට නං හිතෙන්නෙ.
මේක අපේ අවාසනාව ද නැත්නම් රටේ අවාසනාවද .
 
මේක හිත හිත ඉන්නකොට පුංචිරාළ ට දන්නෙම නැතුව නින්දත් ගියා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top