ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ බලු සුරතලා වන චෑම්ප් මියගොස් තිබෙනවා.
පසුගිය සෙනසුරාදා මෙම බලු සුරතලා මියගොස් ඇති අතර ඔහුට වයස අවුරුදු 13 ක් බවයි විදෙස් මාධ්ය වාර්තා කර තිබෙන්නේ.
"අද අපේ හදවත් බරයි" යනුවෙන් ශෝකයේ ගැඹුර සටහන් කරමින් ජනාධිපති ආර්යාව පවසා ඇත්තේ මෙම බලු සුරතලා නිවසේදීම මියගොස් ඇති බවයි.