දකුණු ඉන්දිය සුපිරි නළුවෙකු වන සුපර් ස්ටාර් රජිනිකාන්ත් හදිසියේ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
රජිනි, මෙලෙස අමෙරිකාව බලා ගොස් ඇත්තේ, සිය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීම සඳහා බවයි සිනමා මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔහු වාර්ෂිකව අදාළ සෞඛ්‍ය පරීක්ෂණය සඳහා යොමු වන බව ද සඳහන්.
ලොව පුරා ව්‍යාප්තවෙමින් තිබු කොරෝනා තත්ත්වය සහ ගුවන් ගමන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් රජිනිකාන්ත් හට පසුගිය වසරේදී එම පරීක්ෂණයට සහභාගීවිමට හැකි වුණේ නැහැ.
රජිනිකාන්ත් සිය බිරිඳ වන ලතා සමඟින් ඊයේ දිනයේදී අමෙරිකාව බලා පිටත්ව ගියා.
සිය වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව සිය බෑණා වන ජනප්‍රිය නළු දනුෂ්ව හමුවීමට ද ඔහු සැලසුම් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
Netflix සමාගම නිෂ්පාදනය කරන Gray Man චිත්‍රපටියේ රූගත කිරීම් සඳහා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි සිදු වන අතර ඊට දනුෂ් ද රංගනයෙන් දායක වනවා.
රජිනිකාන්ත් රංගනයෙන් දායක වූ "Annaatthe" චිත්‍රපටියේ රූගත කිරීම් මේ වනවිට අවසන්වී තිබෙන අතර එය දීපාවලි දිනයේදී තිරගත කිරීමට නියමිත බව ද සඳහන්.