මඩකලපුව - එරාවුර් නගරය ආසන්නයේ මිච්නගර් ප්‍රදේශයේදී සංචරණ සීමා කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු දණගැස්සවීමේ සිද්ධියකට අදාළව හමුදා නිලධාරියෙකු සහ සැරයන්වරයෙකු පරීක්ෂණ නිමවන තෙක් තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
අදාළ හමුදා නිලධාරියා සහ සැරයන්වරයා දැනට එරාවුර් ප්‍රදේශයේ හමුදා අනුකණ්ඩයක රාජකාරියේ නිරතවන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
අදාළ පිරිස සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක එරාවුර් නගරයේ ආපනශාලාවක් විවෘත කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් එහි රැඳී සිට තිබෙනවා.
මීට පෙරද අවස්ථා කිහිපයකදී අදාළ වෙළඳසැලේ හිමිකරුට සහ එහි පැමිණෙන පුද්ගලයින්ට ඊට අදාළව අවවාද කර ඇත්තේ සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වෙළඳසැළ විවෘත නොකරන ලෙසටයි.
එහෙත් එම අවවාද සහ උපදෙස් පිළි නොපදිමින් එම පිරිස වෙළඳසැලට පැමිණ ආහාර ලබාගෙන ඇති බවටයි වාර්තාවන්නේ.
මේ පිළිබඳව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ද අවස්ථා කිහිපයකදි දැනුවත් කර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම පිරිස මාර්ගයේ දණ ගස්සවා ඇති බවට වාර්තාවන්නේ.